තලපතිට ලංකාවෙ බහුතරයක් අකමැති ඇයි ???

by Yashitha Bhashana

තලපතිට ලංකාවෙ බහුතරයක් අකමැති ඇයි ???

Share

මේ දවස් වල දැඩි කතාබහකට ලක්වෙන දමිළ සිනමාව තුළත් ප්‍රසිද්ධ චරිතයක් ගැන අපි අද බලමු.

තලපති විජේ නැත්තන් තලපතා යනුවෙන් ප්‍රසිද්ධ ඔහු නමින් Joseph Vijay Chandrasekhar. සිනමාවට ඇති දැඩි කැමැත්ත නිසාම, ප්‍රසිද්ධ සිනමා අධ්‍යක්ෂක සහ ඔහුගේ පියා වුනු S.A. Chandrasekharගේ 1984දී එළිදැක්වුනු Vetri නම් චිත්‍රපටියේ අවුරුදු 10දී රංගන දිවියට පිවිසෙන්නේ ළමා නළුවෙකු ලෙසින්. එතැන් පටන් 1988 වගේ කාලය වෙනකන් ඔහුට ළමා නළුවෙකු සහ ඇතැම් අවස්තාවල cameo appearance ලෙස කිහිප වාරයක් චිත්‍රපටි අවස්තා හමුවුනා. Kudumbam, Vasantha Raagam, Sattam Oru Vilayaattu සහ Ithu Engal Neethi යන චිත්‍රපටි මේ අතර වෙනවා. මුලදී ලොකු පිළිගැනීමක් හමු නොවුනත්, 1992දී Naalaya Theerpu තුළින් ප්‍රධන නළුවෙකු ලෙස ඔහු ඔහුගේ තැන පිහිටවන්න සමත් වෙනවා. 1992 සහ 1996 අතර, ඒ කියන්නේ අවුරුදු 4ක් ඇතුළත ඔහු චිත්‍රපටි 12ක ප්‍රධාන නළුවා ලෙස රංගනයේ යෙදෙනවා. Naalaiya Theerpu (1992), Sendhoorapandi (1993), Rasigan (1994), Deva (1995), Rajavin Parvaiyile (1995), Vishnu (1995), Chandralekha (1995), Coimbatore Mappillai (1996), Poove Unakkaga (1996), Vasantha Vaasal (1996), Maanbumigu Maanavan (1996) සහ Selva (1996) යන චිත්‍රපට මේ අතර වෙනවා. මෙතනින් හරි අඩක් විතර ඔහුගේ පියා විසින් ම අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටි වීම විශේෂත්වයක්.

පියාගෙ සෙවනින් රංගනයට පිවිසුනත්, මේ චිත්‍රපටි තුළින් ඔහුගේ හැකියාව ඉස්මතු වුන නිසාම දකුනු ඉන්දියානු සිනමාව තුළ ස්ථිර තනක් ලබාගන්න ඔහු ටිකෙන් ටික සමත් උනා. ඉදිරි වසර කිහිපය තුළ ඔහු රංගනයේ යෙදුනු චිත්‍රපටි ගණන වැඩි වුනා මිසක් අඩු වුනේ නැහැ. 1997 වසරේදී චිත්‍රපටි 5ක් (aalamellam Kaathiruppen, Love Today, Once More, Nerrukku Ner, Kadhalukku Mariyadhai), 1998දී චිත්‍රපටි තුනක් (Ninaithen Vandhai, Priyamudan, Nilaave Vaa), 1999දී චිත්‍රපටි 4ක් (Thulladha Manamum Thullum, Endrendrum Kadhal, Nenjinile, Minsara Kanna) සහ 2000දී චිත්‍රපටි 3ක් (Kannukkul Nilavu, Kushi, Priyamaanavale) යනුවෙන් ඔහුගේ චිත්‍රපටි ලැයිස්තුව දික්වීම නැවතුනේ නැහැ. මේ චිත්‍රපට එවකට තරුණ තරුණියන්ගේ හිත්වල ඔහුට ඉඩක් ලබාගැනීමට අවස්ථාව සලස්වා දුන්නා වගේම ඔහුට ‘Ilaiya Thalapathy’ යන අන්වර්ථ නාමය ලැබෙන්නේ මේ අනුවයි.

ඉන් පසුව 2001 - 2007 යන කාල වකවානුව තුල Friends, Badri, and Shahjahan, Thamizhan, Youth, and Bagavathi, Vaseegara, Pudhiya Geethai, Thirumalai, Udhaya, Ghilli, Madhurey, Thirupaachi, Sukran (Special Appearance), Sachein, Sivakasi, Aathi, Pokkiri Azhagiya Tamil Magan යනුවෙන් චිත්‍රපට රැසක ප්‍රධාන නළුවෙකු ලෙස ඔහු රංගනයෙන් දායක වුනා. මේ හැම චිත්‍රපටියක් ම සමාන ලෙස සාර්ථක උනේ නැතත් මේ චිත්‍රපට තුළින් ඔහුගේ ර්සික රසිකාවියන් විශාල ලෙස වැඩි උනා කියන්න පුළුවන්. 90 දශකයේ පටන් දමිළ සිනමාවේ solid විදිහට රංගන දිවිය ගිඩනගාගෙන ආපු විජේ ඒ වේගයෙන් ම 2008 - 2020 වසර ඇතුළත චිත්‍රපට 18කට ප්‍රධාන නළුවා ලෙස රංගනයෙන් දායක උනා. ඒ චිත්‍රපට වෙන්නේ Kuruvi (2008), Pandhayam (2008-Special Appearance), Villu (2009), Vettaikaaran (2009), Sura (2010), Kaavalan (2011), Velayudham (2011), Nanban (2012), Rowdy Rathore (2012-special appearance in the song Chinta Ta), Thuppakki (2012), Thalaivaa (2013), Jilla (2014), Kaththi (2014), Puli (2015), Theri (2016), Bairavaa (2017), Mersal (2017), Sarkar (2018) සහ Bigil (2019).

මේ ලැයිස්තුවේ අවසාන චිත්‍රපට කිහිපය විජේ රසිකයන් අතරේ පිළිගැනීමකට ලක් වුනත් storytelling සහ satisfaction අතින් අසාර්ථක උනා කියන්න පුළුවන්. (පෞද්ගලිකව මට තවමත් Thuppakki ෆිල්ම් එකෙන් පස්සෙ ඒ Jagadishව වත් විජේ ව්ත් දකින්න හම්බුනේ නැහැ!) මින් පසුව 2021 වසරේ ලෝකේසශ් කණගරාජ් ගේ අධ්‍යක්ෂණය යටතේ විජේ ගේ රඟපෑමෙන් එළිදැක්වුනු Master චිත්‍රපටය විජේ ට වඩා විජේ සේතුපති නිසා සහ ලෝකේශ් කනගරාජ් නිසා සාර්ථක උනා කියන්න පුළුවන්. පසුව නැවතත් ‘classical vijay’ පෙන්නුම් කරන ඇක්ශන් අතින් විතරක් ම පිරිච්ච Beast චිත්‍රපටිය විජේ රසිකයන්ගෙන් පවා හැල්ලුවට ලක්වුනා. 2023දී Varisu චිත්‍රපටියෙන් තෙලුගු ශානරයට විවර වුනු ඔහුගේ 2023 අවසාන චිත්‍රපටිය ලෙස දකුනු ඉන්දියානු සිනමාව තුල ආදයම් වාර්තා බිඳ දමපු Leo චිත්‍රපටියෙන් දැකගන්න පුළුවන් උනා. පිට පිට අසාර්ථක වුනු චිත්‍රපට තුලම දකින්න ලැබුන ජෝසජ් විජේ හට Leo චිත්‍රපටියේ Parthiban යනු සාර්ථක ‘comeback’ එකක් උනා කියන්න පුළුවන්. මේ වෙනකොට GOAT යනුවෙන් නම් කළ Venkat Prabhu අධ්‍යක්ෂණය කරන Thalapathy 68 චිත්‍රපටියේ වැඩකටයුතු සිදුවෙමින් පවතිනවා. මේ චිත්‍රපටියේ රූගත කිරීම් සඳහා එහි කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් මෑතකදී වාර්තා උනා. සමාජ මාධ්‍ය තුළ කතා බහ කෙරෙන විට බොහෝ දුර මේ මස දෙවන සතියේ එනම් 8 වන දා විජේ මෙරටට පැමිණෙන බවත් වාර්ත වෙනවා. කෙසේ වෙතත් එම දිනය නිල වශයෙන් තවමත් සනාථ වී නැත.

තලපත් විජේ සහ ලංකාව

ඉන්දියාව තුළ වගේම ශ්‍රී ලංකාව තුලත් විජේට කොයිතරම් රසිකයන් සිටියත්, ලංකාවේ සිනමා රසිකයන් ගත්තම විජේ දෙසට යම්කිසි නොරුස්සන බාවයක් අපිට දකින්න පුළුවන්. මේකට ලොකුම හේතුව ගුරුත්වාකර්ශන බලය බිංදුවක් ලෙස සලකලා චිත්‍රපටි රඟපෑම උනත්, වසර ගානක් තිස්සෙ විජේ ප්‍රසිද්ධියේම ලංකාව සහ ශ්‍රී ලංකා රජයට එරෙහි වුන අවස්ථා කිහිපයක් මතුවීම මෙයට හේතුවක් විය හැකියි.

යුධ සමයේදී ශ්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩුවේ නළු නිළියන් බොහෝමයක් උද්ඝෝෂණ සහ උපවාස කල අතර තලපත් විජේද එහි ප්‍රධාන තැනක් ගත්තා.
මේ සිදුවීම් මාලාවේ ආරම්භය විදිහට 2011දී විජේ විසින් ප්‍රසිද්ධියේ ශ්‍රී ලංකා රජය සහ නාවික හමුදාවට එරෙහිව කළ කතාව කියන්න පුළුවන්. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දිය ධීවරයන් අතර දිගින් දිගටම ඇති වුනු ප්‍රස්ඝ්න කිහිපියක් සහ ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීම නිසා දෙරට අතර ඇති වුනු වාචික ගැටුම් ඒ කාලය වෙද්දි උග්‍ර මට්ටමක තිබුනා. මේ අතර තමන්ගේ Velayudham චිත්‍රපටියේ රූගත කිරීම් වලින් පසුව මහජන රැස්වීමකට සහභාගී වුනු ජෝසෆ් විජේ මේ ගැටුම් පිළිබඳව හඬ නැගුවා. මෙහිදී ඔහු සෘජුව ශ්‍රී ලංකාවට පරෙස්සම් වන ලෙස තර්ජනය කළ අතර ලංකාව ලෝක සිතියමෙන් මකා දමන බවට ද ප්‍රකාශ කලා. පසුව වසර කිහිපයක් ශ්‍රී ලංකාවට විජේ රංගනයෙන් දායකවන චිත්‍රපට ගෙන්වීමද තහනම් කරනු ලැබුවා. (කෙසේ නමුත් මෙය පවසා වසර 14කට ආසන්න වෙන අතර තවමත් ලෝක සිතියමේ වෙනසක් දක්නට ලැබෙන්නේ නැත)

මේ සිදුවීම පිළිබඳව රසික රසිකාවියන්ගෙන් විවිධ මත එල්ල වුනු අතර ලාංකික රසිකයන් බොහෝ දෙනෙකුගේ විවේචනයට ද ලක් වුනා. මේ විදිහට මොහුගේ ප්‍රකාශයෙන් දුකට පත් වුනු රසිකයෙක් තැබූ සටහනක් කමෙන්ට් සෙක්ශන් එකේ බලාගන්න පුළුවන්.

ජෝසෆ් විජේ ශ්‍රී ලංකාවට එරෙහි වීම මෙතනින් නැවතුනේ නැහැ. 2014 වර්ශයේ ඉන්දියාවේ ප්‍රබල දේශපාලඥවරියක් සහ ඉන්දියානු හිටපු මහ ඇමතිනී ජයලලිතා ට අපහාස කළා යැයි කියමින් ඉන්දීය නළු නිළියන් කිහිප දෙනෙකු මහජනතාව හා එක් ව ශ්‍රී ලංකා රජයට එරෙහිව විරෝධතා සංවිධානය කළා. මේ විරෝධතාකරුවන් උපවාසයේ නිරත වුනු අතර විජේ මෙහිදී ප්‍රධානත්වය ගත්තු කිහිපදෙනෙකුගෙන් එක්කෙනෙක් වුනා. මෙහිදී ද ඔහු කතාවක් පැවැත්වූ අතර ඔහු පැවසුවේ ඉන්දීය මහ ඇමතිනී ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කරන බවත්, එයට ස්තූතිවන්ත වීම වෙනුවට ලංකාවේ රජය ඇය ගැන අපහාසාත්මක ලිපි පළ කිරීම හෙළා දකින බවත්, ඇය ඔවුන්ගේ ‘අම්මා’ට සමාන බවත් ඇයට අපහාස කිරීම ඔවුන්ගේ අම්මාට අපහාස කිරීමට බඳු යන්නයි.

මෙහි හාස්‍යට කරුණ නම්, ජෝසෆ් විජේ ගේ භාර්යාව වන Sangeetha Sornalingam ශ්‍රී ලාංකික කාන්තාවක් වීමයි. ඇය ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රදේශයේ උපත ලබා ලන්ඩන් නගරයේ හැදී වැඩුනු අයෙක්. ඒ වගේම විජේ හට ලංකාවේ විවිධ ප්‍රදේශ වල වත්කම් ඇති බවද වාර්තා වෙනවා.

කෙසේ නමුත් විජේට ශ්‍රී ලංකාව නිසා ඉන්දියාවෙන්ද ප්‍රශ්න ඇති වී තිබෙනවා ඒ 2014 වසරේ නිකුත් වූ Kaththi චිත්‍රපටයෙහි නිෂ්පාදකවරයෙක් ලෙස Lyca Production හි අධිපති Subaskaran Allirajah (ස්වර්ණවාහිනි නාලිකාව EAP සමාගමේ දැන් මොහු සතුයි) එම චිත්‍රපටයට සම්බන්ධ වීම හේතුවෙන් ඔහුට ලැබුන චෝදනාව වන්නේ ඒ වන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ පැවති ව්‍යාපාරික සබඳතා හේතුවෙන්.
එහිදී තමිල්නාඩුවේ බොහෝ ජනතාව මෙම චිත්‍රපටයට එරෙහිව උද්ඝෝෂණ කල අතර චිත්‍රපටය තිරගත කල සිනමාශාලා කිහිපයකට ඔවුන් විසින් අලාභානි කල අතර පසුව චිත්‍රපටයේ නිර්මාණකරුවන් Lyca Production ලේබලය ඉවත් කර චිත්‍රපටය තිරගත කල පසු තත්වය සමනය විය.

ශ්‍රී ලංකාව පිළිබඳව මෙවැනි ආන්දෝලනාත්මක සිතුවිලි වලින් පිරුණු ජෝසෆ් විජේ ඔහුගේ චිත්‍රපටි රූගත කිරීම සඳහා පැමිණීම පිළිබඳව ලාංකිකයන් කුමන විදිහේ අදසහක් දරයි ද? අතැම් විට ඔහු මේ පැමිණෙන්නේ 2011 දී පැවසූ ලෙස ලංකාව සිතියමින් ඉවත් කරන්න ද? ඔයාලගේ අදහසුත් කියාගෙන යන්න…

Admin: Afi Aiza