The Big Bang Theory නිකුත් වී අදට වසර 16යි.

by Yashitha Bhashana

The Big Bang Theory නිකුත් වී අදට වසර 16යි.

Share

🗓| ‘The Big Bang Theory’ premiered 16 years ago today. 📺
ලොව ජනප්‍රියතම Sitcom කතාමාලාවක් වන The Big Bang Theory කතාමාලාව විකාශය ආරම්භ වී අදට වසර 16ක් සපිරෙයි.
2007 සැප්තැම්බර් 24 වනදා CBS නාලිකාවේ විකාශය ආරම්භ කල TBBT කතාමාලාව කතාසමයන් 12ක් තුල කතාංග 279ක් විකාශය කරමින් 2019 මැයි 16 වනදා සාර්ථක ලෙස නිමාවට පත් වූ අතර එහි සිටි Sheldon Cooper ගේ කුඩා කාලය සහ තරුණ කාලය සම්බන්ධව Spin-Off නිර්මාණයක් ලෙස Young Sheldon නමින් කතාමාලාවක් 2017 වසරේ සිට තවමත් විකාශය වෙමින් පවති.
IMDb දර්ශකයේ පරිශීලකයන් 841,837කගේ ප්‍රතිචාර වලින් 8.2/10 ඉහල අගයක්ද Rotten Tomatoes දර්ශකයේ විචාරක ප්‍රතිචාර වලින් 81% සග ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් 83% ක ඉහල අගයක්ද ලබාගෙන ඇත.
මෙම කතාමාලාව Emmy, Golden Globe, People’s Choice, National Televisions Awards වැනි ජනප්‍රිය සම්මාන උළෙලවල් 21කදී සම්පූර්ණ සම්මාන 223ට යෝජනා වෙමින් එයින් 55ක් දිනාගෙනද තිබෙනවා.