13-year-old missing cat returns home after 10 years on owner's 30th birthday

13-year-old missing cat returns home after 10 years on owner's 30th birthday

අතුරුදහන් වී වසර 10ට පසුව පූස් සුරතලෙකු හිමිකරුගේ 30 වන උපන් දිනයේ දවසේ නැවත පැමිණෙයි.

වේල්සයේ Caerphilly ප්‍රාන්තයේ පදිංචිව සිටින පවුලකට මීට වසර 10 කට පෙර අහිමි වූ Charlie නමැති සුරතල් බළලා නැවතත් ඔවුන්ට හමුවීමේ අතිශය සංවේදී පුවතක් වාර්තා වනවා. 2016 වසරේ අප්‍රේල් මාසයේදී Lucy Robertson සහ ඇයගේ සහෝදරිය වන Hannah විසින් Newbridge හි සිට Abercarn ප්‍රදේශයට පදිංචියට ගොස් සුළු කාලයකින් අනතුරුව වයස අවුරුදු 3 දී මෙම බළලා අතුරුදන් වී තිබුණා. මාස ගණනාවක් පුරා ඔවුන් මෙම බළලාව සෙවූවද කිසිදු තොරතුරක් සොයාගැනීමට හැකි වී තිබුණේ නැහැ.

පසුගිය ජූලි 29 වනදාට යෙදී තිබුණු Lucy Robertson ගේ 30 වන උපන්දිනය දවසේදී Abercarn හි පශු වෛද්‍ය සායනයකින් Hannah වෙත දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා. ප්‍රදේශවාසියෙකු විසින් අදාළ බළලාව සති කිහිපයක් පුරා රැකබලා ගෙන පසුව පශු වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගොස් ඇති අතර, එහිදී බළලාගේ සිරුරේ සවිකර තිබූ මයික්‍රොචිපය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි අඩංගු වී තිබූ Hannah ගේ දුරකථන අංකය හරහා මෙලෙස ඔවුන්ව සම්බන්ධ කරගැනීමට වෛද්‍යවරුන් සමත් වී තිබුණා.

වසර 10 කට පසුව වුවද Charlie ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, තම අයිතිකරුවන්ව දුටු විගස බළලාට ඔවුන්ව හඳුනාගැනීමට හැකි වූ බවත් සඳහන් වනවා. මේ වන විට Newport ප්‍රදේශයේ පදිංචිව සිටින මෙම පවුල සමග Charlie නැවතත් ඉතා සතුටින් ජීවත් වන අතර, සුරතල් සතුන් සඳහා මයික්‍රොචිප් තාක්ෂණය භාවිත කිරීමේ වැදගත්කම මෙම සිදුවීම හරහා සමාජයට මනාව පැහැදිලි වී තිබෙනවා.