Tangled චිත්‍රපටය නිකුත් වී අදට වසර 13යි.

by Yashitha Bhashana

Tangled චිත්‍රපටය නිකුත් වී අදට වසර 13යි.

Share

🗓| Tangled was released 13 years ago today.👩‍🦳🍳👱‍♂️🐎

ලොව වැඩිම වියදමක් දරා නිර්මාණය කල සජීවීකරණ චිත්‍රපටය වන Tangled නිකුත් වී අදට වසර 13ක් සපිරෙයි.

ඇ.ඩො මිලියන 260ක දැවැන්ත පිරිවැයකින් නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටය ලොව පුරා ආදායම ඇ.ඩො මිලියන 592.5 ආදායමක් උපයාගෙන තිබෙනවා.

ප්‍රථමයෙන් නිෂ්පාදනය ආරම්භ කරන විට, චිත්‍රපටයේ නම Rapunzel Unbraided ලෙස Disney විසින් ප්‍රවර්ධනය කරන ලද අතර පසුව එය Rapunzel ලෙස වෙනස් කල අතර යම් යම් හේතූන් නිසාවෙන් චිත්‍රපටයේ නම Tangled ලෙස වෙනස් කරන ලදී.

Tangled live-action හෙවත් සජීවී-ක්‍රියාදාම චිත්‍රපටය වැඩකටයුතුද ආරම්භ කල බවට Disney විසින් පසුගිය අගෝස්තු මස දැනුම් දෙනු ලැබුවා.