Veteran Indian actor Pradeep Rawat passes away after battling cancer

Veteran Indian actor Pradeep Rawat passes away after battling cancer

ගජිනි චිත්‍රපටයේ දුෂ්ඨයාගේ චරිතය සඳහා පණ පෙවූ දුෂ්ඨ චරිත සඳහා ජනප්‍රිය ඉන්දියානු නළු ප්‍රදීප් රාවත් පිළිකාවක් හේතුවෙන් මිය යයි

Ghajini සහ Lagaan වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපට හරහා ලොව පුරා ප්‍රේක්ෂකයින්ගේ දැඩි ආදරයට පාත්‍ර වූ ප්‍රවීණ ඉන්දියානු රංගන ශිල්පී Pradeep Rawat පිළිකා රෝගයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහුගේ කළමනාකරු විසින් මාධ්‍ය වෙත මෙම අභාවය නිල වශයෙන් තහවුරු කර ඇති අතර, කාලයක් පුරා පිළිකා රෝගයක් සමග සටන් කරමින් සිටි ඔහු අවසානයේ මෙලෙස සිය ජීවන ගමනට සමු දී තිබෙනවා. මිය යන විට ඔහු
74 වැනි වියේ පසු විය. ඔහුගේ අවසන් කටයුතු බදාදා දිනයේදී සිදු කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

විශේෂයෙන්ම ලාංකීය ප්‍රේක්ෂකයින් අතරද Ghajini චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ටයාගේ චරිතය හරහා අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටි ඔහුගේ මෙම හදිසි අභාවයත් සමගින් සිනමා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු මෙන්ම ලොව පුරා රසිකයින් ද සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට සිය ශෝකය ප්‍රකාශ කරමින් සිටිනවා.

ඔබට සුභ ගමන් 💐