Avengers: Doomsday Trailer Breakdown – Multiverse එකේ අලුත්ම කතාව සහ අපි Miss කරපු රහස්

Avengers: Doomsday Trailer Breakdown – Multiverse එකේ අලුත්ම කතාව සහ අපි Miss කරපු රහස්

​අපි සෑහෙන කාලයක් තිස්සේ බලාගෙන හිටපු Avengers: Doomsday trailer එක කිසිම පෙර දැනුම් දීමක් නැතුව San Diego Comic-Con එකටත් කලින් එළියට ආවා. ඇත්තටම මේක hype එකක් හදන්න විතරක් හදපු trailer එකක් නෙවෙයි. මම මේ article එක ලියන්නේ trailer එක ඇතුළේ තියෙන මට නොට් වෙච්චි දේවල් ගැන ඒවගෙ ලුණු ඇඹුල් හදන එක ඔයාලට බාරයි. ඉතින් 2026 දෙසැම්බර් 18 වැනිදා release වෙන්න තියෙන මේ movie එක Marvel Cinematic Universe එකේ ගමන් මාර්ගය සම්පූර්ණයෙන්ම වෙනස් කරන බව මේ trailer footage එකෙන් පැහැදිලිවම පේනවා. ඉතින් කියවලා ලුණු ඇඹුල් තියලා යං.

​Trailer එක ආරම්භ වෙන්නේ අපි කවුරුත් බලාපොරොත්තු නොවුණු විදියක voiceover එකකින්. ඒ තමයි Robert Downey Jr. රඟපාන Doctor Doom ගේ කටහඬ. මෙතනදී ගොඩක් අයට miss වුණු වැදගත්ම දේ තමයි Doom ගේ tone එක සහ ඔහු පාවිච්චි කරන accent එක. සාමාන්‍යයෙන් Marvel villain කෙනෙක් trailer එකකදී කරන්නේ ලෝකය විනාශ කරනවා කියලා threat එකක් දෙන එක වුණාට, Doom මෙතනදී කරන්නේ warning එකක් දෙන එක. ඔහු කියනවා මොකක් හරි මහා විනාශයක් එන්න තියෙනවා, ඒක අපිට වළක්වන්න බැරි වෙයි, ඒ වගේම මේ දවස ඉවර වෙන්න කලින් අපිට කිසිම කෙනෙක් හිතන්නේ නැති අමාරු තීරණයකට මුහුණ දෙන්න වෙනවා කියලා. Comic blocks වල තියෙන විදියටම ඔහු ලාක්ෂණික Eastern European නැත්තම් Latverian accent එකක් මෙතනදී පාවිච්චි කරනවා. පසුබිමෙන් ගිනිදැල් පෙනෙන එළිමහන් තැනක ඔහු දණහිසින් වැටිලා ඉන්න රූප රාමුවෙන් අපිට තේරෙන්නේ, Thanos වගේම Doom කියන්නෙත් නිකන්ම නපුරු චරිතයක් නෙවෙයි කියන එක. ඔහු හිතන්නේ මේ මුළු Multiverse එකම බේරගන්න නම් මේ වගේ දරුණු තීරණ ගන්නම ඕනේ කියලා වෙන්න පුළුවන්. ඒ නිසා ඔහු Earth එකේ heroes ලාට මේ දෙන අනතුරු ඇඟවීම මුළු කතාවේම core plot එක පැහැදිලි කරනවා.​

ඊට පස්සේ අපිට දකින්න ලැබෙන්නේ Xavier’s School for Gifted Youngsters එකේ කැඩිලා බිඳිලා ගිය Board එක. මේකෙන් පැහැදිලි වෙනවා X-Mansion එකට දැනටමත් ලොකු ප්‍රහාරයක් එල්ල වෙලා කියලා. මන්දිරය ඇතුළේ ඉන්න Professor X, ඒ කියන්නේ Patrick Stewart, අහසේ තියෙන අමුතුම ආලෝක ධාරාවක් දිහා ඇස් ආවරණය කරගෙන බලාගෙන ඉන්නවා. මේ sequence එක ඇතුළේ අපි හිතපු නැති ආකාරයේ fight scenes කිහිපයක්ම දකින්න ලැබෙනවා. Simu Liu ගේ Shang-Chi සහ Channing Tatum ගේ Gambit අතර X-Mansion එක ඇතුළේම ලොකු සටනක් යනවා. ඒ වගේම Sam Wilson ගේ Captain America, Reed Richards, Yelena Belova සහ H.E.R.B.I.E. කියන රොබෝ චරිතයත් මේ සටන මැද ඉන්නවා අපිට පේනවා. මෙතනදී ගොඩක් අයට miss වුණු ලොකුම easter egg එකක් තමයි Yelena Belova එක්ක සටන් කරන Rebecca Romijn ගේ Mystique එකපාරටම සටන අතරතුරදී Yelena ගේ රූපයටම shapeshift වෙන එක. මේ සටන ඉවර වෙන හරියේදී James Marsden ගේ Cyclops දණහිසින් වැටිලා කෑගහගෙන තමන්ගේ optic blasts මුදාහරින දර්ශනය ඇත්තටම ගොඩක් emotional. හැබැයි ඒ shot එකේ background එක දිහා හොඳට බැලුවොත්, යකඩ කණු වගේ පේන විශාල කකුල් දෙකක් ඇවිදගෙන යනවා පේනවා. ඒ කියන්නේ X-Mansion එක විනාශ කරන්නේ යෝධ Sentinel රොබෝවරු හෝ වෙනත් විශාල cosmic threat එකක් කියන එක පැහැදිලියි. මේ ඔක්කොම විනාශයන් මැද Professor X සහ Ian McKellen ගේ Magneto අත් අල්ලගෙන සහෝදරයෝ වගේ එකතු වෙන දර්ශනයෙන් පේනවා, මේ එන අනතුර ඉදිරියේ පැරණි තරහවල් පැත්තකට දාන්න මුළු Mutant වර්ගයාටම සිද්ධ වෙලා කියලා.

​කතාවේ ඊළඟ කොටස දිග හැරෙන්නේ New Avengers Tower එක ඇතුළේ. Chris Hemsworth ගේ Thor විසින් Fantastic Four කණ්ඩායම, ඒ කියන්නේ Pedro Pascal ගේ Reed Richards, Vanessa Kirby ගේ Sue Storm, Ebon Moss-Bachrach ගේ The Thing සහ Joseph Quinn ගේ Johnny Storm ව මේ Tower එකට කැඳවාගෙන එනවා. එතනදී Thor මුළු කණ්ඩායමටම දෙන warning speech එකෙන් මේ threat එකේ බරපතලකම අපිට හොඳටම තේරෙනවා. ඔහු කියනවා ඔහුගේ ජීවිත කාලය පුරාවටම මේ ඉන්න ඔක්කොම heroes ලාට වඩා ශක්තිමත් රණශූරයෝ ඔහු දැකලා තියෙනවා, හැබැයි ඒ අය පවා මේ දැන් එන්න තියෙන අනතුරට වඩා ගොඩක් අඩු මට්ටමේ සතුරන් අතින් මරණයට පත් වුණා කියලා. මේ කතාව අහගෙන ඉන්න Tower එක ඇතුළේ ඉන්න පිරිස කණ්ඩායම් වශයෙන් වෙන් වෙලා ඉන්න හැටි පේනවා. Yelena Belova, Ghost, John Walker නැත්තම් U.S. Agent සහ Alexei Shostakov කියන Red Guardian ඇතුළු Thunderbolts කණ්ඩායම එක පැත්තක ඉන්නවා. අනෙක් පැත්තෙන් Sam Wilson, Bucky Barnes සහ Scott Lang වගේ පැරණි Avengers ලා ඉන්නවා. මේ ආතතිය මැද පවා Scott Lang තමන්ගේ දුව Cassie Lang ව බදාගන්න එක සහ Johnny Storm සහ Sue Storm සහෝදරයෝ දෙන්නා වැළඳගන්න දර්ශන වලින් පැහැදිලි වෙන්නේ, මේ සටනින් පස්සේ කවුරු ජීවත් වෙයිද කියන එක ගැන ඒ චරිත ඇතුළේ පවා ලොකු බියක් තියෙන බවයි.​

Wakanda සහ Talokan අතර තියෙන scene එක තමයි trailer එකේ තියෙන තවත් critical සහ technical details ගොඩක් හැංගිලා තියෙන තැනක්. Letitia Wright ගේ Shuri සහ Winston Duke ගේ M’Baku ඇතුළු Wakandan හමුදාව, Tenoch Huerta Mejía ගේ Namor සහ ඔහුගේ Talokanil හමුදාව එක්ක මුණගැසෙනවා. මෙතනදී සාමාන්‍යයෙන් මුහුදෙන් එළියට එන්න කැමති නැති Namor, ගොඩබිම තියෙන ගොඩනැගිල්ලක සිංහාසනයක ඉඳගෙන ඉන්නේ ඇයි කියලා බැලුවොත්, ඒ ගොඩනැගිල්ලේ ජනේල වලින් එළිය පේන විදියට මුහුදු ජලය මොකක් හරි force field එකකින් හෝ බැරියර් එකකින් රඳවගෙන ඉන්නවා වගේ පේනවා. ඒ කියන්නේ මුහුදට එල්ල වුණු දැවැන්ත multiversal threat එකක් නිසාම තමයි Namor මේ සටනට එකතු වෙලා ඉන්නේ. Wakandan සහ Talokanil හමුදා අතර තවමත් ලොකු ආතතියක් තියෙනවා, ඕනෑම වෙලාවක මේ දෙගොල්ලෝ මරාගන්න මට්ටමේ තමයි ඉන්නේ. හැබැයි මේ දර්ශනයේ background එකේ Ben Grimm, Sue Storm, Bucky Barnes, Ghost සහ Joaquin Torres කියන Falcon චරිත ඉන්නවා බලාගන්න පුළුවන්. Comic history එක දන්න අයට මෙතන ලොකු easter egg එකක් තියෙනවා. දෙවන ලෝක යුද්ධ කාලයේදී Namor සහ Bucky Barnes එකට සටන් කරපු Invaders කණ්ඩායමේ සාමාජිකයෝ. ඒ වගේම Namor සහ Sue Storm අතර comic පොත් වල තියෙන සංකීර්ණ සම්බන්ධයත් මෙතනදී live action screen එක මත දැකගන්න ලැබෙන එක විශේෂයි. ඒ වගේම M’Baku සහ The Thing අතට අත දෙන දර්ශනයෙන් අලුත්ම power duo එකක් හැදෙන බව පේනවා. හැබැයි ඇත්තටම බැලුවොත්, Joaquin Torres සහ Bucky Barnes වගේ චරිත trailer එකේ background එකට විතරක් සීමා වෙලා තියෙන එකෙන්, මේ චරිත වලට movie එකේ මුල් භාගයේදී මොකක් හරි නරක ඉරණමක් අත් වෙයිද කියන සාධාරණ සැකයක් ඇති වෙනවා.

​ඊළඟට අපිට මුණගැසෙන්නේ Tom Hiddleston ගේ Loki. Loki season 2 අවසානයේදී ඔහු God of Stories බවට පත් වෙලා මුළු Multiverse එකේම timeline අතු කාලයේ අවසානයට වෙලා තනියම අල්ලගෙන හිටියා අපිට මතකයි නේ. හැබැයි මේ trailer එකේදී ඔහු තමන්ගේ පරණ TVA identification card එක අතින් කරකවමින් ඉන්නවා දකින්න ලැබෙනවා. මෙතන තියෙන ලොකුම detail එක තමයි ඒ TVA card එකේ පිටිපස්සේ Yggdrasil කියන මුළු Multiverse ගසම කෙටුව වගේ සටහන් වෙලා තියෙන එක. Loki තමන්ගේ සිංහාසනයෙන් නැගිටලා මෙහෙම එළියට ඇවිත් ඉන්නේ ඇයි කියන එක ලොකු ප්‍රශ්නයක්. එක්කෝ Doctor Doom ගේ ක්‍රියාකාරකම් නිසා මුළු Multiverse ගසම විනාශ වීගෙන යනවා, එහෙමත් නැත්තම් Doom කියපු warning එකට කෙලින්ම සම්බන්ධ ලොකු අර්බුදයකට විසඳුම් හොයන්න Loki ට සිද්ධ වෙලා තියෙනවා කියන එක මේකෙන් පැහැදිලි වෙනවා.

​Trailer එකේ climax එකට එද්දී අපිට දකින්න ලැබෙන්නේ Thor සහ Doctor Doom අතර වෙන සෘජු ගැටුමයි. කැඩිලා වැටුණු පිළිම සහ නටබුන් පිරුණු සටන් බිමකට Thor අකුණු සැරයක් වගේ කඩාගෙන වැටෙනවා. ඔහු තමන්ගේ කතාව අවසන් කරන්නේ, අපිට මේ සටනින් දිනන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රාතිහාර්යයක්, ඒ කියන්නේ miracle එකක් ඕනේ කියලා. ඊට පස්සේ Thor තමන්ගේ Stormbreaker පොරව මුළු වෙර යොදලා Doctor Doom ගේ හිසට එල්ල කරනවා. ඕනෑම සතුරෙක්ව දෙකඩ කරන්න පුළුවන් මේ පහර, Doctor Doom තමන්ගේ ඇඟිලි දෙකක් විතරක් පාවිච්චි කරලා කිසිම අපහසුවක් නැතුව නවත්තනවා. මේක තමයි මුළු trailer එකේම තියෙන realistic ම සහ බියකරුම moment එක. Thor කියන්නේ MCU එකේ ඉන්න බලවත්ම දෙවි කෙනෙක්. එහෙම කෙනෙක්ගේ උපරිම ප්‍රහාරයක් ඇඟිලි දෙකකින් නවත්තන්න පුළුවන් කියන්නේ, Doctor Doom ගේ බලය සාමාන්‍ය මට්ටමක නෙවෙයි තියෙන්නේ. ඔහු මුළු Multiverse එකේම ශක්තිය තමන්ට ඕනේ විදියට හැසිරවිය හැකි මට්ටමක ඉන්න බව මේ එක රූප රාමුවෙන් Marvel අපිට ඔප්පු කරලා පෙන්වනවා.

​හැබැයි මේ මුළු trailer එකම ඉවර කරන button scene එක, ඒ කියන්නේ අවසාන දර්ශනය, අපිට emotional shock එකක් දෙනවා. Thor ප්‍රාතිහාර්යයක් ඕනේ කියලා කියපු ගමන්ම, කැමරාවෙන් පිටත ඉන්න කෙනෙක් ළඟට ඇවිදගෙන යනවා. එතකොටම අපිට ඇහෙනවා Hey pal කියලා කවුරුහරි කතා කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි, Chris Evans ගේ Steve Rogers. ඔහු Infinity War එකේ හිටියා වගේම දිග කොණ්ඩයක් සහ රැවුලක් වවාගෙන තමයි ඉන්නේ. මෙතන තියෙන ලොකුම පුදුමය ඒක නෙවෙයි, Steve Rogers කිසිම ගාණක් නැතුව Mjolnir මිටිය තමන්ගේ අතට ගෙන්වා ගන්න එක. ඒක දැක්කම Thor ට පවා හිතාගන්න බැරුව It is not possible කියලා රහසින් කියවෙනවා. Endgame එකෙන් පස්සේ අවසන් වුණු Steve Rogers ගේ ගමන ආපහු පටන් ගත්තේ කොහොමද, ඔහු කොයි timeline එකේ ඉඳන්ද ආවේ, සහ ඇයි ඔහු මේ වෙලාවේ මිටියත් අරගෙනම පෙනී හිටියේ කියන ප්‍රශ්න ඔක්කොම ඉතුරු කරලයි මේ trailer එක අවසන් වෙන්නේ.

ඕක තමා overall trailer එකේ කතන්දරේ. Doomsday කියන්නේ නිකන්ම පරණ characters ටිකක් දාලා fan service දෙන්න හදන එකක් නෙවෙයි කියලා නම් පැහැදිලියි. Marvel ලා මෙදා පාර සෑහෙන්න dark, realistic route එකකට තමා බහින්නේ.​

December 18 වෙනකන් තව මොන මොන details එයිද දන්නේ නෑ. අලුත් මොනවහරි leak වුණොත් හෝ update එකක් ආවොත් ආයෙත් මේ වගේම සෙට් වෙමු!

Admin: Adithya Bandara