👨⚖️| Twitter threatening to sue Meta over Threads app
Twitter is accusing Meta of engaging in “systematic, willful, and unlawful misappropriation of Twitter’s trade secrets and other intellectual property.”
Twitter ආයතනයෙන් Threads යෙදුම සඳහා නඩු පවරන බවට Meta ආයතනයට තර්ජනය කරයි.
Twitter හි වෙළඳ රහස් සහ අනෙකුත් බුද්ධිමය දේපල ක්‍රමානුකූල, හිතාමතා සහ නීති විරෝධී ලෙස අනිසි ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් ට්විටර් විසින් Meta වෙත චෝදනා කරයි.
Twitter සමාගමේ නීතිඥ Alex Spiro විසින් Facebook සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg වෙත ලිපියක් හරහා දැනුම් දී ඇත්තේ Twitter විසින් Meta Threads යෙදුමට එරෙහිව නඩු පවරන බවයි.
ඊයේ දිනයේදී twitter සමාජ මාධ්‍යට බෙහෙවින්ම සමාන threads යෙදුම නිළ වශයෙන් එළි දැක්වූ අතර නිකුත් කර පැය 17ක් තුලදී මිලියන 30 කට අධික පරිශීලකයන් ප්‍රමාණයක් ඒ සඳහා ලියාපදිංචි වී ඇති බවට වාර්තා වෙයි.
Twitter හි වෙළඳ රහස් සහ අනෙකුත් බුද්ධිමය දේපල ක්‍රමානුකූල, හිතාමතා සහ නීති විරෝධී ලෙස අනිසි ලෙස පරිහරණය කිරීම Meta විසින් සිදු කර ඇති බවට Twitter සමාගම විසින් චෝදනා කරන අතර Twitter සිය බුද්ධිමය දේපල අයිතිවාසිකම් දැඩි ලෙස බලාත්මක කිරීමට අදහස් කරන බවත් ඕනෑම ට්විටර් වෙළඳ රහස් හෝ වෙනත් අතිශය රහසිගත තොරතුරු භාවිතා කිරීම නැවැත්වීමට Meta ආයතනය වහාම පියවර ගත යුතු බවටත් ස්පිරෝ සිය ලිපියෙන් ඉල්ලා ඇති අතර මෙටා ආයතනයට ඔහු චෝදනා කරන්නේ හිටපු twitter සේවකයින් බඳවා ගෙන twitter යෙදුමම වෙනත් නමකින් ප්‍රතිනිර්මාණය කර ඇති බවයි.
Twitter හිමිකාරිත්වය දරන Elon Musk විසින්ද tweet පණිවිඩයක් දමමින් පවසා ඇත්තේ “Competition is fine, cheating is not” තරඟ කාරීත්වය හොඳ දෙයක් වන අතර හොර කිරීම එසේ නොවන බවයි.
Competition is fine, cheating is not
— Elon Musk (@elonmusk) July 6, 2023
Elon Musk විසින් දැමූ Twitter පණිවුඩය