ඇ.ඩො මිලියන 200ක පමණ පාඩුවක් සමඟ Justice League වලින් පසු ඇති වූ දරුණුතම “මූළ්‍ය ව්‍යසනය” බවට The Flash චිත්‍රපටය පත් වන බවට වාර්තා

by Srimal

ඇ.ඩො මිලියන 200ක පමණ පාඩුවක් සමඟ Justice League වලින් පසු ඇති වූ දරුණුතම “මූළ්‍ය ව්‍යසනය” බවට The Flash චිත්‍රපටය පත් වන බවට වාර්තා

Share

📉| The Flash projected to lose Warner Bros. almost $200 million may go down as the worst "financial catastrophe" since Justice League in 2017

The Flash චිත්‍රපටය හේතුවෙන් Warner Bros. Discovery සමාගමට ඩොලර් මිලියන 200ක පාඩුවක් වන බවට වාර්තා වෙයි.

The Flash චිත්‍රපටය වෝනර් බ්‍රදර්ස් ඩිස්කවරි සමාගම සඳහා මිල අධික අතිමහත් අසාර්ථක වීමක් විය හැකි බවට වාර්තා වනවා The Flash දෙවන සති අන්තයේ බොක්ස් ඔෆිස් හි ගෝලීය වශයෙන් ඩොලර් මිලියන 200 සීමාව පසු කිරීමට සමත් වුවත් එක්සත් ජනපද බොක්ස් ඔෆිස් ආදායම 72% පහත වැටීමක් සිදුව තිබෙනවා.

චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා ඇ.ඩො මිලියන 200ක් පමණ වැය වී ඇති අතර ප්‍රවර්ධන කටයුතු සඳහා ඩොලර් මිලියන 150 ක් පමණ වැය වී ඇති බවට වාර්තා වනවා, මේ ආකාරයට චිත්‍රපටය ආදායම් අතින් අසාර්ථක වුව හොත් 2017 නිකුත් වූ Justice League චිත්‍රපටයෙන් පසු ඇති වූ දරුණුතම “මූල්‍ය ව්‍යසනය” ලෙස The Flash පහත වැටිය හැකි බවට අනුමාන කරන බවට වාර්තා වනවා.

චිත්‍රපටය නිකුත් කර පළමු සති අන්තයේදී, The Flash දේශීය වශයෙන් (ඇමරිකාව තුල) ඩොලර් මිලියන 60- ඩොලර් මිලියන 70 ක ආදායමක් උපයා ගනු ඇතැයි පුරෝකථනය කලත් ඒ වෙනුවට රැස් කරගත හැකි වූයේ ඩොලර් මිලියන 55ක් පමණී, මෙතරම් cameo තිබියදීත් The Flash බොක්ස් ඔෆිස් ආදායම අඩු වීමට නිශ්චිත හේතුවක් පිළිබඳව තවමත් කිසිවෙකුට අදහසක් නොමැති බවටද වාර්තා වෙයි.