දමිළ නළු තලපති විජේට වෙජේකාන්ත්ගේ මලගෙදරදි පිරිසක් සෙරෙප්පුවකින් පහර දෙයි.

by The Sri COM

දමිළ නළු තලපති විජේට වෙජේකාන්ත්ගේ මලගෙදරදි පිරිසක් සෙරෙප්පුවකින් පහර දෙයි.

Share

👟| Thalapathy Vijay attacked at Vijayakanth's funeral with a slipper පසුගිය 28 වන දා දමිළ සිනමා ඉතිහාසයේ ජනප්‍රිය නළුවෙකු සහ ඉන්දීය විපක්ෂ නායක තනතුර හිමි Vijayakanth අභාවප්‍රාප්ත විය. මොහුගේ දේහය තම පක්ෂය වුනු DMDK ප්‍රධාන කාර්යාලයේ තැන්පත් කෙරුනු අතර ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා ඉන්දීය පොදු ජනතාව වගේම නළු නිළියන් රැසක් සහභාගී විය. මේ අතර ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි තලපති විජේ හට එතැන සිටි අයෙකු විසින් පාවහන් විසි කර ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඔහුව එතැනින් පිට වන ලෙස දැඩි විරෝධයක් එල්ල වන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහකට ලක් වෙනවා. ඉදිරියේදි තලපති විජේ ඔහුගේ මීළඟ චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන අතර යුධ සමයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කල “ශ්‍රී ලංකාව ලෝක සිතියමෙන් ඉවත් කල යුතුයි” වැනි ආන්දෝලානාත්මක ප්‍රකාශ හේතුවෙන් ශ්‍රී ලංකාවේදීද මෙවන් විරෝධයක් පළ වෙයිද යන්න ගැන තවමත් ප්‍රකාශ නිකුත් වී නොමැත.