🗓| “The Walking Dead” premiered 13 years ago today.📺
අතිශය ජනප්‍රිය The Walking Dead කතාමාලාව පළමු වරට විකාශය ආරම්භ වී අදට වසර 13ක් සපිරෙයි.
AMC නාලිකාව ඔස්සේ 2010 වසරේ ඔක්තෝබර් 31 වනදා විකාශය ආරම්භ කර 2022 වසරේ නොවැම්බර් 20 දක්වා වසර 12ක් පුරා කතාසමයන් 11ක් කතාංග 177ක් විකාශය වී අවසන් වූ The Walking Dead කතාමාලාවේ එක් කතාංගයක නිෂ්පාදන පිරිවැය ඇ.ඩො මිලියන 3.4ක් පමණ බවට වාර්තා වෙනවා.
මෙම කතාමාලාව Golden Globe, Emmy ඇතුළු ප්‍රධාන සම්මාන උළෙලවල් රාශියකදී විවිධ කාණ්ඩ යටතේ සම්පූර්ණ සම්මාන 155ට නිර්දේශ වී ඒවායින් 70ක් දිනාගැනීමටද සමත්ව තිබෙනවා.
මෙම කතාමාලාව නිර්මාණයට පාදක වී ඇත්තේ ජනප්‍රිය චිත්‍ර කතා රචකයෙකු වන Robert Kirkman සහ Tony Moore විසින් නිර්මාණය කරන ලද 2003 වසරේ The Walking Dead නමින්ම නිකුත් වූ චිත්‍රකතාමාලාවකි.
මෙම කතාමාලාවට සාපේක්ෂව Spin-off නිර්මාණ ලෙස 2015 වසරේ සිට Fear the Walking Dead නමින් කතාමාලාවක්ද, 2020 වසරේ සිට The Walking Dead: World Beyond නමින් කතාමාලාවක්ද, 2022 වසරේ Tales of the Walking Dead නමින් anthology කතාමාලාවක්ද විකාශය වූ අතර The Walking Dead: Dead City, The Walking Dead: Daryl Dixon සහ The Walking Dead: The Ones Who Live නමින් නවතම spin-off කතාමාලාවන් 3ක්ද නිවේදනය කර තිබෙනවා.
ඉතින් The Walking Dead ගැන ඔයාගේ මතකයන් ඔයා ආසම චරිතයන් එහෙම මතක් කරගෙන යමුද?