⚽️| Stephen Chow confirmed developing sequel to Shaolin Soccer titled as Shaolin Women’s Soccer.
කාන්තා චරිත පමණක් මූලික කරගත් Shaolin Soccer චිත්‍රපටයක් නිර්මාණය කරන බවට තහවුරු කරයි.
2001 වසරේ නිකුත් වූ ජනප්‍රිය Shaolin Soccer චිත්‍රපටයේ කාන්තා චරිත පමණක් මූලික කරගත් sequel නිර්මාණයක මූලික වැඩ කටයුතු ආරම්භ කල බවට අධ්‍යක්ෂක Stephen Chow විසින් තහවුරු කල අතර චිත්‍රපටය Shaolin Women’s Soccer ලෙස නම් කර ඇති බවටද වාර්තා වෙයි.
Kungu Fu Hustle, Shaolin Soccer, Forbidden City Cop වැනි ජනප්‍රිය සහ සාර්ථක නිර්මාණ අධ්‍යක්ශණය තිර රචනය සහ නිශ්පාදනය කල Hong-Kong ජාතික චිත්‍රපට අධ්‍යක්ශක Stephen Chow විසින් පසු ගියදා ඔහුගේ 61 වන උපන්දිනය දවසේ Shaolin Women’s Soccer චිත්‍රපටයේ තිර පිටපතේ ඡායාරූපයක් ඔහුගේ Instagram ගිණුමේ පළකරමින් සටහන් කර සිටියේ
ලොව පුරා සිටින ලස්සන, දක්ෂ සහ මලල ක්‍රීඩා කරන තරුණියන්ට චිත්‍රපටය සඳහා තිර පරීක්ෂණයට සහභාගි විය හැකි බවත් අදාල නිර්ණායකයන්ට ගැලපෙන තරුණියන් මෑතකදී ලබාගත් ඡායාරූප සහ විස්තර සමඟ mediacvinfo@gmail.com යන ඊමේල් ලිපිනයට ඊමේල් පණිවිඩයක් එවිය හැකි බවත් ප්‍රකාශ කරයි. කෙසේ වෙතත්, Photoshop වැනි ඡායාරූප සංස්කරණය සඳහා භාවිතා කරන මෘදුකාංග භාවිතා කරමින් එවන ලබන ඡායාරූප සහිත අයැදුම් පත් අනුමත නොකරන බවයි. (ඔන්න ලංකාවේ ලස්සන ගෑණු ළමයින්ටත් මේ අවස්තාව ගන්න පුළුවන්)
ශ්‍රී කොම්