ROSA OS නම් මෙහෙයුම් පද්ධතියක් සමඟින් නවතම ජංගම දුරකථන මාදිලියක් රුසියාව විසින් එළිදක්වයි.

by Yashitha Bhashana

ROSA OS නම් මෙහෙයුම් පද්ධතියක් සමඟින් නවතම ජංගම දුරකථන මාදිලියක් රුසියාව විසින් එළිදක්වයි.

Share

📱| The Russian smartphone R-FON on the ROSA mobile operating system is presented.📲🇷🇺

R-FON නමින් රුසියාවේ නිෂ්පාදිත ජංගම දුරකතන මාදිලියක් නොබෝදා මාධ්‍යයට එලි දැක්වුවා. 2024දී එය පාරිභෝගිකයන් වෙත නිකුත් කිරීමට නියමිතයි. මෙහි විශේෂත්වය වන්නේ එය ක්‍රියාත්මක වන්නේද රුසියාවේ නිෂ්පාදිත ROSA Mobile නම් මෙහෙයුම් පද්ධතියකින් වීමයි. එය නිර්මාණය කර ඇත්තේ ROSA Linux මෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන බවටද වාර්තා වෙයි.

Android මෙහෙයුම් පද්ධතියට වඩා පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු සහ දත්ත වලට ඉහළ සුරක්ෂිතතාවක් මෙම Rosa Mobile OS මගින් ලැබෙන බව සඳහන්.

මේ R-FON එකෙ specifications 👇👇

📱 6.7-inch screen
🤳50 MP main camera
🔐 fingerprint sensor
📶 dual SIM slot
🗃 8 GB RAM
🗄 128 GB internal memory
🔋 5000 mAh battery
🔌 USB-C port
ᯤ Wi-Fi, Bluetooth, NFC

ෆෝන් එකකට රූබල් 40,000ක (රුපියල් 140,000) මිලක් නියම කර තිබෙනවා.

රුසියාවට 2022දී පැනවූ අත්තනෝමතික සම්බාධක හමුවේ ඇපල් සමාගම ඇතුළු සමාගම් රැසක් ඉන් ඉවත්වූ අතර එහිදී දේශීය ජංගම දුරකතන මාදිලි සඳහා වැඩි ඉල්ලුමක් ඇතිවුණා.

චීනයේ Huawei සමාගමේ mobile phones සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ Android OS විසින් වාරණයක් දියත් කල බව ඔබට මතක ඇති.

මෙවැනි අත්තනෝමතික වාරණයන් ක්‍රියාත්මක කරවීමේ සම්භාවිතාවයද රුසියාවේම නිපැයුමක් වන Rosa Mobile OS එක පාවිච්චි කිරීම නිසා අහෝසි වන බැවින් මෙම R-FON එක රුසියන් ජංගම දුරකතන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ඇත.

Via: රුසියන්කාරයා