උතුරු ඇමරිකාවේ මුවන් අතර Zombie වෛරසයක් පැතිරෙයි මිනිසුන්ට ආසාදනය වීමේ ප්‍රවණතාවයක් ඇති බවට විද්‍යාඥයන් සැක පළ කරයි.

by Randinu Jayarathne

උතුරු ඇමරිකාවේ මුවන් අතර Zombie වෛරසයක් පැතිරෙයි මිනිසුන්ට ආසාදනය වීමේ ප්‍රවණතාවයක් ඇති බවට විද්‍යාඥයන් සැක පළ කරයි.

Share

☣️| ‘Zombie deer disease’ epidemic spreads in North America as scientists raise fears it may jump to humans. 🧟‍♂️🦌


උතුරු ඇමරිකාවේ මුවන් අතර Zombie වෛරසයක් පැතිරෙයි මිනිසුන්ට ආසාදනය වීමේ ප්‍රවණතාවයක් ඇති බවට විද්‍යාඥයන් සැක පළ කරයි.


මීට වසර ගණනකට පෙර හඳුනා ගන්නා ලද සතුන් අතර ආසාදනය වන Chronic Wasting Disease (CWD) නම් බෝවනරෝගයක් උතුරු ඇමරිකාව තුළ පසුගිය දෙසැම්බරයේ දී විශාල වශයෙන් පැතිර ගොස් තිබෙනවා. විද්‍යාඥයින් මේ පිළිබඳව වසරගණනක් තිස්සේ පර්යේෂණයන්හි යෙදී ඇති අතර පසුගිය මාසයේ දී මුව දඩයම්කරුවන් විසින් මුවන්ගේ අසාමාන්‍ය හැසිරීම්පිළිබදව කළ පැමිණිලි වල දී මේ බව අනාවරණය වී තිබෙනවා. 


මූලිකවම මෙය ඇති වීමට බලපා ඇත්තේ ප්‍රියෝන (Prions) යනුවෙන් හඳුන්වන වෛරස් හෝ බැක්ටීරියා වැනි සාමාන්‍ය රෝගකාරක වලට වඩා ප්‍රමාණයෙන් කුඩා රෝගකාරකයක් වන අතර මීට පෙර ප්‍රචලිත වුණු උමතු ගව රෝගය ද මෙමගින් ඇති වූවක්. එසේම මෙමගින් ජනනය වන රෝග සියල්ලම පාහේ ස්නායු පද්ධතිය හා සම්බන්ධ රෝග වීමත් විශේෂත්වයක්. මෙම රෝගයදැනට උතුරු ඇමරිකාව ආශ්‍රිතව වාසය කරන සර්විඩේ කුලයට අයත් මුවන් සහ එල්ක්, මූස්, කැරිබෝ/රින්ඩර් යන ගෝනුන් වර්ගඅතර පැතිර ගොස් ඇති අතර වයෝමිං ප්‍රදේශයේ පිහිටා ඇති Yellowstone නම් ජාතික වනෝද්‍යානයෙන් පළමු ආසාදිතසත්ත්වයා වාර්තා වීමත් සමග මේ පිළිබඳව නැවතත් අවධානය යොමු විය. 


මෙහි දී අදාළ සත්ත්වයන් ට රෝගය ආසාදනය වූ පසු ප්‍රියෝන මගින් ධාරක සත්ත්වයාගේ මොළය සහ ස්නායු පද්ධතියේක්‍රියාකාරිත්වය වෙනස් කරන අතර එම නිසා ඔවුන් කෙළ ගැසීම, උදාසීන බව, කෙට්ටු වීම, අසාමාන්‍ය හිස් බැල්මක් හෙළීමමෙන්ම ඉතා අසාමාන්‍ය හැසිරීම් රටා පෙන්නුම් කිරීම නිරීක්ෂණය කළ හැකියි. මෙම රෝගය බොහෝ දෙනා "zombie deer disease" එකක් ලෙස හැඳින්වීමට ද මෙම අසාමාන්‍ය හැසිරීම් රටාව හේතුවක් වී තිබෙනවා. මේ වන විට මෙම රෝගයට කිසිදුආකාරයක ප්‍රතිකර්මයක් හෝ එන්නතක් මෙතෙක් සොයාගෙන නොමැති අතර එම නිසා මෙම රෝගයේ අනතුරුදායක බව තවත්වැඩි වී තිබෙනවා. 


එක්සත් ජනපද ෆෙඩරල් ඒජන්සියක් වන මත්ස්‍ය වනජීවී සේවයේ හිටපු සත්ව සෞඛ්‍ය ප්‍රධානී පශු වෛද්‍ය තෝමස් රොෆ් මේපිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කරේ මෙම නවතම CWD පැතිරීමේ සංසිද්ධිය පෙර නොවූ විරූ ආකාරයෙන් ඔවුන්ගේ පුළුල්අවධානය ඒ වෙත වෙත යොමු කරගැනීමට සමත් වූ බවත් එය එක් අතකින් බලන විට හොඳ දෙයක් බවයි. ඔහු විසින් වසරගණනක් තිස්සේ CWD ආසාදනය Yellowstone උද්‍යානයේ පැතිරීම පිළිබඳව අනුමාන කර ඇති අතර ඔහු විසින් රජයට සහවයෝමිං ප්‍රාන්ත බලධාරීන්ට එහි පැතිරීම මන්දගාමී කිරීමට ඉක්මන් පියවර ගත යුතු බවට අනතුරු ඇඟවීම් යොමු කර තිබූ නමුත්අදාල අංශ වලින් එම අනතුරු ඇඟවීම් බොහෝ දුරට නොසලකා හැර ඇති අතර, සෑම වසරකම උද්‍යානයට පැමිණෙන මිලියනසංඛ්‍යාත ජනතාවට එහි ප්‍රතිවිපාක බලාගත හැකි වනු ඇතැයි ඔහු පවසයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු "අපි නිතරමමාරාන්තික, සුව කළ නොහැකි වගේම අධික ලෙස බෝවන රෝගයක් සමඟ කටයුතු කරලා තිබෙනවා. නමුත් මෙහි දීකනස්සල්ලට පත් වීමට හේතුව මෙය තුරන් කිරීමට අපට ඵලදායී පහසු ක්‍රමයක් නොමැති වීම" යැයි පැවසීය. මීට සමගාමීවඅදහස් දැක්වූ බෝවින් ස්පොන්ජිෆෝම් එන්සෙෆලෝපති හෙවත් “පිස්සු ගව රෝගය”ට සම්බන්ධ ප්‍රියොන් කොන්ඩි රෝගය පැතිරීමඅධ්‍යයනය කළ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය Michael Osterholm පවසන පරිදි මෙම රෝගය "මන්දගාමී ව්‍යසනය" කි. 


මෙම වසංගතය සඳහා මෙතරම් අවධානයක් යොමු වීමට හේතුව මෙය මුවන් අතරේ පමණක් ආසාදනය වීම පමණක් නොවනඅතර වෙනත් සත්ත්ව විශේෂ අතරත් පැතිර යාමට ඇති ඉඩකඩක් තිබීම යි. විශේෂයෙන්ම මෙය මුවන් ගෙන් සහ ගෝනුන් ගෙන්අනෙකුත් ක්ෂීරපායින් ට, පක්ෂීන් ට හෝ මිනිසුන්ට පවා ආසාදනය වීමේ ප්‍රවණතාවක් පවතින අතර වසංගත රෝග විද්‍යාඥයින්උමතු ගව රෝගය පිළිබඳව ද කරුණු දක්වමින් පවසන්නේ තවමත් එවන් තත්ත්වයක් ඇති වේ යැයි පැවසීමට ප්‍රමාණවත් සාක්ෂිනොමැති වීමෙන් එය සිදු වීමට කිසිසේත්ම ඉඩකඩක් නොමැති බව කිව නොහැකි බවයි. කෙසේ නමුත් 2017 දී සිදුකළ එක්සමීක්ෂණයකට අනුව, එක්සත් ජනපදයේ වසරකට මිනිසුන් 15,000 ක් පමණ CWD ආසාදිත සතුන්ගේ මස් ආහාරයට ගන්නාබව හෙළි වී තිබෙනවා.


මෙම zombie මුව වසංගතයට එරෙහි සටන Yellowstone සඳහා තීරණාත්මක අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි වන අතරඋතුරු ඇමරිකාව පුරා වනජීවී සංරක්ෂණය පිළිබඳව නැවතත් අවධානය යොමු කිරීමට එය සමත් වී ඇති බව පෙනී යයි. මෙමවසංගතය සමග බලධාරීන් ක්‍රියා කරන ආකාරය මත Yellowstone පරිසර පද්ධතියේ ආරක්ෂාව පමණක් නොව උතුරුඇමරිකානු කලාපයේ ම වන ජීවී පරිසරයේ සමතුලිතතාවය ද රඳා පවතිනු ඇත. 


✍️ශ්‍රී කොම් වෙනුවෙන් ඇඩ්මින් රන්දිනු ජයරත්න