
Rumors suggests Robert Downey Jr. could return as Tony Stark in Avengers: Doomsday
Marvel සිනමා විශ්වයේ මීළඟ දැවැන්ත නිර්මාණය වන Avengers: Doomsday චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ටයා වන Doctor Doom ගේ චරිතය සඳහා Robert Downey Jr. ව නිල වශයෙන් තෝරාගෙන ඇති පසුබිමක, ඔහු යළිත් වරක් Tony Stark ලෙසින් ද චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයින් හමුවට පැමිණෙනු ඇති බවට මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
Joe සහ Anthony Russo විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය 2026 වසරේ දෙසැම්බර් 18 වනදා තිරගත වීමට නියමිත අතර, ප්‍රධාන MCU Avengers කණ්ඩායම, Fantastic Four සහ X-Men වැනි චරිත රැසක් මීට එක්වීමට නියමිතව තිබෙනවා. Victor von Doom ගේ චරිතය සඳහා Robert Downey Jr. ව තෝරාගත් අතර Doctor Doom සහ Iron Man අතර ඇති රූපමය සමානකම හේතුවෙන් ප්‍රේක්ෂකයින් විසින් මෙම නවතම මතය ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක්. කොමික් කතා තුළ ද මෙම චරිත ද්විත්වයම තාක්ෂණික වශයෙන් විශාල සමානකම් දක්වන අතර, Multiverse සංකල්පය හරහා ඔහුට Tony Stark ගේ වෙනත් මානයක (Variant) චරිතයක් ලෙසින් හෝ යළිත් පැමිණීමට අවස්ථාව පවතින බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මෑතකදී Robert Downey Jr. විසින් ද මෙම චරිත දෙකෙහිම සමානකම් පිළිබඳව අදහස් දක්වමින් පවසා තිබුණේ “Tony ට වීරයෙක් වෙන්න බලපාපු කම්පනයම, Doom ට බලපාලා තියෙන්නේ එහි අනිත් පැත්තට” යනුවෙනි. එසේම Russo අධ්‍යක්ෂකවරුන් පවා පවසා තිබුණේ Doom සහ Tony Stark එකම රූපයකින් සිටීමට කතාවට අදාළ විශේෂ හේතුවක් පවතින බවත්, “චිත්‍රපට බලනකොට ඒක තේරුම් යාවි” යනුවෙනි. ඊට අමතරව Red Guardian චරිතයට පණපොවන David Harbour විසින් මෑතකදී රුසියානු උච්චාරණයකින් යුතුව “You … are Tony Stark” ලෙස සිදුකළ ප්‍රකාශයක් ද මෙම කතාබහ තවදුරටත් උණුසුම් කිරීමට හේතු වී තිබෙනවා.
කෙසේ වෙතත් Marvel Studios විසින් මෙතෙක් Tony Stark ගේ යළි පැමිණීමක් පිළිබඳව කිසිදු නිල තහවුරු කිරීමක් සිදු කර නොමැති අතර, ඔවුන් දිගින් දිගටම Robert Downey Jr. ව හඳුන්වා දෙන්නේ Doctor Doom ලෙස පමණයි. එහෙත් චිත්‍රපටය තිරගත වන තෙක් මෙම අබිරහස මෙලෙසම පවතිනු ඇති බවටයි බොහෝ දෙනා පෙන්වා දෙන්නේ.
Discussion
No comments yet — start the conversation.