ගීසාහි මහා පිරමීඩ ගලවා ඉවත් කරන්න උත්සාහ කළ මිනිසා - Al-Aziz Uthman

by Uvindu Rajapakshe

ගීසාහි මහා පිරමීඩ ගලවා ඉවත් කරන්න උත්සාහ කළ මිනිසා - Al-Aziz Uthman

Share

12 වන ශතවර්ෂයේ හරියටම කියනවනම් ක්‍රිස්තු වර්ෂ 1193 දී ඊජිප්තුවේ පාලකයා වගේම දෙවැනි සුල්තාන් විදියටත් Al-Malik Al-Aziz Uthman ibn Salah Ad-Din Yusuf නැමති 22 හැවිරිදි කුමාරයා රජ බවට පත් වෙනවා.

Al-Aziz Uthman කියන්නේ Saladin ( සලදීන්/ සලාහ් අල් දින් ) නමැති ඊජිප්තු මුස්ලිම් සුල්තාන් වගේම,පාලකයා සේ කටයුතු කළ රජුගේ දෙවැනි පුත්‍රයා

Saladin රජු සෑහෙන ප්‍රසිද්ධ චරිතයක් තුන්වන කුරුස යුද්ධ කාලය ගැන කතා කරද්දී.ක්‍රිස්තු වර්ෂ 1187 දී Hattin වලදී විශාල ප්‍රමාණයක ක්‍රිස්තියානි බට පිරිසක් පරාජය කරලා ජෙරුසලම් නගරය අත්පත් කරගත්ත මුස්ලිම් සුල්තාන් තමයි Saladin. ඔහු තමයි Ayyubid වංශයේ ආරම්භකයා. Saladin ගාන කතා කරනවා නම් සෑහෙන ගොඩක් දේවල් තියෙනවා.

Kingdom Of Heaven කියන චිත්‍රපටයේ ජෙරුසලම්හි පාලකයා වන ලාදුරු රජු ලෙස හැඳින්වූ 4 වැනි බොල්ඩ්වින් රජු හා Saladin රජු අතර යුධමය අවස්ථාව අළලා කොටසකුත් ඇතුළත් වෙනවා.

Saladin රජු 1193 දී මියයන්න කලින් තමන් පාලනය කළ ප්‍රදේශ තමනගේ දරුවන්ට හා නැයන්ට බෙදලා දෙනවා. ඔහුගේ දෙවැනි පුතා වුණු Al-Aziz Uthman හට තමයි ඊජිප්තු ප්‍රදේශය ලැබෙන්නේ.

Al-Aziz Uthman කියන්නේ දැඩි මතධාරී ඉස්ලාම් භක්තිකයෙක් විදියට තමයි හඳුන්වන්නේ. ඔහු මේ ඊජිප්තු මහා පිරමීඩ දුටුවේ ඉස්ලාම් ඉගැන්වීම් වලට පටහැනි, අල්ලා දෙවියන්ගේ ඉගැන්වීම් වලට පටහැනි භෞතික නිර්මාණයන් විදියට. සරලවම කිව්වොත් පුරාණ ඊජිප්තුවන් වන්දනා කළ පේගන් දේව සංකල්ප ඇතුළත් පිරමීඩ සංකෘතිය ඔහු ප්‍රතික්ෂේප කරා.

මේ නිසා Al-Aziz Uthman තීරණය කළා මේ ඊජිප්තු පිරමීඩ විනාශ කරන්න. ඒ සඳහා ඔහු ලීවර, කූඤ්ඤ, විශාල කඹ, අත්වශ්‍ය උපකරණ ආදියෙන් සැදුම් ලත් කණ්ඩායමක් හදලා පිරමීඩ විනාශ කිරීම පටන් ගත්තා.

මුලින්ම ඉතාම කුඩා ප්‍රමාණයේ පිරමීඩ විනාශ කළා.ඊට පස්සේ ඔහු පටන් ගත්තේ ගීසාහි මහා පිරමීඩ තුනෙන් කුඩාම පිරමීඩය වෙන මීටර් 65 ක් උස Menkuare කියන පිරමීඩය විනාශ කරන්න.

දිගටම ඔහොම උත්සහයේ යේදෙද්දි විනාශ කරන්න ආපු පිරිස් මේක කරන්න බෑ කියලා උත්සාහය අත හැරලා යනවා.Al-Aziz Uthman ආයෙත් පිරමීඩ විනාශ කරන්නම කියලා භට කණ්ඩායමක් සකස් කරලා මාස 8 ක් තිස්සේ Menkaure පිරමීඩය විනාශ කරන්න උත්සාහ දැරුව.

කොහොම වුනත් මෙයාලට දවසකට එක ගලකට, දෙකකට වඩා පිරමීඩයෙන් අයින් කරන්න බැරි වුණා.අයින් කරන ගලත් වැඩි දුරක් ගෙනියන්නත් බැරි වුණා. මෙයාලට තේරුණා පිරිමීඩ විනාශ කරන්න යන වියදම පිරමීඩයක් හදන්න යන වියදම වගේම විශාල වියදමක් යන ඉතාම අපහසු කාර්යක් බව.

Al-Aziz Uthman රජු මාස 8 කට පස්සේ වැඩේ අත හැරලා දැම්මා.මිනිහට මේක කරන්න බැරි වැඩක් කියලා තේරුම් ගන්න මාස 8 ක්ම ගියා. Al-Aziz Uthman ගේ කාලේ ඉඳන් පිළිගන්න කාලය අනුව අවුරුදු 3500 කට විතර කලින් ඉදි කරපු මහා පිරමීඩ තව දුරටත් ආරක්ෂා වුණා.

අදටත් Menkaure පිරමීඩයේ සිරස් අතට තියෙන ගල් ඉවත් කරන ලද කුහරය Al-Aziz Uthman විසින් එහි ගල් ඉවත් කරන්න උත්සාහ දරපු එකේ ප්‍රතිඵලයක් ලෙසයි කියන්නේ.එකේ පින්තූරයක් පහළ තියෙනවා.

කොහොම වුනත් ක්‍රිස්තු වර්ෂ 1198 දී 27 හැවිරිදි Al-Aziz Uthman දඩයම් කරන්න යාමේදී අනතුරක් වෙලා මියගිය කියලයි සඳහන් වෙන්නේ.

Pasindu Herath • ශ්‍රි කොම්