අද Sri COM at 7 සෙග්මන්ට් එකෙන් අපි කතා කරන්නේ සියවසේ ලොකුම සිනමා වංචාව සිදු කළ ලංකාවේ අධ්‍යක්ෂකවරයෙක් ගැන?
1967 නොවැම්බර් 15 සරසවිය පුවත්පතේ පුවත් මෙසේ පළවී තිබෙනවා..
“ගාමිණී ජෝ බ්‍රැන්ඩෝ මයික් රායි එකම චිත්‍රපටියේ” නමින් ලිපියක් පළවනවා. එහි සදහන් වූවේ පහත සඳහන් තොරතුරුයි..
ගමිණී පොන්සේකා හා ජෝ අබේවික්‍රම සමඟ මාලන් බැන්ඩ්‍රෝ චිත්‍රපටියක රඟපානු ඇති බවත්. මිලි මීටර් 70 ප්‍රමාණයෙන් නිෂ්පාදනය වන මෙම චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නේ මයික් විල්සන් විසින් බවත්. (මයික් විල්සන් කියන්නේ රන්මුතුදූව, ගැටවරයෝ වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ සරසවිය සම්මාන දිනූ සිනමාවේදී මයික් විල්සන් හටයි.) එහි අධ්‍යක්ෂකවරයා වන්නේ ඉන්දියානු සිනමවේ පියා සත්‍යජිත් රායි විසිනුත් බවයි.
මේ චිත්‍රපටියේ සංස්කරණය ටයිටස් තොටවත්ත බවත් චිත්‍රපටියේ නම “අවතාර්” බවත් එහි වැඩිදුරටත් සදහන් වී තිබුනි..
මේ චිත්‍රපටියේ වැඩුදුර කටයුතු වෙනුවෙන් මාලන් බැන්ඩ්‍රෝ රායි මහතා හමුවෙන්න ඉන්දියාවට පැමිණ ඇති බවත් 1968 වර්ෂය තුළදී එය තිරගත කිරීමට ද අදහස් කරන බවත් මයික් විල්සන් පැවසු බවත් මේ පුවතේ සඳහන් වී තිබෙනවා.
මයික් විල්සන්ට අනුව දැන් අපේ නළුනිළියන් වන ගාමිණී, ජෝ, ජීවරාණි මෙහි ප්‍රධාන නළු නිළියන් වන අතර චිත්‍රපටිය තේමා වෙන්නේ අභිරහස් පිටසක්වල ජීවියෙක් ගැනය. මෙහි කතාව නිර්මාණය වන්නේ සත්‍යජිත් විසින් ඔහුගේ පවුලේ සඟරාව වූ ‘සන්දේශ්’ වෙත 1962 වර්ෂයේ ලියූ ‘බන්කුබාබුර් බන්ධු’ (බන්කු බාබුස් ෆ්‍රෙන්ඩ් හෙවත් බන්කු බාබු ගේ මිතුරා) නම් බෙන්ගාල විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාවයි.
ඒත් මේ සියල්ල මෙසේ තිබියදී.. මෙතන ලොකු කූට ප්ලෑන් එකක් ගිය වග සත්‍යජිත් රායිවත් අපේ ගාමිනී සහ ජෝවත් අඩුම මාලන් බැන්ඩ්‍රෝවත් දැනගෙන සිටියේ නැතිව ඇති.
මේ ගේම ගහන්නේ පසුකාලෙක ලංකාවේ වනගතව ශාන්තුවරයෙක් ලෙස ජීවත් වීම පටන් ගත් ලාංකික බොකොෆිස් වාර්තා තැබූ චිත්‍රපට කීපයක අධ්‍යක්ෂකවරයෙකු වූ ආතර් සී ක්ලාක්ගේ ළඟම යාළුවෙක් වන මයික් විල්සන් විසිනුයි.
කොහොම හරි සත්‍යජිත් හට කොලුම්බියා පික්චර්ස් (Columbia Pictures) විසින් මේ කතාවෙන් චිත්‍රපටියක් කිරීමට ආරාධනා කරන අතර මේ ආරාධනය ඔවුට එම ආයතනය ලබා දෙන්නේ ආතර් සී ක්ලාක් මහත්තයා හරහායි. මෙය ඇමරිකානු-ඉන්දියානු සම-නිශ්පාදනයක් වූ අතර ශ්‍රී ලාංකිකයෙකු වූ ආතර් සී ක්ලාක් නිසාවෙන් මෙයට නිෂ්පාදන දායකත්වය දැක්වීමට ඔහු ඔහුගේ ලගම මිතුරා වන මයික් විල්සන්ගේ නම යෝජනා කරනවා. මයික් විසිනුයි මේ වෙනුවෙන් ගාමිණී, ජෝ, ටයිටස් වැනි ලාංකිකයන් මෙයට ඈදාගන්නේ..
කෙසේ නමුත් ඒ වනවිටත් සත්‍යජිත් රායි ඔහුගේ සිනමා තිරපිටපත මයික් විල්සන්ට ලබා දී තිබුන අතර, සත්‍යජිත් ගේ අනුදැනුමින් ද තොරව මෙහි තිරපිටපතේ ප්‍රකාශන අයිතිය වෙනත් පාර්ශවයක් විසින් ලබා ගෙන ඇති බව සත්‍යජිත් දැන ගන්නේ පසුවයි..මේ නරුම වූ සියවසේ වංචාව සිදු කර තිබුනේ වෙන කවුරුවත් නෙවෙයි. ආතර් සී ක්ලාක්ගේ හොදම යාළුවා සේම රන්මුතුදූව, ගැටවරයෝ වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ සරසවිය සම්මාන දිනූ ලාංකික සිනමාවේදියෙකු වූ මයික් විල්සන් විසිනුයි..ඔහු මේ පිටපත නිෂ්පාදන සමාගමකට විකුණා ඉතා ඉහළ මුදලක් ලබා ගන්නා අතර අවසානයේ ඔහු ඒ මුදල් වලින් සැප ගත් බවට සදහන් වනවා. (කටකතා වල සදහන් පරිදි)
මේ වංචාව නිසාවෙන් අවසානයේ සත්‍යජිත් රායිගේ ඒ වූ මහා සිහිනය බොදවන අතර මේ චිත්‍රපටිය දිනෙන් දින කල් යනවා..
පසුකාලීනව නොසිතූ ලෙස රායිගේ මේ වූ කතා පුවත ඒ අයුරින්ම වෙනත් මුනුණුවරකින් කළ එළි බසින්නේ ස්පීල්බර්ග් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ඊ.ටී.’ චිත්‍රපටිය හරහායි...
1982 වසරේ තිරගත වූ ස්පීල්බර්ග් E.T. the Extra-Terrestrial චිත්‍රපටියේ සිදුවීම් විතරක් නෙවෙයි එහි සිටින පිටසක්වල ජීවියාගේ පෙනුම සේම ක්‍රියාවන් පවා සත්‍යජිත්ගේ කතාවට බෙහෙවින් සමාන වූවා.. පසුව තමා රායි දැනගන්නේ ඔහුගේ පිටපත වංචාසහගත ලෙස ඔවුන් අවභාවිතා කර ඇති බව.
පසුව ස්පීල්බර්ග්ට විරුද්ධව නඩු මගට බැසීමට රායි සිතුවත් ආතර් සී ක්ලාක්ගේ ඉල්ලීමකට අනුව ඔහු එය අත් හරිනවා.. නමුත් මේ සම්බන්ධයෙන් ස්පීල්බර්ග් ඉතා කනස්සල්ලෙන් සිටි බව සදහන් වනවා.
අවසානයේ ලාංකික අධ්‍යකවරයෙකු වූ මයික් විල්සන් නිසා රායිට ඔහුගේ සිහින සිනමාපටය අහිමි වනවා සේම. ගාමිනී , ජො හට මාලන් බැන්ඩ්‍රෝ එක්ක රඟපෑමට තිබූ අවස්තාවත් අහිමි වනවා.
මේ ලද මුදල් වලින් මයික් විල්සන් ලෝකේ වටේ සවාරි ගැසූ බව සදහන් උවත් පසුව ජීවිතය ගැන කළකිරෙන ඔහු ස්වාමි ශිව කල්කි නමින් හින්දු ආගම වැළඳගෙන සෙල්ලකතරගම ගල්ගුහාවක ජීවිත් වී ඇති අතර, පසුව 1995 පෙබරවාරි 25 වැනිදා මියගිය බව ඔහුගේ දියණිය විසින් මාධ්‍යට දැනුම් දී තිබුනා..
ඒ කරුණු සියල්ල අපට වැදගත් වන්නේ ගාමිණි, ජෝ, ජීවරාණි ඇතුළු නිර්මාණයට නම් කර තිබූ ශ්‍රී ලාංකික ශිල්පීන් පිරිසට හොලිවුඩ්- බොලිවුඩ් සංකලනයෙන් එන නිර්මාණයකට දායක වීමේ අවස්ථාව ගිලිහී යාම නිසාය.
✍️ සටහන: රණේ