නූතන විද්‍යාත්මක ආකෘතියේ සම්මත පොදු පිළිගැනීම අනුව මීට අවුරුදු 300,000 කට කලින් මිහිමත පහළ වූ හෝමෝ සේපියන් මානවයා විසින් දඩයම් යුගය, එඬේර යුගය, සහ ගොවි යුගය පසුකරගෙන 14 වන සියවස වෙනකොට කාර්මික යුගයට පැමිණියා.
මීට වසර සියයකට පමණ පෙර දී එම කාර්මික යුගය කෙමෙන් කෙමෙන් තොරතුරු යුගයක් බවට පෙරලීම ආරම්භ වුණා. සරලවම අද වෙනකොට වෙනකොට පවතින්නේ කාර්මික-තොරතුරු යුගයේ අවසන් අධියර සහ කෘතිම බුද්ධිමය යුගයේ (Artificial Intelligence -AI) සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන යුගයක.
මේක තවත් විදියකින් කිව්වොත් අවුරුදු ලක්ෂ 3 ක් පුරාවට හෝමෝ සේපියන් මානවයා තමන්ගේ පහසුව තකා විවිධ භෞතික මෙවලම් නිර්මාණය කරමින් ගල් යුගය, ලෝකඩ යුගය සහ යකඩ යුගය පහුකරලා ආපු විපල්වීය හැරවුමක ශතවර්ෂයක්.
මීට අවුරුදු 15 කට පමණ පෙර සමාජයේ AI ගැන කතා කරපු විදියයි අද AI ගැන කතා කරන විදියයි ගැන සරලව හිතලා බැලුවොත් මේ විප්ලවීය වෙනස ගැන සමාන්‍ය ජනයා පවා අවදියෙන් ඉන්න බව පේන කරුණක්.
AI යෙදවුම් මහා සමාජයට අලුත් වුණාට AI සංකල්පය ගොඩක් පරණයි. සයන්ස් ෆීක්ෂන් නවල්, ෆිල්ම්, ටීවී සිරිස් වගේ නිර්මාණයන්වල මේ සංකල්ප ගැන ගොඩ කාලේකට කලින් ඕන තරම් කතා වෙලා තියෙන සහ දැනටත් කතා කරන මාතෘකාවක්. (ඇත්තමට සමහර අලුත් දේවල්ම නෙමේ, කතිකාවත පුළුල් වෙලා තියෙනවා)
චිත්‍රපට,විද්‍යා ප්‍රබන්ධ වල AI සංකල්ප ගැන කතා කරද්දී AI වල අපි තවමත් ළඟා වෙලා නැති සීමා මායිම් ගැන පවා මීට අවුරුදු ගානකට කලින් විද්‍යා ප්‍රබන්ධ තුළ කතා කරලා තියෙනවා. උදාහරණයකට AGI (Artificial General Intelligence), ASI (Artificial Super Intelligence) වගේ සංකල්පයන්.
මෑතක් වෙනකම්ම AI කියන්නේ AGI වලම කොටසක් ද, වෙනම දෙයක් ද වගේ විවිධ විවාද ඇති වෙලා තිබුණා. පෞද්ගලිකව මම දකින්නේ මේ සියලු දේවල් AI කියන මහා කැටගරි එකට දාන්න පුළුවන් නමුත් පැහැදිලි ප්‍රධාන වෙනස්කම් සහිය මාතෘකා. Artificial Intelligence (AI) නැතිනම් කෘතිම බුද්ධිය: ANI, AGI, ASI විදියට කැටගරි කරන්න පුළුවන්
කෘතිම බුද්ධිය කියන්නේ මොකද්ද? බරවචන නැතිව සරලවම කිව්වොත් මිනිසා සතුව ඇති සංජානන හැකියාවන් (Cognitive Functions) කුඩා පරිමාණයෙන් හෝ මහා පරිමාණයෙන් යන්ත්‍රයකටත් කරන්න පුලුවන් වීම කියන එක.
සියල්ලන් එකඟවන පරිදි භෞතික සීමා වල නූතන විද්‍යාත්මක ප්‍රවාහයේ විශ්වයේ විශිෂ්ටතම නිර්මාණයන් අතර "මිනිස් බුද්ධිය" කියන නිපැයුම අති විශිෂ්ටයි. බුද්ධිය කියන්නේ මොකද්ද කියන එක තවමත් විවාද සම්පන්නයි. කතාව කොහොම වුණත් අපි තවමත් මිනිස් බුද්ධියේ සීමාවන් හඳුනාගෙන නැති බවයි මගේ අදහස.
ආපහු කෘතිම බුද්ධියට ආවොත් ANI නැතිනම් Artificial Narrow Intelligence කියන්නේ සරලවම එක විශේෂ කාර්යක් සඳහා නිර්මාණය වූ කෘතිම බුද්ධිමය වැඩසටහන්. ANI වලට අදාල කාර්ය නිශ්චිතයි.සීමා සහිතයි.ඒක ළඟා කරගන්න අවශ්‍ය සියලු විධි විධාන ලබා දීලා තියෙනව.මේ නිසාම Limited AI, Weak AI කියලත් හඳුන්වන්න පුළුවන්. අද වෙනකොට ලෝකයේ ක්ෂේත්‍ර ගණනාවකම දැනටමත් ANI භාවිතා වෙනවා. උදාහරණයකට facial recognition වගේ දෙයක් ගන්න පුළුවන්.
අද වෙනකොට මේ Narrow AI කියන එකෙන් එහාට ගිහිල්ලා AGI නැත්තම් Artificial General Intelligence වෙත ගමන් කරමින් ඉන්නවා.
AI සහ AGI වල වෙනස මොකද්ද ?
මෙතනදී AI කියලා මම හඳුන්වන්නේ Narrow AI සහ Strong AI (AGI) අතර පවතින අතරමැදි ස්ටේට් එක.(in between Narrow AI & AGI) සරලවම කිව්වොත් AI වලදී මිනිස් බුද්ධියත් පාවිච්චි වෙනවා. සීමා සහිත පැරාමීටර යටතේ සාමාන්‍ය මනුස්සයෙක්ට කළ හැකි කාර්යන් ඉතා කාර්යක්ෂමව නිරවද්‍යව ලේසියෙන් කරගන්න පුළුවන් අවස්තාවක්.
පහුගිය කාලේ වැඩි වශයෙන් කතා බහ වුන Mid journey වගේ යෙදවුමක් හිතන්න. මේකට ඇත්තමට මනුස්සයෙක්ට කරන්න පුළුවන් මට්ටමේ,ඇතැම් විට ඊටත් එහා යන මට්ටමට සිතුවම් නිර්මාණය කරන්න පුළුවන් කෘතිම බුද්ධිමය යෙදවුමක්. ඕක ප්‍රවර්ධනය වුණ කාලේ සැබෑ මිනිස් අතින් අඳින ලද කියලා මේ යෙදවුම් මාර්ගයෙන් නිර්මාණයන් කරලා විකුනපු සිද්ධිත් වාර්තා වුණා.
මෙකෙදි අපිට අවශ්‍ය වන නිර්මාණය කොහොම එකක්ද, කොයි වගේ එකක් ද, මොන වගේ වෙන්න ඕනද කියලා ප්‍රොම්ප්ට් වලින් අදාල විධාන දුන්නම එයා සිතුවම නිර්මාණය කරගන්නවා.අපට තව දුරටත් කරන්න ඕන වෙනස්කම් පවා කරන්න අවස්ථාව තියෙනවා.කරපු අයට අත්දැකීම ඇති කොච්චර දුරට මේක සාර්ථක ද කියලා. මේක මම දකින්නේ අර Narrow Artificial Intelligence සහ General Artificial Intelligence අතර තියන අතරමැදි අවස්ථාවක් විදියට.
අපි සංකල්පමය වශයෙන් සහ විද්‍යා ප්‍රබන්ධ වලින් AGI සහ ASI ගැන කතා කරාට අපි තාම එතනට ඇවිත් නෑ. Artificial General Intelligence කියන්නේ මනුෂ්‍යයෙක් මට්ටමට හෝ ඊට වඩා වැඩි මට්ටමෙන් දෙයක් තේරුම් ගන්න,ඉගෙන ගන්න,තීරණය කරන්න,තාර්කික බුද්ධිය සහ ස්වයං ඉගනීම වගේ දේවල් සිදු කිරීමට හැකිවීම කියන එක.මේක සරල තත්වයක් නෙමේ.
AI සහ AGI වල ප්‍රධානම වෙනස වන්නේ මෙන්න මේ සංජානන බුද්දි මට්ටම් වල වෙනස. AGI වලදී මනුෂ්‍ය යොමු කිරීමකින් තොරව සීමා රහිතව විවිධ ස්කිල්ස් ඉගෙන ගැනීම, දැනුම ගවේෂණයන් කිරීම, බාහිරින් බලා අනුවර්තනය වීම් වගේ නොයෙක් හැකියාවන් තියෙනවා.
අපි තවම AGI කියන්නේ මොකද්ද කියලා නිර්වචනය කරන්න තරම් කල් වැඩි කියලයි මට හිතෙන්නෙ.2028-30 වෙනකොට සැලකිය යුතු මට්ටමට AGI මට්ටමක් දක්වා අපි ළඟා වෙයි කියලා හිතෙනවා. මිනිස් සමාජය තුළට AGI එන්නේ කවදද අන්න එතන තමයි මේ ශතවර්ෂයේ විශිෂ්ටම විප්ලවය වෙන්නේ. ඒක හොඳද, නරකද කියන ඒක වෙනම කතාවක්. Ex Machina කියන චිත්‍රපටියේ Ava රොබෝවරිය මට හිතෙන්නේ මේ AGI වලට හොඳම උදාහරණයක්.
AGI වලින් උඩට ගියාම තියෙන්නේ Super Intelligence කියන තත්ත්වය. අපි AGI වලදී සාමාන්‍ය Cognitive Functions වලින් ලබාගන්න පුළුවන් දේවල් කරන මට්ටමට AI ගේනව. ඊට පස්සේ තීයන ASI නැත්තම් Artificial Super Intelligence තත්ත්වය කියන්නේ අපි හිතන පැත්තකට ඉඳුරාම වෙනස් පැත්තක්. සරලවම කිව්වොත් මිනිස් බුද්ධියට වඩා දෙයක් කළ හැකි,මිනිස් බුද්ධිය අභිබව යන (beyond the imagination) වගේ තත්ත්වයක්. අපිට මෙහෙම තත්ත්වයක් තවම හිතාගන්න බැහැ.මොකද අපිට අපේ මිනිස් බුද්ධියේ සීමාවවත් හිතාගන්න බැරිව කොහොමත් අපේ බුද්ධියටත් එහා යන සීමාවක් ගැන හිතාගන්න බැහැ.
නිකමට මට හිතෙන්නේ මේ super intelligence තත්ත්වයක් එක්ක ලෝකෙම තියන කෘතිම බුද්ධිමය වැඩසටහන් වලට එකම බුද්ධියක් විදියට ක්‍රියා කරන්නත් පුළුවන් වෙයි. ඒක හරියට නිකං universal mind සංකල්පය වගේ අදහසක්. එතනට එන්න කලින් AGI වලට එන්න ඕනා.කොහොමත් ඉදිරි දශක කිහිපය තුළදී අප පූර්ණ වශයෙන් AGI වලට එනවා.
කෙනෙක්ට අහන්න පුළුවන් consciousness නැතිව AGI දක්වා වර්ධනය වෙන්න පුළුවන් ද කියලා. විවිධ දැනුම් පරාසයන් තුළ consciousness හෙවත් වීඥ්ඥානය විවිධ විදියට අර්ථ දක්වන්න පුළුවන්. consciousness යනු දැනගැනීම,විඳීම වගේ දෙයක්. සරලවම අදහස මම,මා, අපි වශයෙන් ආත්මීය තත්ත්වයක් තිබීම
මේක එහෙම කිව්වට වැටහෙන දෙයක් නෙමෙයි. මමයි,මගේ කියන හැඟීම අපට බළෙන්වත් අයින් කරගන්න අමාරුයි. ඒක අපේ මනසට බද්ධ වෙලා තියෙන තත්වයක්. කෘතිම බුද්ධිය ඒ වගේ අවස්ථාවකට එන තත්ත්වයක් විදියට තමයි මම consciousness කියන එක හඳුනා ගන්නේ.කව්රු හරි ඇහැවොත් consciousness නැතිව AGI, ASI දක්වා වර්ධනය වෙන්න පුළුවන් ද කියලා මගේ අදහස ඔව් කියන ඒක. කෘතිම බුද්ධිය හා විඥ්ඥනය (consciousness) කියන එක ගැඹුරු මාතෘකාවක් තව දුරටත් කතා කළ යුතු.
AI වලට බය වෙන්න ඕන නෑ.සමාජයක් විදියට අපි ඒවට අනුවර්තනය වෙන්න ඕන.ඔව් ප්‍රශ්න ගොඩක් එයි AI නිසා මිනිස් රැකියාවලට වගේ.නමුත් ලෝකය ගමන් කරන්න ඒ විදියට. ඒකට අනුගත නොවී ඉන්න බෑ. බැරි නෑ පුළුවන්.ලෝකෙන් මිදිලා වගේ තමයි එහෙනම්.
මට හිතෙන්නේ ඊළඟ ලෝක යුද්ධය ඇති වන්නේ න්‍යශ්ටික අවි ආයුධ වලින් නෙමේ. ඇත්තම කිව්වොත් ඊළඟ ලෝක යුද්ධය න්‍යෂ්ඨික ආයුධ වලින් වෙන යුද්දයක් කියන එකත් දැන් යල් පැන ගිය අදහසක්.මොකද මේ තොරතුරු ලෝකයේ ආර්ථිකය,දේශපාලනය වගේ දේවල් වලින් ලෝකය පාලනය ,රේජීම් චෙන්ජ් කිරීම් වගේ දේවල් වුණා.වෙනවා. ඉස්සරහටත් වෙනවා.න්‍යෂ්ඨික බෝම්බ ඕන නෑ රටවල් අල්ලගන්න හෝ විනාශ කරන්න. පොඩ්ඩක් හොයලා බැලුවොත් පෙනෙයි.
මේක මගේ හුදු පෞද්ගලික අදහසක් පමණයි.ඉස්සරහට ඒ කියන්නේ තව දශක තුන හතරක් ගියාට පස්සේ AGI වල පූර්ණ අවධිය, Super Intelligence වල මුල් අවධිය වගේ වෙද්දී ලෝකේ මිනිස්සු කොට්ඨාශ ප්‍රධාන වශයෙන් කොටස් 2 ක් ඉඳි. කෘතිම බුද්ධියට කැමති සහ එයින් ලෝකය පාලනය කරමින් ආර්ථික වාසි ලබාගන්න පිරිස සහ කෘතිම බුද්ධියට විරුද්ධ පිරිස. දැන් වෙන භෞතික මට්ටමේ යුධමය තත්ත්ව නිසා න්‍යශ්ටික බෝම්බ දාලා මහා උන්දලා කෙලෝ ගත්තේ නැත්තම්,එදාට තමයි ඊළඟ ලෝක යුද්ධය වෙන්නේ. ඒක කොහොම වෙයිද කියන්න බෑ. බැරි වෙලාවත් Super Intelligence තත්ත්වයකට ඇවිදින් මිනිස් සංජානනයන් ඉක්මවා ගිහින් ෆිල්ම්වල වගේ කෘතිම බුද්ධියක් පණ ගැන්වුණු යෙදවුම් එක්ක ගැටුමක් නිර්මාණය වෙන එක තමයි වෙන්න පුළුවන් ලොකුම ඛේදවාචකය.
මේක ගැන පුස් බියක් ඇති කරගන්න ඕන නෑ.මොකද මම පෞද්ගලිකව හිතනවා මිනිස් බුද්ධියේ සීමා මොනවද කියලා අපි තවමත් දන්නේ නෑ සහ කිසිම කෘතිම බුද්ධියකට මිනිස් බුද්ධියේ උපරිමයට ලඟා වෙන්නත් බැරි බව. සහ කෘතිම බුද්ධිය විසින් සාමාන්‍ය මිනිස් බුද්ධිය අභිබවා ගිහින් ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වුණත් එය පරාජය කිරීමට මිනිස් බුද්ධියට හැකියාව තියෙන බවත් මගේ අදහස.
ප්‍රශ්නේ තියෙන්නේ මිනිස් බුද්ධියේ උපරිමයට මිනිස් බුද්ධියක් හිමි මිනිසාටවත් පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් ද කියන එක?
✍️ Admin: Pasindu Herath • ශ්‍රී කොම්