රැප් ගායක Tupac Shakur ඝාතන නඩුව විසඳෙයි.

by Yashitha Bhashana

රැප් ගායක Tupac Shakur ඝාතන නඩුව විසඳෙයි.

Share

🪦| Suspect arrested in 1996 Tupac Shakur shooting death.

සුපිරි රැප් ගායක Tupac Shakur ව ඝාතනය කරන ලද පුද්ගලයන් වසර 27කට පසුව අත්තඩංගුවට.

1996 සැප්තැම්බර් 7 වෙනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් valley හි color light එකක දී නාදුනන තුවක්කු කරුවන් විසින් එල්ල කරන ලද මාරන්තික වෙඩි ප්‍රහාරයක් හමුවේ ලොවෙන් සමුගත් සුපිරි රැප් ගායක එකල රැප් රජු ලෙස කිරුළ දරා සිටි Tupac Amauru Shakur හෙවත් 2Pac ගේ ඝාතන නඩුව මේ වෙද්දී විසදා ගැනීමට ඇමෙරිකානු පොලිසිය සමත් වෙලා තිබෙනවා ඒ අවුරුදු 27කට පසුවයි.

සුපිරි බොක්සිං ක්‍රීඩක “මයික් ටයිසන්” ගේ බොක්සිං තරගයක් තුල Orlando Anderson නම් පුද්ගලයෙකු සමග ගැටුමක් ඇති කරගත් 2pac ඔහුට පහර දීමෙන් පසුව තවත් ප්‍රසංගයක් සදහා සහාභාගී වීමට Death Raw Record Labels හි C.E.O වුන Suge Knight සමඟ BMW රථයකින් ගමන් කරමින් සිටියදී Orlando Anderson ඔහුගේ මාමා කෙනෙක් වූ Keffe D සමඟ පැමිණ වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව Keffe D පාපොච්චාරණ කර තිබෙනවා. මේ සදහා තවත් රැප් ගායකයෙක් වෙන Puff Dady ද සම්බන්ද බවත් අනාවරණය වී තිබෙනවා..
Keffe D පවසා ඇත්තේ Tupac Shakur ව ඝාතනය කිරීම ඔහුගෙන් පලිගැනීමක් ලෙස සිදුකරනු ලද බවයි.

මේ අනුව මෙතෙක් චෝදනා එල්ල වී සිටි තවත් සුපිරි රැප් ගායක මෙලොව හැර ගොස් සිටින Notorious B.I.G එහෙමත් නැත්තම් Biggie ද Death raw Record Labels හි C.E.O වෙන Suge Knight ද තරමක් දුරට චෝදනා වලින් ඈත් වන නමුත් තවමත් විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින නිසා සම්පුර්ණයෙන්ම නිදහස් නොවනු ඇත.

2023 සැප්තැම්බර් 29 වන දින Keffe D ව ඔහුගේ නිවස ඉදිරියෙදී අත් අඩංගුවට ගැනීමත් සමඟ මෙම පාපොච්චාරණය ඔහු විසින් පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

✍️සටහන: Ashan Eranda