👋| Jada Pinkett Smith thought Will Smith’s Oscar Slap was a pre-planned skit.
2022 ඔස්කාර් සම්මාන උළෙලේදී විල් ස්මිත් විසින් ක්‍රිස් රොක් හට කම්මුල් පහරක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් Will Smithගේ බිරිඳ වන Jada Pinkett Smith විසින් පළමු වරට අදහස් පළ කර තිබෙනවා.
People සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ඇය සඳහන් කළේ එය කලින් සැලසුම් කරන ලද හාස්‍යමය රංගනයක් බව ඇය මුලින් විශ්වාස කළ බවයි, එය සැලසුම් කර නොමැති බව ඇය තේරුම් ගෙන ඇත්තේ ස්මිත් නැවත ඔහුගේ අසුනට පැමිණි විටය.
“I thought, This is a skit I was like, There’s no way that Will hit him. It wasn’t until Will started to walk back to his chair that I even realized it wasn’t a skit.”
-Jada Pinkett Smith-
2022 වසරේ Oscar සම්මා උළෙලදී Chris Rock විසින් Will Smithගේ නාමික බිරිඳ වන Jada Pinkett Smith හට කල විහිළුවක් වරදවා වටහාගත් Will Smith විසින් Chris Rock හට පහරදුන් අතර එම පහරදීම හේතුවෙන් ඔහුට වසර 10ක් ඔස්කාර් සම්මාන උළෙල තහනමටද ලක් විය. විල් ස්මිත්ගෙ බිරිඳ මීට පෙර වෙනත් පුරුෂයන් සමඟ ලිංගික සබඳතා පවත්වා සජීවී විකාශයක් අතරතුරදී ඇය විල් ස්මිත්ව රවටා වෙනත් පුරුශයන්ව ඇසුරු කල බවටද පිළිගෙන විල් ස්මිත්ව ලැජ්ජාවට සහ අපහසුතාවයට පත් කර තිබීමද විශේෂත්වයක්.