තමන් සහ ජොනී ඩෙප් අතර ඇති ආදර සබඳතා කටකතා සම්බන්ධව Wednesday නිළි ජෙනා ඔර්ටේගා ප්‍රතිචාර දක්වයි.

by Yashitha Bhashana

තමන් සහ ජොනී ඩෙප් අතර ඇති  ආදර සබඳතා කටකතා සම්බන්ධව Wednesday නිළි ජෙනා ඔර්ටේගා ප්‍රතිචාර දක්වයි.

Share

📢| Wednesday star Jenna Ortega, 20, addresses Johnny Depp dating rumours: ‘Leave us alone’
සුප්‍රසිද්ධ හොලිවුඩ් නළු ජොනී ඩෙප් සහ Wednesday කතාමාලව හරහහා ජනප්‍රිය වූ නිළි ජෙනා ඔර්ටේගා අතර ආදර සබඳතාවයක් ඇති බවට කටකාතා පසු ගියදා අන්තර්ජාලය හරහා කතා බහට ලක් වූ අතර
ජනප්‍රිය celebrity gossip ගිණුමක් වන Deuxmoi විසින් ඩෙප් සහ Jenna Ortega එකට දැක ඇති බව සාවද්‍ය ලෙස වාර්තා කිරීමත් සමඟ මෙම යුවළ එකට සිටි බවට අනුමාන කිරීම් පැතිරෙන්නට පටන් ගත්තේය.
එම කටකතා ඉක්මනින් අන්තර්ජාලය හරහා විශාල අවධානයක් දිනා ගත් අතර ඔවුන් ප්‍රේම සම්බන්ධයක් ඇති බවට හෝ ඩෙප් බොහෝ විට ඔර්ටෙගා සමඟ Beetlejuice 2 චිත්‍රපටයෙහි පෙනී සිටිය හැකි බවටද කටකතා පැතිරෙන්නට පටන් ගත්තේය.
ඩෙප්ගේ වයස අවුරුදු 60ක් වන අතර Jenna Ortega ගෙ වයස අවුරුදු 20කි.
මේ කටකතා සඳහා Jenna Ortega විසින් ප්‍රතිචාර දක්වා ඇත්තේ
“මේක හරිම හාස්‍යජනකයි මට ඇත්තටම ඒවට හිනාවෙන්නවත් බෑ, මම මගේ ජීවිතේට ජොනී ඩෙප්ව මුණගැහිලා හෝ වැඩ කරලා නැහැ. කරුණාකර බොරු පතුරුවා හැරීම නවත්වා අපට පාඩුවේ ඉන්න දෙන්න” යනුවෙනි
මේ කටකතා සඳහා Johnny Deppගේ නියෝජිතයෙකු ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ
“ජොනී ඩෙප් හට ඔර්ටෙගා මහත්මිය සමඟ පෞද්ගලික හෝ වෘත්තීය සම්බන්ධයක් නෑ, ඔහු කිසි දිනක ඇයව හමු වී කතා කර නෑ සහ ඔහු ඇය සමඟ කිසිදු ව්‍යාපෘතියකට සම්බන්ධ වී හෝ එසේ කිරීමට අදහස් කරන්නේ ද නෑ. ඔහුගේ කීර්ති නාමයට සහ වෘත්තියට හානි කිරීමට අදහස් කරන මෙම පදනම් විරහිත සහ ද්වේෂසහගත කටකතා නිසා ඔහු පීඩනයට පත්වනවා.”
යනුවෙනි.