වසර හතරකට පසුව නැවත කරලියට එන Tesla Cybertruck

by Randinu Jayarathne

වසර හතරකට පසුව නැවත කරලියට එන Tesla Cybertruck

Share

අද අපි Sri COM at 7 සෙග්මන්ට් එකෙන් කතා කරන්න යන්නේ Tesl Cybertruck එක ගැන.

වසර කිහිපයකට පෙර ලොව ධනවත්ම ව්‍යාපාරිකයෙකු වන Elon Musk විසින් ඔහුගේ සමාගමක් වන Tesla මෝටර් රථ නිෂ්පාදන සමාගම යටතේ Tesla Cybertruck නමින් සුවිශේෂී පෙනුමක්ද සහිත futuristic ට්‍රක් රථයක් නිෂ්පාදනය කෙරෙන බවට නිවේදනය කරන ලදී. විවිධ හේතූන් නිසා මෙහි නිෂ්පාදන කටයුතු අඩාල වුවත් Cybertruck මිලදී ගැනීම සඳහා Pre-order කිරීමේ හැකියාව ඔවුන් විසින් ලබා දී තිබිණි.

එම නිවේදනයෙන් වසර හතරකට පසුව පසුගියදා Tesla සමාගමේ Austin හි පිහිටි headquarters එකේ පැවති event එකක් අතරතුර එහි ප්‍රධානී Elon Musk විසින් ලෝකයේ ප්‍රථම Tesla Cybertruck කාණ්ඩය ඔවුන්ගේ පාරිභෝගිකයන් අතට පත් කිරීම සිදු විය. මෙම සුවිශේෂි Electric-truck රථයේ versions රැසක් නිකුත් වීමට නියමිත වන අතර දැනට නිකුත් වී ඇති rear-wheel drive version එක සඳහා මේ වන විට ඇමරිකානු ඩොලර් 60,990 ක පමණ මිලක් සඳහන් කර තිබීමත් විශේෂත්වයක්. මෙම රථය එක් බැටරි ආරෝපණයකින් සැතපුම් 250 ක් වැනි දුරක් ධාවනය කිරීමට ද සමත් වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම event එක Tesla සමාගමෙන් පවත්වන සාමාන්‍ය event එකකට වඩා අඩු කාලයකින් යුතු වූ අතර එහි දී ප්‍රධාන වශයෙන්ම මෝටර් රථය සතු performance capabilities සහ unique features වැනි දේවල් පිළිබඳව දැනුවත් කෙරිණි. මෙහි දීත් ආකර්ෂණීය ඉදිරිපත් කිරීම් සඳහා ප්‍රසිද්ධ Elon Musk විසින් Tesla සමාගමේ chief designer සමග එක්ව බේස්බෝලයකින් පහර දී රථයේ වීදුරු වල ශක්තිමත් බව පෙන්වා දෙන ලදී. මීට පෙරද 2019 වර්ෂයේ දීද ඔවුන් මෙවන් පරීක්ෂණයක් සිදු කළ අතර එය අසාර්ථක විය. මෙහි නිෂ්පාදන කටයුතු සඳහා අමුද්‍රව්‍ය සැපයුම ඉතාමත් අසීරු කටයුත්තක් වී ඇති අතර ඊට හේතුවක් වී ඇත්තේ රථය bulletproof ලෙසින් නිෂ්පාදනය කිරීමට exterior සඳහා ultra-hard stainless steel යොදා ගෙන තිබීමයි. සාමාන්‍ය ට්‍රක් රථයකට හාත්පසින්ම වෙනස් පෙනුමකින් යුක්ත මෙහි design එක තියුණු දාර සහ ජ්‍යාමිතික හැඩයකින් යුක්තයි. ඒ නිසා මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ මෙය හුදෙක් Tesla සමාගමේ Halo vehicle එකක් පමණක් විය හැකි බවත් පාරිභෝගිකයන් මීට වඩා ප්‍රායෝගිකව භාවිතා කළ හැකි Tesla මෝටර් රථ සඳහා වැඩි කැමැත්තක් දක්වන බවත් ය. කෙසේ නමුත් මේ වන විට මිලියනයකට අධික ජනතාවක් ඩොලර් 100 ක තැන්පතුවක් සමඟ මෙම මෝටර් රථ pre-order මගින් වෙන් කරගෙන ඇති අතර ඉතා නුහුරු නිෂ්පාදනයක් වුවත් Electric vehicle market එක තුළ Cybertruck එක සඳහා විශාල අවධානයක් යොමු වී ඇති බව මෙමගින් පෙනීයයි.

✍ශ්‍රී කොම් වෙනුවෙන් ඇඩ්මින්: රන්දිනු ජයරත්න.