A moviegoer was beaten at a cinema in India after spoiling Spider-Man: Brand New Day during the screening.

ඉන්දියාවේ Spider-Man: Brand New Day චිත්‍රපටය ප්‍රදර්ශනය වන සිනමාහලක් තුළ ප්‍රේක්ෂකයින් පිරිසක් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවක වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දැඩි ලෙස සංසරණය වෙමින් පවතිනවා.
විදෙස් වාර්තා පෙන්වා දෙන ආකාරයට මෙම ගැටුමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අදාළ චිත්‍රපටයේ කතාව කලින් හෙළි කිරීම හෙවත් spoilers ලබා දීමයි. අදාළ සිනමාහල තුළ අසුන්ගෙන සිටි එක් පුද්ගලයෙකු මීට පෙර මෙම චිත්‍රපටය නරඹා ඇති අතර, ඔහු විසින් සිය පෙම්වතියට මීළඟට සිදුවන දේවල් පිළිබඳව කල්තියා පවසමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස චිත්‍රපටයේ කතාව කලින් පැවසීම හේතුවෙන් ඊට යාබදව අසුන්ගෙන සිටි තරුණයින් සිව්දෙනෙකුගේ රසවින්දනයට දැඩි බාධාවක් එල්ල වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඔවුන් අදාළ පුද්ගලයාට විරෝධය පළකිරීමට යාමේදී මෙම බහින්බස් වීම දුරදිග ගොස් දැවැන්ත ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී තිබෙනවා. මෙම අපූරු සිදුවීම මේ වන විට ලොව පුරා සිනමා රසිකයින්ගේ දැඩි අවධානයට මෙන්ම හාස්‍යයට ලක්වෙමින් පවතිනවා.