The Flintstones විකාශය වී අදට වසර 63යි.

by Yashitha Bhashana

The Flintstones විකාශය වී අදට වසර 63යි.

Share

📺| The Flintstones was premiered 63 years ago today. 🗿🦴🌄🏰🦖🚗👨‍👩‍👧🍗🍖🔨

අතිශය ජනප්‍රිය “ගිරිපුර ඇත්තෝ” හෙවත් The Flintstones sitcom සජීවීකරණ කාටුන් කතාමාලාව පළමු වරට විකාශය ආරම්භ කර අදට වසර 63ක් සපිරෙයි.

William Hanna සහ Joseph Barberaට අයත් සුප්‍රසිද්ධ සජීවීකරණ කාටුන් කතාමාලාවන් නිර්මාණය කල Hanna-Barbera Production ආයතනය විසින් නිර්මාණය කල 1960 වසරේ ABC නළිකාව ඔස්සේ විකාශය ආරම්භ කල මෙම කතාමාලාව කතාසමයන් 6ක් කතාංග 166ක් විකාශය වෙමින් 1966 වසරේ අප්‍රේල් 1 වනදා නිමා කරන ලදී.

ඇමරිකානු ඩිජිටල් මාධ්‍ය ආයතනය වන TV Guide ආයතනයට අනුව ලොව දෙවනියට හොඳම රූපවාහිනී කාටුන් කතාමාලාව (second-greatest TV cartoon of all time) වන්නේද The Flintstones වේ. එහි පළමු ස්ථානයේ පසුවන්නේ The Simpson කාටුන් කතාමාලවයි. ඒ අතරම එය “වැඩිම පිරිසක් රූපවාහිනිය නරඹන කාලය” හෙවත් prime-time ලෙස හඳුන්වන රාත්‍රී 7.00 - රාත්‍රී 11.00 විකාශය වූ පළමු සජීවීකරණ කාටුන් කතාමාලාව ලෙසද ඉතිහාස ගත විය.

ගිරිපුර ඇත්තෝ ගැන ඔයාගේ මතකය මොනවගේද?