Stranger Things premiered 10 years ago today.

Stranger Things premiered 10 years ago today.

අතිශය ජනප්‍රිය Stranger Things කතාමාලාව විකාශය ආරම්භ වී අදට වසර 10ක් සපිරෙයි. The Duffer Brothers (Matt සහ Ross Duffer) විසින් නිර්මාණය කරන ලද මෙම කතාමාලාව 2016 වසරේ ජූලි 15 වනදා Netflix ඔස්සේ විකාශය ආරම්භ කර පුරා වසර 9ක් කතාසමයන් 5ක් කතාංග 42ක් විකාශය කරමින් 2025 වසරේ දෙසැම්බර් 31 වැනිදා විකාශය අවසන් කරන ලදී.

Prime Time Emmy, Golden Globe, Grammy වැනි ජනප්‍රිය සම්මාන උළෙලවල් වලදී සම්පූර්ණ සම්මාන 324ට නිර්දේශ වෙමින් එයින් 113ක් දිනාගැනීමට සමත්ව තිබෙනවා. එයින් Primetime Emmy සම්මාන 57කට නිර්දේශ වී 12ක් ජයග්‍රහණය කර තිබෙනවා. Netflix හි වැඩියෙන්ම නැරඹූ ඉංග්‍රීසි කතාමාලාවන්ගෙන් එකක් බවට පත්වීමටද මෙම Stranger Things කතාමාලාව සමත් වී තිබෙනවා.