Bingers app officially launched as a proper alternative to TV Time by its original founder

Bingers app officially launched as a proper alternative to TV Time by its original founder

පසු ගියදා නවතා දැමූ TV Time යෙදුම සඳහා විකල්පයක් ලෙස එහි නිර්මාතෘවරයා විසින්ම Bingers නමින් නව යෙදුමක් හඳුන්වා දෙයි.

නඩත්තු කිරීමේ සහ සර්වර් පහසුකම් සඳහා යන අධික පිරිවැය දරාගැනීමට නොහැකි වීම මත, අතිශය ජනප්‍රිය TV Time යෙදුම පසුගිය ජූලි මාසයේදී සම්පූර්ණයෙන්ම වසා දැමීමට එහි මව් සමාගම වන Whip Media ආයතනය පියවර ගත් බව අප මීට පෙර වාර්තා කරනු ලැබුවා. කෙසේ වෙතත් එම අවාසනාවන්ත සිදුවීමෙන් පසුව TV Time හි මුල් නිර්මාතෘවරයෙකු වන Antonio Pinto විසින් ඊට විකල්පයක් ලෙස නිර්මාණය කරනු ලැබූ නවතම Bingers යෙදුම මේ වන විට නිල වශයෙන් එළිදක්වා තිබෙනවා.

Antonio Pinto සහ Talal Mazroui විසින් 2011 වසරේදී TVShow Time නමින් ආරම්භ කර පසුව අතිශය ජනප්‍රියත්වයට පත්වූ මෙම යෙදුම, 2016 වසරේදී ඔවුන් විසින් Whip Media ආයතනය වෙත විකුණා දමනු ලැබුවා. එලෙස විකුණා දැමූ යෙදුම මෑතකදී සම්පූර්ණයෙන්ම වසා දැමීමත් සමගින් ඊට දැඩි සේ ආදරය කළ පරිශීලකයින් වෙනුවෙන් නවතම නිවහනක් ලබා දීමේ අරමුණින් Antonio Pinto විසින් මෙම Bingers යෙදුම මෙලෙස අලුතින්ම හඳුන්වා දී තිබෙනවා.

මෙම නවතම යෙදුම නිර්මාණය කිරීමේ ප්‍රධානතම අරමුණ වී ඇත්තේ චිත්‍රපට සහ රූපවාහිනී කතාමාලා රසිකයින් සඳහා දැනට අක්‍රිය වී ඇති TV Time යෙදුමට වඩාත් සාර්ථක මෙන්ම නිවැරදිම විකල්පයක් ලබා දීම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ. නිවැරදිම විකල්පයක් ලබා දීම බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. TV Time යෙදුම ආරම්භයේදී එහි නිර්මාතෘවරයා තුළ තිබූ මූලික දැක්ම සහ පහසුකම් සියල්ලම මෙම නවතම Bingers යෙදුම හරහා වඩාත් සාර්ථකව පරිශීලකයින් වෙත ලබා දීමට ඔවුන් අපේක්ෂා කරනවා. මෙහි ඔබේ පැරණි TV Time යෙදුමේ දත්තද import කරගැනීමේ හැකියාව පවතිනවා.

මේ වන විට ඔබට Appstore සහ Playstore හරහා මෙම යෙදුම බාගත කර හැකියි. අපිවත් follow කරන් යන්න @thesricom

https://apps.apple.com/lk/app/bingers-tv-movie-tracker/id6792080029


https://play.google.com/store/apps/details?id=app.bingers