ස්ටීවන් යුන් තන්ඩර්බෝල්ට්ස් චිත්‍රපටයෙන් ඉවත් වෙයි

by Randinu Jayarathne

ස්ටීවන් යුන් තන්ඩර්බෝල්ට්ස් චිත්‍රපටයෙන් ඉවත් වෙයි

Share

Marvel Cinematic Universe (MCU) හි Phase 5 ට සමගාමීව 2025 වර්ෂයේ දී තිරගත වීමට නියමිත Thunderbolts චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වන Sentry නම් චරිතය ජනප්‍රිය Walking Dead නළු, Steven Yeun හට ලැබී ඇති බව The Walking Dead චිත්‍රකතා නිර්මාපක/කතා මාලා තිරපිටපත් රචක Robert Kirkman විසින් අත්වැරදීමකින් පසුගිය නොවැම්බර් මාසයේ දී අනාවරණය කෙරුණු බවට අප විසින් වාර්තා කරන ලදී. එම ලිපිය: https://thesricom.lk/robert-kirkman-accidentally-reveals-steven-yeun-is-playing-sentry-in-the-mcu/ කෙසේ නමුත් බොහෝ රසිකයන් එම අදහසට අකමැති වීමට හේතු වූයේ ආසියානු නළුවෙකු එම චරිතය සඳහා නොගැලපෙන බව පවසමිනුයි මේ වන විට The Hollywood Reporter වෙබ් අඩවිය විසින් ලිපියක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ විවිධ නිළ නොවන ආරංචි මාර්ගවලින් වාර්තා වන ආකාරයට Steven Yeun විසින් එම චරිතයෙන් ඉවත් වී ඇති බව යි. කෙසේ වෙතත් මේ සඳහා හේතුවක් තවමත් අනාවරණය වී නොමැති අතර එම චරිතය සඳහා වෙනත් රංගන ශිල්පියෙකු තෝරා ගැනීමක් පිළිබඳවද වාර්තා වී නොමැත. කෙසේ වෙතත් තවමත් නිෂ්පාදන කටයුතු ආරම්භ වී නොමැති Thunderbolts චිත්‍රපටය සඳහා අධ්‍යක්ෂණයෙන් Jake Schreier සහ රංගනයෙන් Florence Pugh, Sebastian Stan, David Harbour සහ Wyatt Russell යන රංගන ශිල්පීන් ද දායකත්වය දැක්වීමට නියමිතයි.