Spider-Man: Brand New Day becomes highest-grossing Hollywood film in Sri Lanka history with 248 million LKR

Spider-Man: Brand New Day becomes highest-grossing Hollywood film in Sri Lanka history with 248 million LKR

ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළද අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති Spider-Man: Brand New Day චිත්‍රපටය ශ්‍රී ලංකාවේ සිනමා ඉතිහාසයේ පළමු සති අන්තයේ ඉහළම ආදායමක් ලැබූ හොලිවුඩ් චිත්‍රපටය බවට පත්වෙමින් නවතම ඓතිහාසික වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා.

පසු ගිය 30 වෙනිදා තිරගත වීම ආරම්භ කර දින 5 ක් වැනි අතිශය කෙටි කාලයක් ඇතුළත ශ්‍රී ලංකාව තුළින් පමණක් රුපියල් මිලියන 248 ක හෙවත් කෝටි 24.8 (ඇ.ඩො 738,097) ආදායමක් උපයාගැනීමට මෙම චිත්‍රපටය සමත් වී තිබෙනවා. මීට පෙර රුපියල් මිලියන 220 ක ආදායමක් ලබාගනිමින් පළමු සති අන්තයේ මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ Avatar: The Way of Water චිත්‍රපටය වන අතර, එම වාර්තාව සම්පූර්ණයෙන්ම අභිබවා යාමට මෙම නවතම චිත්‍රපටය සමත් වී තිබෙනවා.

ප.ලි: මේවා අපි ප්‍රධාන theaters වල management වලට කතා කරල පෞද්ගලිකව ගත්ත තොරතුරු කොහෙවත් මේ record දාල නෑ ඉතින් ඔයාල මේක ඔයාලගේ පේජ් වල දානවනම් අඩුම තරමේ thesricom අපිට credit දෙන්නවත් සදාචාරයක් තියාගන්න.