The Marvels චිත්‍රපටය MCU හි අඩුම ආදායමක් ලද චිත්‍රපටය ලෙස වාර්තා අතරට..

by Yashitha Bhashana

The Marvels චිත්‍රපටය MCU හි අඩුම ආදායමක් ලද චිත්‍රපටය ලෙස වාර්තා අතරට..

Share

📉| ‘The Marvels’ ends box office run as Lowest-Grossing MCU movie in history.

පසු ගිය නොවැම්බර් 7 වනදා තිරගත වීම ආරම්භ කල The Marvels චිත්‍රපටය ඇ.ඩො මිලියන 197 ආදායමක් ලබාගනිමින් මාවල් සිනමා විශ්වයේ අඩුම box office ආදායමක් ලබාගත් චිත්‍රපටය බවට පත් වෙයි.

ඇ.ඩො මිලියන 275ට ආසන්න පිරිවැයකින් නිශ්පාදනය වූ මෙම චිත්‍රපටය අනවශ්‍ය ලෙස කාන්තාවන් පමණක් යොදාගනිමින් නිර්මාණය කල නිසා ලොව පුරා රසිකයන්ගේ අප්‍රසාදයටද පත් විය.

2019 වසරේ නිකුත් වූ මෙහි පළමු චිත්‍රපටය වන Captain Marvel චිත්‍රපටය ඇ.ඩො බිලියන 1.131 එකක ආදායමක් ලබාගනිමින් අදායම් වාර්තා රැසක් තබා ඇත.

ඒවානම්
▫️ඇ.ඩො බිලියන සීමාව පසු කල පළමු කාන්තා සුපිරිවීර චිත්‍රපටය
▫️වැඩිම ආදායමක් ලද සුපිරිවීර චිත්‍රපට ලැයිස්තුවේ 12 වන ස්ථානය
▫️ඇ.ඩො බිලියනය සීමාව පසු කල 23 වැනි චිත්‍රපටය
▫️2019 වසරේ වැඩිම ආදායමක් ලද 5 වන චිත්‍රපටය