Police officer promoting LTTE on social media removed from service after public campaign

රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට දිවුරුම් දී සිටින Sri Lanka Police නිලධාරියෙකු විසින්ම ජාතික සංහිඳියාවට බාධා වන සහ අන්තවාදය ප්‍රවර්ධනය වන ආකාරයේ සටහන් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියේ බෙදා හැරීම පිළිබඳව අප The Sri COM සහ https://thesricom.lk කණ්ඩායමේ Admin වරයෙකු සහ සම නිර්මාතෘවරයෙකු ලෙස කටයුතු කරන Srimal විසින් පසුගිය ජූනි 10 වනදා සිදු කළ හෙළිදරව්වෙන් අනතුරුව, අදාළ නිලධාරියාව සේවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ Jenistran Coonghe නැමති අදාළ දෙමළ පොලිස් නිලධාරියා විසින් LTTE සංවිධානයට සහාය දක්වන ආකාරයේ සටහන් සහ Sri Lanka හමුදාව මගින් දමිළ ජනතාව ඝාතනය කළ බවට චෝදනා කරන සටහන් සිය ගිණුම් හරහා ප්‍රසිද්ධ කර තිබුණා.
අප කළ අදාළ හෙළිදරව්වත් සමගින් ඔබ සියලු දෙනා අප හා එක්ව පොලිස්පතිවරයා (IGP) වෙත යොමු කළ email පණිවුඩ හේතුවෙන් අදාළ නිලධාරියා පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කිරීමට බලධාරීන් පියවර ගත්තා. එම විමර්ශනවලින් අනතුරුව ජාතීන් අතර වෛරය වපුරන සහ ත්‍රස්තවාදයට සහාය පළ කරන මෙවැනි අන්තවාදී ක්‍රියාකාරකම්වල නිරත වූ මෙම නිලධාරියාට එරෙහිව දැඩි නීතිමය පියවර ගනිමින් ඔහුව සේවයෙන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.රටේ අනාගත සාමයට සහ මහජන ආරක්ෂාවට තර්ජනයක් වූ මෙවැනි හැසිරීම්වලට එරෙහිව අප සමග එකතු වී හඬ නැගූ, පොලිස්පතිවරයා වෙත email යොමු කරමින් මෙම සාධනීය වෙනස වෙනුවෙන් විශාල සහයෝගයක් ලබා දුන් ඔබ සියලු දෙනාට අපගේ හදපිරි ස්තූතිය හිමිවනවා.
එම හෙළිදරව්වේ සම්පූර්ණ විස්තරය: https://thesricom.lk/sri-lanka-tamil-police-officer-accused-of-promoting-ltte-on-social-media/