'Thunivu' vs 'Varisu': Ajith-Vijay fans fight outside Chennai cinema hall, tear movie posters

by Menuka Risith

'Thunivu' vs 'Varisu': Ajith-Vijay fans fight outside Chennai cinema hall, tear movie posters

Share

අජිත් කුමාර් ගෙ සහ තලපති විජයිගේ රසිකයින් අතර ගැටුමක්

ජනවාරි 11 වෙනිදා එනම් අද දිනයේදි පොංගල් වෙනුවෙන් නිකුත් කල අජිත් කුමාර්ගෙ Thunivu සහ විජේගෙ Varisu චිත්‍රපට නැරඹීමට පැමිණි අජිත්ගෙ සහ විජේගේ රසිකයන් විසින් දෙපාර්ශවයේ පෝස්ටර් ඉරා දමමින් ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.
මේ සිදුවීම චෙන්නායි ප්‍රදේශයේ සිනමා ශාලාවක් ඉදිරිපට තමයි සිදු වී තිබෙන්නෙ. ඒ වගේම මොවුන් සිනමා ශාලාවේ දොරවල් කඩා ඇතුල් වීමට උත්සහ කර තිබෙනවා

ඉන්දියානු වෙලාවෙන පාන්දර 1 ට Thunivu තිරගත වීම ආරම්භ කර ඇති අතර Varisu තිරගත වීම ආරම්භ කර තිබෙන්නෙ පාන්දර 4 ටයි.
මේ ආකාරයට එකම දිනයේදි චිත්‍රපට දෙකක් නිකුත් කිරීම සහ විශාල ජනකායක් චිත්‍රපට දෙක නැරඹීම සඳහා පැමිණිම සිද්ධ වෙලා තියෙන්නෙ අවුරුදු 9යකට පසුවයි.

ගැටුමට හේතුව වෙලා තියෙන්නෙ චිත්‍රපටයන් දෙකම එකම දිනයේදි නිකුත් වීම සහ අජිත් කුමාර්ගේ Thunivu චිත්‍රපටය තලපති විජයිගේ Varisu චිත්‍රපටයට කලින් ප්‍රදර්ශනය කිරීම සහ චිත්‍රපට දෙකේ ආදායමට බලපෑමක් සිදු වන නිසායි.

Via: Times Now

#SriCOM#Indians