මාවල් විශ්වයට ආ අලුත්ම සුපිරිවීර චරිතය - කහෝරී

by Nishal Perera

මාවල් විශ්වයට ආ අලුත්ම සුපිරිවීර චරිතය - කහෝරී

Share

අද අපි Sri COM at 7 සෙග්මන්ට් එකෙන් කතා කරන්නේ මාවල් විශ්වයට හඳුන්වා දුන් අළුත්ම සුපිරිවීර චරිතය කහෝරි ගැන🦸🏽‍♀️🪶🪃 Hi guys, 😌 What if...? දෙවෙනි සීසන් එකේ හයවෙනි එපිසෝඩ් එක පෙරේදා release උනා කියල ඔයාල දන්නවා ඇතිනෙ. ඔන්න ඒත් එක්කම මෙච්චර කල් Marvel Comics වලවත් Marvel Cinematic Universe එකේවත් කලින් දකින්න නොලැබුනු අලුත්ම Character එකක දොරට වැඩීමත් ඊයෙ සිද්ද වුනා. ඉතින් අද කතා කරන්න යන්නේ මේ අලුත් චරිතය ගැන. ඒ තමයි Kahhori. 👀💙 කහෝරි කියන්නෙ What if Season 2 වෙනුවෙන්ම හදුන්වල දීපු චරිතයක්. මෙයාව නිර්මාණය කරන්නෙ Episode 6 යේ writer උනු Ryan Little. හැබැයි මේ විදියට Marvel ල series එකක් වෙනුවෙන් හරි movie එකක් වෙනුවෙන් හරි අලුත්ම චරිතයක් හදුන්වල දුන්න පලවෙනි අවස්ථාව මේක නෙවෙයි. මීට කලින් Avengers Movies වල හිටපු Phil Cloulson, Loki Series එකේ Sylvie සහ Miss Minutes, Moon Knight series එකේ Layla සහ WandaVision series එකේ Darcy, Ant-Man චිත්‍රපට වලින් දැක්ක Luis කියන්නෙත් ඒ විදියට ඒ ඒ නිර්මාණ වෙනුවෙන් අලුතින් හදුන්වල දුන්න චරිත. ඒ නිසා මේ කිසිම චරිතයකට Comic background එකක් නෑ. එයාලගෙ Origin එක වෙන්නෙ කතාව ඇතුලෙ අපිට පෙන්නන දේ. ඉතින් කහෝරිටත් ඒ වගේම තමයි. අපිට කහෝරි ගේ Origin එක විදියට ගන්න වෙන්නෙ What if Season 2 එකෙන් කහෝරි ගැන පෙන්නන Story එක. ඉතින් කාතාව පැත්තට හැරුනොත්, කහෝරි කියන්නෙ ඇමෙරිකාවේ යටත්විජිතකරණයට කලින් ඉදන් ජීවත්වුන "Mahawk" නමින් හදුන්වන ඉපැරණි ස්වදේශීක ගෝත්‍රිකය කෙනෙක්. මෙයාලගෙ මවු භාශාව වෙන්නෙත් Mahawk. Kahhori ගෙ නම හැදෙන්නෙ "Kah-Horti" කියන Mahawk වචන දෙක එකතු වෙලා. ඒකෙ තේරුම වෙන්නෙ "වනය කලබන්නී" කියන එක. 🌪️🌿 ගොඩක් realities වල වගේම මේ reality එකෙත් ඇස්ගාඩ් වල විනාශය වෙන්නෙ රැග්නරොග් එක. Surtur ගේ අසිපතෙන් සියලු දෙවිවරුන් සමග ඇස්ගාඩ් විනාශ වෙලා ගියත් ඔඩින් අතේ තිබුනු ටෙසරැක්ට් එක ආරක්ෂිතව බේරෙනවා. ඒ විදියට බේරුනු ටෙසරැක්ට් එක එන්නෙ පෘථිවියට🧊🌏 Mahawk ගෝත්‍රිකයින්ගේ මුතුන් මිත්තන් ජීවත්වෙලා හිටපු කාලයේ ඒ ප්‍රදේශයේ තිබුනු විලකට මේක වැටෙනවා. හැබැයි ඒ වැටීමෙදි සිදුවුන ඝට්ටනයෙන් ටෙසරැක්ට් එකට හානිවෙලා ඒ තුලින් Cosmic කිරණ රාශියක් නිදහස් වෙනවා. ඒ නිදහස් උනු කිරණ හැම එකක්ම විලේ ජලයට එකතුවෙනවා. මේ විලට බැස්ස Mahawk ගෝත්‍රිකයින්ගෙන් කිසිම කෙනෙක් ආපහු කවදාවත් ආවෙ නැති නිසා Mahawk ගෝත්‍රිකයින් මේක ශාපලත් තැනක් විදියට නම් කරනවා වගේම මෙතනට යන එකත් තහනම් කරනවා. ඔවුන් මේක හැදින්වුවෙ "තහනම් විල" කියලා. කොහොමහරි කහෝරිගෙ කතාව පටන්ගන්නෙ ඊට දශක ගණනාවකට පස්සෙ 15 වන සියවසේ අගභාගයේදි. මේ කාලෙදි තමයි ස්පාඤ්ඤයේ ඉසබෙලා රැජින අතීත පෙරදිග ඉන්දීය දූපත් හෙවත් වර්තමාන ඇමරිකාව ආක්‍රමණයට ඇගේ නාවික හමුදාව එවන්නෙ. හැබැයි මේක නිකන්ම ආක්‍රමණයක් උනේ නෑ. ගොඩබිම අල්ලගන්නවට අමතරව තාරුණ්‍යයේ ජලාශය විදියට හදුන්වන තහනම් විල හොයාගන්න අරමුණකුත් මෙයාලට තිබුනා. කොහොමහරි Mahawk ගෝත්‍රයේ ජනාවස තියෙන ප්‍රදේශය ආසන්නයෙන් ගොඩබහින ස්පාඤ්ඤ හමුදාව Mahawk ගෝත්‍රිකයන්ට පහරදෙනවා. මේ පහරදීම් වලින් බේරෙන්න පැනල යන Kahhori ට සහ ඇයගෙ සහෝදරයා උනු Wahta ට තාරුණ්‍යයේ විල හම්බවෙනවා. හැබැයි ඔවුන්ගෙ පස්සෙන් එලවන් ආපු සෙබළුන්ගෙ වෙඩි පහර වදින කහෝරි විලට වැටෙනවා. මන් කලින් කිව්ව වගේ ජලාශය පතුලෙ තියෙන ටෙසරැක්ට් එකෙන් නිකුත් උන Cosmic කිරණ ජලාශය පුරා විහිදිලයි තිබුනෙ. ඉතින් මේ Cosmic Energy එක පිරුණු ජලය හරහා යන ඇයට Cosmic Energy එක ලැබෙනවා. ඔය විදියට තමයි Kahhori කියන සුපිරි වීර චරිතය නිර්මාණය වෙන්නෙ. ✨️ කහෝරි කියන්නෙ තාම multiverse එක ඇතුලෙ Build up වෙමින් පවතින චරිතයක්. ඒ නිසා එයාගෙ Power මොනවද කියල හරියටම කියන්න ඉක්මන් වැඩි උනත් Episode එකෙ පෙනුන දේවල් වලින් අපිට ඒ ගැන අදහසක් ගන්න පුලුවන්. ඒ අනුව මෙයාට සුපිරි ශක්තියක්, සුපිරි කල්පැවැත්මක්, සුපිරි වේගයක් හා හොද දරාගැනීමෙ හැකියාවක් තියෙනවා. 💪 ඒ වගේම Cosmic Energy එක beam එකක් විදියට පිටකරන්නත්, Energy එක Absorb කරන්නත්, Energy Shield එකක් Create කරන්නත් පුලුවන්. 🌀 ඊට අමතරව මූලද්‍රව්‍ය පාලනය කරන්නත්, Space Portals open කරන්නත්, telekinesis වගේ හැකියාත් කහෝරිට තියෙනවා. ඒ වගේම ඇයට වේගයෙන් සුවවීමෙ හැකියාවත් තියෙනවා. 🌿 Overroll ගත්තම කහෝරි කියන්නෙ MCU එක හොද විදිහට Build up කරපු චරිතයක් කියල භය නැතුව කියන්න පුලුවන්. 👏 පටන් ගත්ත වෙලාවෙ ඉදන් අනවශ්‍ය කොටස් නැතුව කතාව ගලාගෙන යන විදිය සහ එන්න එන්නම story එක improve වෙන විදියනම් superb. ඒ වගේම Episode 6 create කරන්න Mahawk ගෝත්‍රිය පිළිබඳ ඉතිහාස්‍යයෙක් උනු Doug George සහ Mahawk භාෂා ප්‍රවීණයෙක් වෙන Cecelia King වත් සම්බන්ධ කරගෙන තියෙනවා. සමහර MCU projects ඇතුලෙ සමහර female super hero characters විකාර නටන කාලෙක Animation එකක් ඇතුලෙ Multiverse එකට අලුතින්ම හදුන්වල දුන්න සහ season එකේ main ම character එකක් එලියට ගෙනාපු විදිය absolutely perfect. 👏 Finally, දවසක Kahhori වත් MCU එකෙන් අනිවාර්යයෙන්ම live action බලාගන්න පුලුවන් වේවි. What if season 1 එකේ හිටපු Captain Carter එහෙමත් MOM එකේ හිටියනේ. ඒ නිසා බලාපොරොත්තු තියන් ඉමු. 😌 ඒ වගේම කහෝරි තාම mcu එකට අලුත් චරිතයක් නිසා ඉස්සරහට එයාගෙ story එකයි character එකයි කොහොම build up වෙයිද කියන එක සහ powers improve වෙන්නෙ කොහොමද කියලත් අපි බලන් ඉමු. ඉතින් guys, මේ Article එක මෙතනින් ඉවරයි. ආයෙත් තවත් Article එකකින් අපි හම්බවෙමු. හැමෝටම සුබ දවසක්!! ❤