🌊| Titanic Sub- Lost at Sea: Documentary on Titanic tourist missing submarine will be air on UK Channel 5 tomorrow.
ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට සඳහා 5 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පිටත්ව ගිය Titan නම් සම්බැරීනය අතුරුදන්වීම සම්බන්ධව Titanic Sub- Lost at Sea නමින් වාර්තාමය වැඩ සටහනක් හෙට එංගලන්තයේ channel 5 නාලිකාවඔස්සේ එරට වේලාවෙන් රාත්‍රී 7 ප්‍රධාන පුවත් විකාශය සමඟ විකාශය කරන බවට දැනුම් දී තිබෙනවා.
පසුගිය ඉරිදා දින ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේෂණය සඳහා සාගර පත්ලට කිමිදුණු පුද්ගලයන් 5 දෙනෙක් රැගත් අඩි 22 ක පමණ කුඩා ටයිටන් සබ්මැරීන් යාත්‍රාව අතුරුදන් වී මේ වනවිට දින 3 ක් පමණ ඉකුත්ව තිබෙනවා.
ඊයේ දින ඇමරිකා එක්සත් ජනපද හොම්ලැන්ඩ් සෙකියුරිටි අංශය විසින් ටයිටන් සොයා මෙහෙයුම් සිදු කරන කලාපය අවටින්මිනිත්තු 30 කාල පරාස අතර ශබ්ද කිහිපවරක් ඇසී තිබෙන බව තහවුරු කළා. කෙසේ නමුත් කුමන වෙලාවක මෙම ශබ්දඇසුණාද යන්න වාර්තා කර නෑ.
මේ වන නීව්ෆවුන්ඩ්ලන්ත වෙරළ සීමාවේ සිට කිලෝමීටර් 700 ඔබ්බෙන් පිහිටි ටයිටැනික් නෞකාව මුහුදුබත් වූ සාගර කලාපයඅවට වර්ග කිලෝමීටර් 20,000 ක පමණ ප්‍රදේශයක් ඇමරිකා, කැනඩා වෙරළ ආරක්ෂක අංශ ගුවනින් සහ හමුදාමය නෞකාභාවිතයෙන් තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කරමින් පවතිනවා.
එකම ගැටලුව වී ඇත්තේ උපරීමම වශයෙන් තවදුරටත් ටයිටන් සබ්මැරීන් යන්ත්‍රයේ පුද්ගලයන් 5 හට ඔක්සිජන් ඇත්තේ තවත් පැය10-15 ත් වගේ අතර කලයකට පමණයි.
මෙසේ නමුත් තවදුරටත් අමතර සෝනාර් නිකුත් කරන බෝයා වන් සහ දුරස්ථව මෙහේවිය හැකි ROV යන්ත්ර දෙකක් අඩි12,000 ක් යට කිමිදීම සඳහා එක් කර තිබෙනවා. මීට අමතරව තවත් නෞකා සහ ගුවන් යානා මෙන්ම ටයිටන් සබ්මැරීන්යන්ත්‍රයේ මව් යාත්‍රාව වන පොලාර් ප්‍රින්ස් නෞකාවත් මෙහෙයුම් සඳහා එක්ව තිබෙනවා.
අඩි 12,000 ක පමණ ගැඹුරු මුහුදේ ජල පීඩනය දළ වශයෙන් වායුගෝලීය පීඩනය මෙන් 360 ගුණයක් පමණ වෙන බවයි වාර්තාවෙන්නේ.
සාමාන්‍ය මිලිටරි සබ්මැරීන් එකක් මුහුදේ කිමිදෙන ගැඹුර උපරුම අඩි 3000 යි.නමුත් මෙම ටයිටන් සබ්මැරීනය අඩි 12,000 නැත්තම් කිලෝමීටර් 3.8 ක් පමණ ගැඹුරු ඇති බවයි සැක කෙරෙන්නේ. ඊට හේතුව ටයිටැනික් නැවේ නටබුන් ඇත්තේ එපමණගැඹුරකින්.
#SriCOM #TitanicSubLostAtSea