Rumesh Tharanga becomes World No. 1 in men's javelin throw history

Rumesh Tharanga becomes World No. 1 in men's javelin throw history

ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග පිරිමි හෙල්ල විසි කිරීමේ අංශයේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයට පැමිණෙමින් සුවිශේෂී ඓතිහාසික වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා.

ප්‍රසාද ලකුණු 1,354 ක් ලබාගනිමින් ඔහු මෙම අතිදැවැන්ත ජයග්‍රහණය හිමිකරගෙන ඇති අතර, පිරිමි හෙල්ල විසි කිරීමේ අංශයෙන් ලෝකයේ අංක 1 ස්ථානයට පැමිණි ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසයි ඔහු ඉතිහාසගත වන්නේ. පසුගියදා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැති කොමන්වෙල්ත් ක්‍රීඩා උළෙලේදී (Commonwealth Games) පිරිමි හෙල්ල විසි කිරීමේ තරග අංශයෙන් රන් පදක්කම දිනාගැනීමට සමත් වීම මීට ප්‍රධානතම හේතුව වී තිබෙනවා.