Tamil Nadu government plans to serve chicken biryani to school students once a week

තමිල් නාඩු මහ ඇමති තලපත් විජේ විසින් එරට පාසල් සිසුන් සඳහා සතියකට වරක් චිකන් බිරියානි ලබා දීමට තීරණය කරයි
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති තලපත් විජේ විසින් එරට රජයේ පාසල්වල ඉගෙනුම ලබන සිසුන් සඳහා සතියකට වරක් දිවා ආහාරය ලෙස චිකන් බිරියානි ලබා දීමට සැලසුම් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පාසල් සිසුන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමේ සහ දරුවන්ව පාසල් වෙත ආකර්ෂණය කරගැනීමේ අරමුණින් මෙම නවතම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා. මෙම තීරණයත් සමගින් එරට රජයේ පාසල් සිසුන්ට ඉතා රසවත් ආහාර වේලක් භුක්ති විඳීමට අවස්ථාව හිමිවන අතර, බොහෝ දෙනෙකු මෙම අපූරු තීරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිය ප්‍රසාදය පළකර ඇති බවද වැඩිදුරටත් වාර්තා වනවා.
මීට පෙර තලපත් විජේ විසින් රජයේ රෝහල් වල අලුතෙන් උපදින දරුන්වන් සඳහා රත්තරන් මුද්දක් ලබා දීමේ වැඩ පිළිවෙකල්ද ආරම්භ කළා.