🚢| Titanic tourist submersible goes missing with search under way
පසු ගිය 18 වැනිදා ටයිටැනික් නෞකාවේ සුන්බුන් දැකබලාගැනීමට ගිය 5 දෙනෙකුගෙන් යුතු කුඩා සබ්මැරීනයක් අතුරුදන් වෙයි.
අමෙරිකාවේ මැසචුසෙට් වෙරළට කිලෝමීටර් 1,500ක් පමණ ඈතින් වූ ප්‍ර දේශයකදී මුහුදු පත්ලට යැවුණු එම කුඩා සබ්මැරීනය සමග සන්නිවේදනය බිඳවැටුණු බව එහි මවු නෞකාව "පෝලා ප්‍රින්ස්" අමෙරිකානු වෙරළාරක්ෂක බළකායට දැනුම් දී ඇති බව සඳහන් ය.
එය සෙවීම සඳහා රේඩාර් නිරීක්ෂණ පහසුකම් සහිත ගුවන් යානා දෙකක් මෙන්ම යාත්‍රා කිහිපයක්ද යොදවා තිබේ.
'ටයිටන්' නම් වූ මෙම කුඩා සබ්මැරීනයේ නියමුවා සහ සංචාරකයන් 04 දෙනෙකු ගමන් කර ඇති අතර එය මීටර් 4,000ක් දක්වා මුහුදු පත්ලට ගියද එහි සිටින අයගේ සෞඛ්‍ය තත්ත්වය පවා නිරීක්ෂණය කිරිමට හැකියාවක් තිබූ බව සංචාරක මෙහෙයුම සිදුකළ ඕෂන් ගේට් සමාගම සඳහන් කළේය.
මීටර් 6.7ක් දිගැති කාබන් ෆයිබර් සහ ටයිටේනියම් ලෝහයෙන් තැනූ එම කුඩා සබ්මැරීනයට පැය 96ක කාලයක් මුහුදු පත්ලේ සැරිසැරීමට හැකියාවක් ඇති බවද වාර්තා වෙයි.
ටයිටැනික් නිරීක්ෂණ සංචාරය සඳහා මෙහි ගමන්ගත් හතරදෙනා අමෙරිකානු ඩොලර් 250,000 බැගින් ගෙවා ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත අනාවරණය කළේය.
මෙතරම් මුදලක් ගෙවා මෙහි ගමන්ගත් සංචාරකයන් අතර ඇක්ෂන් ඒවියේෂන් නමැති ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා වන හමිෂ් හාඩින් මෙන්ම පාකිස්තානයේ ප්‍රකට ව්‍යාපාරික පවුලක සමාජිකයන් වන එන්ග්‍රෝ කෝපරේෂන් සභාපති ෂසඩා ඩාවුඩ් සහ ඔහුගේ පුත් සුලේමාන් ද වෙති.
තවත් මාධ්‍ය වාර්තාකරන පරිදි එම කුඩා සබ්මැරීන්යේ ටයිටැනික් නිරීක්ෂණයට එක්වූ හතරවැන්නා ඕෂන්ගේට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ එහි නිර්මාතෘ ස්ටොක්ටන් රෂ් ය.
ප්‍රංශ ජාතික පෝල් හෙන්රි නර්ගෙලොට් සබ්මැරීනයේ නියමුවා ලෙස කටයුතු කර ඇති බව සඳහන් ය.
අතුරුදන් වූවන් 5 දෙනෙක් සොයා ගැඹුරු මුහුදේ තවදුරටත් මෙහෙයුම්.... දිවි බේරාගැනීමට කාලය හරස් වෙයි...
මීටර් 3800 ක් ගැඹුරු මුහුදේ (අඩි 13,000) ක් මුහුදේ කිමිදීම සඳහා විශේෂිත වශයෙන් ෆයිබර් සහ ටයිටේනියම් යොදාගෙන නිර්මාණය කරන ලද අඩි 22 ක පමණ කුඩා "ටයිටන්" නම් සබ්මැරීනය ආධාරයෙන් ඔවුන් තම ගමන්නතය වෙත ගමන් කරමින් සිටියා.
කෙසේ නමුත් ගමන් ආරම්භ කොට පැයයි විනාඩි 45 ක් යනවිට ටයිටන් සමඟ තිබූ සියලු සන්නිවේදන සම්බන්ධතා ඇණහිට තිබෙනවා.එමෙන්ම එම කුඩා සබ්මැරීනය සාගරයේ කොයි ප්‍රදේශයේ තිබෙනවා ද යන්න පවා තාමත් කිසිවෙක් සොයාගෙන නෑ.
ටයිටන් සෙවීම සඳහා ඇමරිකා එක්සත් ජනපද වෙරළ ආරක්ෂක අංශ සහ කැනඩා වෙරළ ආරක්ෂක අංශ එක්ව තිබෙනවා. මේ වෙන විට කැනඩා ආරක්ෂණ අංශ විසින් ගුවනේ සිට සෝනාර් විහිදුවන බෝයාවන් දෙකක් මුහුදට හෙළා තිබෙනවා. ඔවුන් එමගින් බලාපොරොත්තු වන්නේ ගැඹුරු සාගරයේ දී ඔවුන්ගේ කටහඬක් හෝ තට්ටු කිරීමක් ඇසීම මගින් ඔවුන් සිටින ස්ථානය සොයාගැනීමයි.
සාමාන්‍ය ඇමෙරිකානු හමුදාමය සබ්මැරීනයන් පවා උපරිම වශයෙන් අඩි 3000 ක වගේ ගැඹුර තමයි කිමිදින්නේ. මෙතනදි අඩි 13000 ක වගේ ගැඹුරක් තුළ කිමිදිලා සෙවීමට තරම් ක්ෂණික වේගවත් තාක්ෂණයක් ඔවුන් සතුව නැති බවයි පවසන්නේ.
ජලය යට අධික පීඩනයක් ඇති වෙනවා. ඒ වගේම gps හෝ වෙනත් රේඩියෝ සන්නින්වේදනයන් යටතේ සන්නිවේදනය කල නොහැකියි.
ඔක්සිජන් සහ ආහාර ආදිය පැය 72-96 ත් අතර කාලයකට පමණයි තියෙන්නේ. ඇමරිකානු සහ කැනඩා ආරක්ෂක අංශ ගුවන් මගීන් රේඩාර් සහ සාගරයේ සිට සෝනාර් යොදාගෙන වෙහෙසෙන්නේ මේ ටයිටන් හි සිටින පුද්ගලයන් 5 දෙනාගේ කාලය ඉතාම සීමා සහිත නිසයි.
✍️Admin: Pasindu Herath