⏯| YouTube introducing mobile video editing app called “YouTube Create”
YouTube ආයතනයෙන් ඊයේ දිනයේදී “YouTube Create” නමින් වීඩියෝ සංස්කරන යෙදුමක් හඳුන්වා දුන්නේය.
ඔවුන් පවසන ආකාරයට මෙය වඩාත් ප්‍රයෝජනවත් වන්නේ ජංගම දුරකථන ආධාරයෙන් වීඩියෝ සංසකරණ කටයුතු සිදු කරන YouTube නාලිකා හිමිකරුවන්ට බවයි. තවමත් මෙම යෙදුම ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ඉන්දුනීසියාව ඉන්දියාව, කොරියාව සහ සිංගප්පූරුව යන රටවල් 8කට පමණක් නිකුත් කර ඇති අතර එය A.I හෙවත් කෘතිම බුද්ධි තාක්ෂනයෙන් බලගැන්වන අතර එහි වඩා ප්‍රයෝජනවත්ම විශේෂාංගය ලෙස “Audio Cleanup” බවට වාර්තා වෙනවා එහිදී Adobe Podacast තුල ලබාදෙන audio clean පහසුකමට සමාන පහසුකමක් මෙහිදී ලබාගත හැකි බවත් Dream Screen නමින් කෘතිම බුද්ධි භාවිතයෙන් පසුබිම් වීඩියෝ සකස් කරගැනීමේ පහසුකමක්ද ඇති බවටයි වාර්තා වන්නේ.
ඔවුන් පවසන්නේ මෙයින් ජංගම දුරකථනය හරහා පහසුවෙන්ම YouTube සඳහා වීඩියෝ නිර්මාණය කරගත හැකි බවයි.