දිනක් තුල වැඩිම ප්‍රවේශපත් අළෙවියෙන් Spider Man: No Way Home තබා තිබූ වාර්තාව ටේලර් ස්විෆ්ට්ගේ The Eras Tour ප්‍රසංගමය චිත්‍රපටය විසින් බිඳ දමයි.

by Yashitha Bhashana

දිනක් තුල වැඩිම ප්‍රවේශපත් අළෙවියෙන් Spider Man: No Way Home තබා තිබූ වාර්තාව ටේලර් ස්විෆ්ට්ගේ The Eras Tour ප්‍රසංගමය චිත්‍රපටය විසින් බිඳ දමයි.

Share

🥇| Taylor Swift: The Eras Tour movie has earned a record-breaking $26 MILLION in presales at AMC, beating the single-day ticket sales record set by ‘Spider-Man: No Way Home.’

ඇ.ඩො මිලියන 26ක පෙර ප්‍රවේශපත් අලවියෙන් ඇමරිකාව තුල ඇති ප්‍රධාන සිනමාශාලා ජාලයක් වන AMC සිනමාශාලාවල එක් දිනක් තුල පෙර ප්‍රවේශපත් අලෙවියේ වැඩිම ආදායමක් ලබාගැනීමට Taylor Swift ගේ Eras Tour ප්‍රසංගමය චිත්‍රපටය සමත්ව තිබෙනවා ඒ මීට පෙර ඇ.ඩො මිලියන 16.8ක ආදායමක් ලබාගනිමින් එම වාර්තාව තබා තිබූ Spider-Man: No Way Home චිත්‍රපටය දෙවන තැනට ඇද දමමිනුයි. The Eras Tour සඳහා පෙර ප්‍රවේශපත් නිකුත් කිරීම ආරම්භ කොට පැය 3ක වැනි සුළු කාලයක් තුලදී එම වාර්තාව තබා ඇති බවට AMC සිනමාශාලා ජාලය වාර්තා කරනවා.

ජනප්‍රිය ප්‍රවේශපත් අලෙවි කරන Fandango වෙබ් අඩවිය සඳහන් කරන්නේ Avengers: Endgame Star Wars: The Force Awakens, Spider-Man: No Way Home වැනි බ්ලොක්බස්ටර්ස් චිත්‍රපට වලට හා සමානව The Eras Tour හි ප්‍රවේශපත් විකිණී අවසන් වූ බවත් 2023 වසරේ ඔවුන්ගේ වෙබ් අඩවියේ දැවැන්තම සහ වේගවත්ම ප්‍රවේශපත් අළෙවිය මෙය බවයි.

Via: Variety