ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා මිය යයි.

by Yashitha Bhashana

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා මිය යයි.

Share

🕯| Veteran actor Suminda Sirisena passed away. 🪦💐

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 75 වන වියේ පසුවිය.
ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (04) උදෑසන ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ඥාතීන් පැවසීය.

1969 දී ඔහු ප්‍රථම රංගනය ‘මූදු පුත්තු‘ වේදිකා නාට්‍යෙය් සනිටුහන් කළ ඔහු 1970 දශකයේ බොහෝ වේදිකා නාට්‍යවල රඟපෑවේය.

එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු, බවකඩතුරාව, මහාසාර කඩ, මනමේ නාට්‍ය වල රගපෑ ඔහු බවකඩතුරාව වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානයද දිනා ගත්තේය.
සිරිසේනගේ ප්‍රථම ටෙලිනාට්‍යය වූයේ 1985 වසරේ සිහින නිම්නයයි.
එතැන් පටන් ඔහු ටෙලි කතාමාලා 40කට වැඩි ගණනක රඟපා ඇත. චරිත තුනක් කතාමාලාවේ “ඊසා” ලෙස ඔහුගේ චරිතය විචාරක පැසසුමට ලක් විය. ඔහුගේ මංගල සිනමා රංගනය පැමිණියේ 1976 දුහුළු මලක් තුලිනි. සප්ත කන්‍යා, යකඩ පිහාටු, උප්පලවන්නා, සමනල තටු, ඉර හඳ යට ඇතුළු චිත්‍රපටවල රඟපා ඇත.
සේපාලිකා සහ බොරළු පාර ටෙලි නාටක වල රඟපාමින් සිටියදී ඔහුගේ අසනීප තත්ව මතුවූ අතර ඉන් පසු රංගනයට සම්බන්ධව සිටියේ නැත.
සුමින්ද සිරිසේන වේදිකාවේ සිනමාවේ හා රූපවාහිනි නළුවෙකු ලෙස රංගන දක්ෂතා දැක්වූවෙකි. බොහෝ සම්මාන උළෙලවල හොඳම නළුවා ලෙසද සම්මානය ලබා ඇත. කලා කීර්ති (2017), කලා භූෂණ (2014) යන සම්මාන වලින්ද පිදුම් ලබා ඇත.