ලෝක රූපවාහිනී දිනය අදයි.

by Yashitha Bhashana

ලෝක රූපවාහිනී දිනය අදයි.

Share

📺 World Television Day | අද ලෝක රූපවාහිනී දිනයයි 📺

ළමා කාලයේ ඉදන් රූපවාහිනිය එක්ක බැදුණු
මතක අපිට කොච්චර නම් ඇතිද ?

රූපවාහිනිය මුලින්ම එද්දී ලෝකෙම ඒ දේ පුදුමාකාර සොයාගැනීමක් වගේම, සමාජෙට ලමා පරපුරට අහිතකර යමක් විදියට දකින්න ඇති.

1927, වසරේ ෆිලෝ ටේලර් ෆාන්ස්වර්ත් නම් 21 හැවිරිදි නව නිපැයුම්කරු තමයි ලොව ප්‍රථම විද්‍යුත් රූපවාහිනිය නිර්මාණය කරනු ලැබුවේ..

නමුත් ?
ලෝක රූපවාහිනී දිනයක් ප්‍රකාශයට පත්වුණේ 1996 වසරෙදීයි.

රූපවාහිනියේ පැමිණීම සහ ව්‍යාප්තිය ගෝලීයව ජන ජීවිතය කෙරෙහි විශාල බලපෑමක් ඇතිකල යමක්. රූපවාහිනියේ විකාශය වෙන වැඩසටහන් අනුව මිනිසුන්ගේ ජීවිතය, කාලසටහන් හැඩගැසුණා. රාත්‍රී ආහාරය ගැනීමට පවා පවුලේ සාමාජිකයින් වෙ වටා රොක්වන කාලයක් උදාවුණා.

ලෝකයේ විවිධ රටවල සිනමාවේ එවකට උදාවී තිබූ ස්වර්ණමය යුගයන් නිමාකිරීමට රූපවාහිනිය ප්‍රබල බලපෑමක් සිදුකලා.

හවසට සෙල්ලම් කල, උදේට පරිසරය එක්ක ජීවත් වුණ ලමා පරපුරක් උදේ සවස කාටුන් බලන්න සිනමාපට ක්‍රීඩා වැඩසටහන් බලන්න ආසකරන පරපුරක් බවට පත්වුණා..

රූපවාහිනිය ජනප්‍රිය වෙන්න කලින් ජීවිතය අත්දැක්ක පරම්පරාවේ අයට ඒ නිසා මේ මාධ්‍ය දශක ගාණක් පුරාවට ඉතා අහිතකර යමක් විදියට පේන්න ඇති.

ඒ වගේම දැන් දුරකතනය, අන්තර්ජාල, සමාජ මාධ්‍ය ඉතාම නරක විදියට පෙනුනට මේ කාලයේ ලොකුමහත් වන ළමයින්ට අනාගතේ ඒ දේවල් හා බැදි මතක ඉතාම සුන්දර අතීතකාමයක් වේවී.

ඒ කොහොම වුණත් ලෝකය විශ්ව ගම්මානයක් කරන්න රූපවාහිනියේ දායකත්වය අතිමහත්. එහි සෘණාත්මක බලපෑමටත් වඩා ධනාත්මක බලපෑම් ඉහලයි.

අවසානයේ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් නොවැම්බර් 21 ලෝක රූපවාහිනී දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

එ පමනක් නොවෙයි ,රූපවාහිනිය යනු විනෝදාස්වාද කර්මාන්තය තුළ ඉහලම බලපෑමක් සිදුකළ හැකි යමක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගැනීමෙන් අනතුරුවයි.

එසේම මෙම සංවිධානය රූපවාහිනිය යනු අධ්‍යාපනය, දැනුම හා විනෝදාස්වාදය වැනි ක්ශේත්‍ර තුළ ලෝක සන්නිවේදනය හා ගෝලීයකරණයට සංකේතවත් කරන යමක් බවද ඔවුන්, එහිදී පිළිගනු ලැබුවා.

රූපවාහිනිය ගැන

📺1969 දී සඳ ගොඩබෑම නැරඹූ පුද්ගලයින් සංඛ්‍යාව බිලියන 2 කි.

📺1997 දී ඩයනා කුමරියගේ අවමංගල්‍යය නැරඹූ පුද්ගලයින් සංඛ්‍යාව බිලියන 2ක්.

📺ලොව පුරා නිවෙස් බිලියන 1.67 ක් සදහා රූපවාහිනියක් ඇත.

📺වසරකට රූපවාහිනි දැන්වීම් සදහා
ව්‍යාපාරිකයින් රු .බිලියන 150 ඉක්මවූ මුදලක් වැයකරයි.

📺එක්සත් ජනපදයේ පුරවැසියෙකු සෑම දිනකම මිනිත්තු 238 ක කාලයක් රූපවාහිනිය නැරඹීමට වැය කරයි.

📺 ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී නාළිකාව වන්නේ 1979 වසරේ අප්‍රේල් 13 වනදා විකාශය ආරම්භ කල ITN නාළිකාවයි.

📺ලොව පුරා Netflix ග්‍රාහකයින් සංඛ්‍යාව මිලියන 200ට ආසන්න වේ.

📺ලොව පුරා Disney Plus ග්‍රාහකයින් සංඛ්‍යාව මිලියන 75ක්

ඔයාට පොඩි කාලේ රූපවාහිනීය ගැන තියෙන මතකය මොන වගේද?

✍️සටහන: ස්වර්ණරේඛා සෙව්වන්දි.