Indian fans confuse TVS bike ad for Doctor Doom appearance in Spider-Man: Brand New Day

ඉන්දියාවේ සිනමාහලක Spider-Man: Brand New Day චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම අතරතුරදී සිදුවූ අතිශය විනෝදාත්මක මෙන්ම අපූරු සිදුවීමක් මේ වන විට අන්තර්ජාලය පුරා වේගයෙන් හුවමාරු වෙමින් පවතිනවා.
අදාළ චිත්‍රපටය ප්‍රදර්ශනය වන අතරතුර TVS සමාගමේ යතුරුපැදියක නවතම මාදිලියක් වන TVS Raider Doctor Doom Edition නමින් හඳුන්වා දී ඇති යතුරු පැදියේ වෙළඳ දැන්වීමක් ප්‍රචාරය වී ඇති අතර, එය දුටු සැණින් එය Spider-Man: Brand New Day චිත්‍රපටය තුළ Doctor Doom ගේ පැමිණීමක් යැයි සිතා එහි සිටි රසිකයින් මහත් උද්යෝගයෙන් යුතුව කෑගසමින් ඊට ප්‍රතිචාර දක්වා තිබෙනවා. කෙසේ වෙතත් සුළු මොහොතකට පසුව එය හුදෙක් යතුරුපැදියක වෙළඳ දැන්වීමක් පමණක් බව අවබෝධ වීමත් සමගින් ඔවුන් දැක්වූ එම අපූරු ප්‍රතිචාරය මේ වන විට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බොහෝ දෙනෙකුගේ හාස්‍යයට මෙන්ම අවධානයට ලක්වෙමින් පවතිනවා.
එම වීඩියෝව: