අවුරුදු 64ක් වයස ප්ලාස්ටික් කෙල්ල - “බා‍ර්බි” (The history of Barbie Doll)

by Uvindu Rajapakshe

අවුරුදු 64ක් වයස ප්ලාස්ටික් කෙල්ල - “බා‍ර්බි” (The history of Barbie Doll)

Share

පුංචි ගෑනු ළමයින්ට බෝනික්කො කිව්වොත් ඊට වඩා දෙයක් ඕනෙ නෑ. බෝනික්කොයි කෙල්ලොයි කියන්නෙ හොඳම යාලුවො වගේ සම්බන්ධයක් නෙ. බෝනික්කව නාවනවා,කොණ්ඩෙ පීරනවා,කොණ්ඩ මෝස්තර දානවා, පුටු දෙකක් එක්ක මේසයක් දාලා පොඩි තේ පෝච්චියකුයි තේ කෝප්ප දෙකකුයි ලෑස්ති කරන් එක පුටුවක එයත් අනිත් පුටුවෙ බෝනික්කවත් වාඩි කරලා තේ බොනවා ඔය වගේ සෑහෙන්න දේවල් කරනවනෙ. එහෙම කරන බෝනික්කො වර්ග වලින් අපි කවුරුත් හොඳටම දන්න බෝනික්කෙක් තමයි Barbie doll කියලා කියන්නෙ. බා‍ර්බි නිකන්ම නිකන් සෙල්ලම් බඩුවක්/බෝනික්කෙක් වගේ පෙනුනත් මෙයා ගැන අපි නොදන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මේ දවස්වල hot topic එකක් වෙන Barbie චිත්‍රපටයට සම්බන්ධ Barbie doll ගෙ ඉතිහාසය ගැන ඔයාලා දන්නෙ නැති විස්තර ටිකක් මං අද අරන් එන්න හිතුවා. යමු එහෙනම් කතාවට...

පෙනුමෙන් නම් බාර්බි තරුණ කෙල්ලෙක් උනාට මෙයාට දැන් වයස අවුරුදු 60කටත් වැඩියි.

හරියටම ගණන් බැලුවොත් මීට අවුරුදු 64කට කලින් තමයි බා‍ර්බි මේ ලෝකෙට බිහි වෙන්නෙ. බා‍ර්බි ගැන මුල්ම අදහස එන්නෙ Mattel සෙල්ලම් බඩු සමාගමේ සම නිර්මාතෘ වෙන Ruth Handler ගෙන්. (කලින් ආටිකල් එකෙන් කතා කරපු හොට් වීල්ස් නිර්මාතෘ එලියට් හැන්ඩ්ලර්ගෙ බිරිඳ) බාර්බිගේ පෙනුම ජර්මන් ටැබ්ලොයිඩ් පත්තරේට Reinhard Beuthien කියන ශිල්පියා නිර්මාණය ක​ළ චරිතයක් උන බිල්ඩ් ලිලී නම් (Bild Lilli) කාටූන් කැරැක්ටර් එක අනුසාරයෙන් හැඩගස්වලා තියෙනවා. ලිලීව පත්තරේ කට්ටිය බෝනික්කෙක් කරලා වෙළෙඳපොළට දාන්න අදහස් කරන්නෙ 1953දි. පිරිමින්ට දුම්කොළ වෙළඳසැල් වලින් මිලදී ගත හැකි තෑග්ගක් විදිහට (වැඩිහිටි බෝනික්කෙක් ලෙස) මුලින් අලෙවි කරපු ලිලී බෝනික්කා පස්සෙ ළමයි අතර අතිශයින් ජනප්‍රිය උනා. Mattel ලා ලිලීගේ අයිතිය මිලදී ගත් අතර, හැන්ඩ්ලර් එයාගෙම version එකක් නිර්මාණය කලා. එතන ඉඳන් ලිලීගෙ නිෂ්පාදනය නැවතුනා සහ බාර්බිගේ නිෂ්පාදනය අන්න ඒ විදිහට ආරම්භ උනා. Barbara Millicent Roberts තමයි පළවෙනි බාර්බිගේ නම. හැන්ඩ්ලර් දෙපළගේ දුව උන බාබරාගෙ නමින් තමයි ඒ නම බාර්බිට ලැබුනෙ. බාර්බිගේ නිල උපන් දිනය වෙන්නේ 1959 මාර්තු 9 බාර්බිව නිල වශයෙන් ලෝකයට හඳුන්වා දුන් දිනයයි. ඒ නිව්යෝර්ක් හි ජාත්‍යන්තර ඇමරිකානු toy fair එකකින්. අඟල් 11ක් උස බාර්බි කළු සුදු ඉරි සහිත නාන ඇඳුමකින් සැරසිලා pool party එකකට යන ආකාරයකින් තමයි බාර්බි වෙළඳපලට මුලින්ම නිකුත් වෙන්නෙ. ළමා පෙනුමක් නොවන, වැඩුණු ගැහැණියකගේ පෙනුම තියෙන, නමුත් දරුවන්ට සුදුසු එකම සෙල්ලම් බෝනික්කා ඇය නිසා හැමෝගෙම ඇහැ බාර්බි වෙතට යොමු වුනා. පළවෙනි බාර්බි ඩොලර් 3ක මුදලකට (ඒ බාර්බි එක්කම එන විවිධ ඇඳුම් පැළඳුම් සහ පළඳනා එක්ක) විකිණුනු අතර පළමු වසර තුළ බාර්බි බෝනික්කන් 300,000ක් විකිණුනා.

බාර්බිගෙ ජීවිත කාලය තුළ, බාර්බි careers 250 කට වඩා තියෙනවා. නීල් ආම්ස්ට්‍රෝංග් ට වසර හතරකට පෙර 1965 දී සඳට ගිය ඇය (ගගනගාමි බාර්බි - astronaut Barbie) එතැන් පටන් වෛද්‍යවරියක්, පාෂාණ විද්‍යාඥවරියක්, rock star කෙනෙක් සහ පරිගණක ඉංජිනේරුවරියක් දක්වා සියලුම අකාරයේ බාර්බි ඩෝල් ලා උනා. (අපේ ජොනී අයියා වගේ )

බාර්බිගෙන් පස්සෙ බා‍ර්බිගේ ලෝකෙට තව හුඟක් චරිත එකතු වෙන්නෙ මෙතන ඉඳන්. අවුරුදු දෙකක් තනිකඩව වෙළෙඳපොළට ආපු බාර්බිට 1961 දි Ken Carson නම් බාර්බිගෙ පෙම්වතා වූ පිරිමි බෝනික්කාව හඳුන්වා දෙනවා. කෙන් කියන නම ඒ බෝනික්කට ලැබුනේ හැන්ඩ්ලර් දෙපලගෙ පුතාගෙ නමින්. බාර්බිගෙ අම්මා සහ තාත්තා වෙන්නෙ ජෝර්ජ් සහ මාග්‍රට්. ස්කිපර්, කෙලී ස​හ චෙල්සී ත්, ටුටී සහ ටොඩ් කියල නිවුන්නු දෙන්නෙකුත් බාබිගෙ සහෝදර සහෝදරියො විදියට එකතු වෙනවා. ටුටී 1971 දි විතර පසු කාලෙකදි බාබි පවුලෙන් අයින් වෙලා ඒ වෙනුවට 1992 දි "ස්ටේසි" මේ පවුලට එකතු වෙනවා. (බාර්බිගේ පවුලේ අනිත් සාමාජිකයන්ගේ නම් වලටත් හැන්ඩ්ලර් පවුලේම අයගෙ නම් භාවිත වෙලා තියෙනවා කියල බාබරා කියලා තියෙනවා.) බාර්බි යනු ලිංගික සංකේතයක් පමණක් බවට එල්ල වූ විවේචනවලට ප්‍රතිරෝධය දැක්වීමට mattel 1963 දී බාර්බිගේ හොඳම මිතුරිය වන Midge Hadley හඳුන්වා දුන්නා. ඒ වගේම බාබිගෙ ශරීර හැඩයත් කාලයක් තිස්සෙම විවිධ මතභේද වලට ලක්වෙලා තියෙනවා. Action figures හදන පරිමාණය වෙන 1/6 පරිමාණයට තමයි බාර්බි නිර්මාණය වෙලා තියෙන්නෙ. හැබැයි මේ ප්‍රමාණ අනුව බාබිගෙ සාමාන්‍ය මිනිස් ප්‍රතිරූපය පපුව 38ත් ඉණ 18ත් උකුල 28 විදියට එන්න ඕන.

මේ ගැන mattel ලට ආපු පැමිණිලි වලට ඔවුන් පිළිතුරු දුන්නේ විවිධ ශරීර හැඩ සහ සමේ පැහැයන්ගෙන් බාර්බි ඩෝල්ස් ලා වෙළඳපලට නිකුත් කිරීමෙනුයි. 1965 දි රාත්‍රී සාද තේමාවෙන් ආපු බාර්බි එක්ක බාබිගේ ඇඟේ බර අඩු කරගන්න එක ගැන උපදෙස් පොතකුත් ලබාදීලා තියෙනවා. පොතේ එක ටිප් එකක් විදියට “කෑම කන්න එපා” කියන උපදෙසත් ඇවිත්.

ඒකෙ හැටියට බාර්බිගේ උසේ හැටියට රාත්තල් 39ක්ම බර අඩුයි. තේරෙන බාසාවෙන් කිව්වොත් බාබි කියන්නෙ නිරෝගී නොවන අඩු බරකින් යුතු ගෑණු ළමයෙක්.

1967 දී බ්‍රිතාන්‍ය ජාතික සුපිරි නිරූපිකාවක් සහ ගායිකාවක් වූ Twiggy නමින් හැඳින්වූ ලෙස්ලි ලෝසන් පළවෙනි celebrity barbie බවට පත් වුනා. Cher, Audrey Hepburn, Diana Ross සහ JK Rowling පසු කාලයේ celebrity Barbies කාණ්ඩයට එකතු වුනා.
එක එක superstarsලගෙ රූප වලිනුත් බාර්බි ඩෝල්ස්ලා නිෂ්පාදනය වෙලා තියෙනවා. පළවෙනි බාර්බි බෝනික්කා 1950 ගණන්වල Elizabeth Taylor හා Marilyn Monroe වැනි තාරකාවන් අනුකරණය කලා. Beyoncé,Grace Kelly,Prince William and Kate Middleton,Katy Perry,Jennifer Lopez,Nicki Minaj,Shakira,Elvis and Priscilla Presley,Gigi Hadid වගේම පීතර කොලුවගෙ Zendaya ත් මේ විදියට බාර්බි ඩෝල් figures බවට පත් වෙලා තියෙන ප්‍රසිද්ධ චරිත අතර ඉන්නවා.


මේ වගේ විවිධ බාර්බිලා එක්ක අප්‍රිකානු - ඇමරිකානු බාර්බිලා, latina බාර්බිලා,president barbie ලා, drag queen barbie ලා වගේ නිෂ්පාදනත් කාලයත් එක්කම වෙළෙඳපොළට ආවා.

2009 දී බාර්බිගේ 50 වෙනි සංවත්සරය සැමරීම සඳහා, Barbie New York Mercedes-Benz Fashion Week හි ඇයගේම විලාසිතා සංදර්ශනයක් පැවැත්වුනා. කැපී පෙනෙන නිර්මාණකරුවන් 50 දෙනෙකුගේ බාර්බි මුල් නිර්මාණ එයට ඇතුළත් වුනා. (පළවෙනි බාබි ඩෝල්ගෙ ඇඳුම් විලාසිතාව වූ කලු සුදු ඉරි සහිත නාන ඇඳුම ඇතුලු මුල් නිර්මාණ කිහිපයක්)

පිළිකාවෙන් පෙළෙන තරුණ ගැහැණු ළමයින්ට උපකාර කිරීම සඳහා mattel විසින් එලා(Ella) නම් බාර්බිගේ තට්ට‍ය සහිත version එකක් හඳුන්වා දුන්නා. (Ella, the First 'Chemo Barbie') 2012 දී ප්‍රථම වරට නිෂ්පාදනය කරන ලද ඒවා සීමිත සංඛ්‍යාවකින් පමණක් නිර්මාණය කර ඇති අතර ඒවා කෙලින්ම රෝහල් වෙත බෙදා හැරියා. පිළිකා රෝගියෙකුගේ මවකගේ පෙත්සමකට ප්‍රතිචාර දක්වමින්, Mattel 2014 දී තවත් Ella Barbies නිෂ්පාදනය කිරීමට එකඟ වුනා.


1959 සිට ඇගේ පළමු ඇඳුම සිහිපත් කරන කළු සහ සුදු ඇඳුමකින් සැරසී සිටි බාර්බි 2014 Sports Illustrated swimsuit edition හි කවරය සැරසුවා. ඒ වගේම බාර්බි බෝනික්කන් නූතන කාන්තාවගේ විවිධත්වය නිවැරදිව පිළිබිඹු නොකරන බවට එල්ලවූ දිගුකාලීන විවේචන විසඳීම සඳහා 2016 දී Mattel විසින් Barbie Fashionistas හඳුන්වා දුන්නා. ඔවුන් ශරීර වර්ග හතරකින්, සමේ වර්ණ හතකින්, ඇස් වර්ණ 22කින් සහ කොණ්ඩ මෝස්තර 24කින් වෙළෙඳපොළට නිකුත් උනා.

2018 දී, Mattel විසින් නව "Inspiring Women" එකතුවක් නිකුත් කරන ලද අතර එහි නව ඉතිහාසයක් ඇති කරන කාන්තාවන් තිදෙනෙකු ඇතුළත් වෙනවා. ඒ,

මුල්ම බා‍ර්බි විකිණුනේ ඩොලර් තුනක මුදලකට උනාට මේ මුල්ම බැච් එකේ බාර්බි කෙනෙක් අළුත්ම තත්ත්වයෙන් ඉන්නව නම් අද වෙන කොට ඩොලර් 25,000ක පමණ මුදලකට විකුණන්න පුළුවන්. වින්ටේජ් බඩු එකතු කරන අය මීටත් වඩා ගණන් දීලා පරණම බාර්බි ඩෝල්ස්ලව මිලට ගන්නවා.

ඉතින් අපි නොදැන හිටපු බාර්බි ඩෝල්ගේ අතීත කතාව තමයි මේක. කියවලා ඉවර වෙලා මාගරට් අක්කා ඉන්න 1/10 වගේ සුපිරි IMDB rate එකක් තියෙන Barbie 2023 movie එකත් බලන්න ලෑස්ති වෙමු එහෙනම්.

අලුත් කතාවකින් පස්සෙ හම්බෙමු.

භාෂණ • ශ්‍රී කොම්