🕵️‍♂️ෂර්ලොක් හෝම්ස් NCIS agent කෙනෙක් වුනොත්?

by Srimal

🕵️‍♂️ෂර්ලොක් හෝම්ස් NCIS agent කෙනෙක් වුනොත්?

Share

🕵️‍♂️ෂර්ලොක් හෝම්ස් NCIS agent කෙනෙක් වුනොත්?
NCIS (JAG Universe)

ෂර්ලොක් හෝම්ස්ව පාදක කරගෙන නිර්මාණය කරපු චරිත ගොඩක් අපි චිත්‍රපටි, කතාමාලා, පොත් වල අපි දැකලා තියෙනවානේ. Batman, Patrick Jane, Gregory House කියන්නේ ඒ වගේ ගොඩක් අය දන්න චරිත කීපයක්. ඒත් ගොඩක් අය නොදන්න, ගොඩක් අයට මගහැරුනු චරිතයක් තමයි NCIS කතා මාලාවේ Jethro Gibbs. කතා මාලාවේ ආරම්භය දශක දෙකකට වගේ කලින් වුන නිසාත්, military based series එකක් නිසා unique fanbase එකක් හැදුන නිසාත් common audience එකට Jethro Gibbs කියන චරිතය ලොකුවට ගියේ නෑ. ඒත් Jethro කියන්නේ ෂර්ලොක් හෝම්ස් කතා පොත් කියවද්දි අපේ හිතේ ඇඳුනු ඒ රූපෙට ගොඩක් සමාන කෙනෙක්. එහෙනම් ඉස්සෙල්ලම Jethro Gibbs ගැන බලන්න කලින් අපි NCIS එක ගැන පොඩ්ඩක් දැනගෙන ඉමු.

Series එක පැත්තෙන් ගත්තොත් NCIS කියන්නේ United States Military based වුනු කතාවක්. විශේෂයෙන්ම Navy එක හා Marine Corps ආශ්‍රිතව. NCIS කතා මාලාව ආරම්භ වෙන්නේ 2003 අවුරුද්දේ වුනත් NCIS කතා මාලාව අයිති වෙන universe එක පටන් ගන්නේ 1995 අවුරුද්දේදීයි. ඒ JAG කතා මාලාවෙන්. ඔක්කොටම කලින් අපි බලලා ඉමු මේ JAG සහ NCIS කියන්නේ මොකක්ද කියලා. Films, series වල තියෙන ආරක්ෂක අංශ ගැන අපි ලියපු article එක කියෙව්වා නම් ඔයාට NCIS, JAG ගැන පොඩි අදහසක් තියෙනවා ඇති.

JAG කියන එකෙන් අදහස් වෙන්නේ "Judge Advocate General's Corps" කියන එක. සරලව ගත්තොත් මේක U.S. military branches වෙන Army, Air Force, Coast Guard, Marine Corps සහ Navy යන ඒවායේ නිලධාරීන් හා ඒ departments සඳහා පෙනී සිටින law firm එකක්. Military branches ටික ක්‍රියාත්මක වෙන්නේ ඇමෙරිකානු මධ්‍යම රජය යටතේ පවතින Department of Defence (DOD) එක යටතේ වුනාට ඒවාට නීති සහය දක්වන JAG එක තියෙන්නේ ඇමෙරිකානු අධිකරණ පද්ධතිය තියෙන Department of Justice එක යටතේයි.

මොකටද මේ military එකට වෙනම law firm එකක්? ඕනිම රටක වගේ military එකෙන් තමයි රටේ අභ්‍යන්තර ආරක්ෂාව පවත්වාගෙන යන්නේ. ඒ නිසා military එක යටතේ රටේ ආරක්ෂාව පිළිබඳ වැදගත් තොරතුරු තියෙනවා. විශේෂයෙන් ඇමෙරිකාව වගේ ලෝක ආරක්ෂාව පිළිබඳ වැදගත් තීරණ ගන්න පුලුවන් රටක ඉතාමත් වැදගත් වගේම සංවේදී තොරතුරු තියෙනවා. ඉතින් මේ military branch එකකින් හෝ ඒ branch එකක් යටතේ ඉහළ සිට පහළට ඉන්න ඕනෑම නිලධාරියෙක් යුක්තිය කඩවීමක් වුනොත් ඒකට සාමාන්‍ය නීතිඥ සහය ලබා ගන්න බැහැ. මොකද සමහර වැදගත් තොරතුරු පිට වීමකට ලක් වෙන නිසා. Military ය සම්බන්ධ සමහර නඩු පවා කතා කරන්නේ වෙනම military court system එකක. ඉතින් මේ military ය සම්බන්ධ ගැටලු වලදී නීති සහය ලබා දෙන්නේ මේ JAG එකෙන්.

අනිත් පාර්ශව මතින් military එකට ප්‍රශ්න එන එක වගේම military එකෙනුත් අනිත් පාර්ශව වලට අසාධාරණයක් වෙලා තියෙන්න පුලුවන් නිසා තමයි JAG එක වෙනම department එකක් යටතේ, එහෙමත් නැත්නම් Department of Justice යටතේ තියෙන්නේ. JAG එකත් DOD එක යටතෙම තිබ්බොත් වෙන්නෙ නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ සීන් එකක්.

JAG කතා මාලාවට පාදක වෙන්නෙ මේ ආයතනයේ ක්‍රියා පටිපාටිය තමයි. මේ කතා මාලාව විකාශනය වෙන්න කලින් මෙහෙම ආයතනයක් තියෙනවද කියලවත් ගොඩක් අය දැනගෙන ඉඳලා නෑ. 1995 දී ආරම්භ වුනු මේ කතා මාලාව 2005 දක්වා season 10 ක් පුරා CBS නාළිකාවෙන් විකාශනය වෙනවා. දැනට මේ කතා මාලාව ඔයාලට Paramount+ එකෙන් බලන්න පුලුවන්. ඇත්ත JAG එකෙන් හැම military branch එකකටම නීති සහය දුන්නට කතා මාලවෙනම් ගොඩක්ම focus වෙන්නේ Navy එක සහ Marine Corps එකයි. මොකද series එකේ writers ලට ඒ branches ගැන වැඩි දැනුමක් තිබිලා තියෙනවා. මේ කතාමාලවෙම spin-off එකක් විදියට තමයි NCIS කතා මාලාව 2003 දී ආරම්භ වෙලා මේ වෙනකන්ම season 20 ක් පුරා විකාශනය වෙන්නේ.

අද article එකේ ප්‍රධාන චරිතය වෙන Jethro Gibbs කරලියට එන්නේ මේ NCIS කතා මාලාවෙන්. Jethro නිසාම මේ කතාවට ලොකු ජනප්‍රියතාවයක් ලැබෙනවා. JAG කතා මාලාව ලොකුවට ජනප්‍රිය නොවුනත් NCIS වල ජනප්‍රියතාවයත් එක්ක ගොඩක් අය JAG එකත් ආපහු බලන්න ගත්තා. Jethro ගැන කියන්න කලින් NCIS එක ගැනත් පොඩ්ඩක් කියලා ඉන්නම්.

NCIS කියන්නේ Naval Criminal Investigation Service කියන එක. නමේම තියෙනවා වගේම මේක අපරාධ විමර්ශන අංශයක්. නමේ Naval කෑල්ල තිබ්බට Marine Corps එකටත් මේකෙන් සේවා සපයනවා. මොකටද Navy, Marine දෙකට වෙනම අපරාධ විමර්ශන අංශයක්? U.S. Military එකේ අනිත් branches වෙන Army, Air Force, Coast Guard එක ගොඩක් වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ රට අභ්‍යන්තරයේ. ඒත් Navy හා Marine Corps දෙක රට අභ්‍යන්තරයේ වගේම භාහිර කටයුතු වලටත් යොදා ගන්නවා. විශේෂයෙන්ම Navy යටතේ පවතින විශේෂ අනුඛණ්ඩයක් වෙන Navy SEALs ලා හා සමස්ථ Marine බලකායම වගේ වෙනත් රටවල ඇමෙරිකාවෙන් පවත්වන විශේෂ මෙහෙයුම් වලට යොදා ගන්නවා. ඒ නිසා ඒ military branches යටතේ ගොඩක් වැදගත් බුද්ධි තොරතුරු තියෙන්න පුලුවන්. මේ නිසා ඒ අංශ වල සේවය කරන නිලධාරීන්ට එල්ල වෙන ගැටලු ප්‍රමාණය වැඩියි. පොඩි ප්‍රශ්නයකින් ජාතික ආරක්ෂාවට පවා තර්ජනයක් එල්ල වෙන්න පුලුවන්. ඒ වගේමයි Navy SEALs ලා හා Marine Corps ලට ඇමෙරිකානු හමුදාවේ අපහසුම පුහුණුවීම් ලැබෙනවා. ඉතින් ඒවායේ සේවය කරන අය අනිත් පැත්තට හැරුනොත් සමාජයට කරන්න පුලුවන් හානියත් වැඩියි. මේ දෙපැත්තටම සිදු වෙන්න පුලුවන් හා සිදු වුනු අපරාධ විමර්ශනය කරන්නේ මේ NCIS එකෙන්. මේක විකාශනය වුනු මුල් කාලයෙත් ප්‍රේක්ෂකයෝ හිතලා තියෙන්නේ NCIS කියන්නේ කතාවට විතරක් හදපු මනඃකල්පිත ආයතනයක් කියලා.

Jethro Gibbs කියන්නේ මේ NCIS එකේ එක investigation team එකක් lead කරන කෙනෙක්. සරලවම ගත්තොත් Jethro කියන්නේ federal agent කෙනෙක් වුනු Sherlock Holmes කෙනෙක්. JAG එකේ වගේම NCIS එක ඇතුලෙත් ගොඩක් වෙලාවට වෙන්නේ අපරාධ විමර්ශනය නිසා mystery, crime, detective vibe එකක් series එකෙන් අපිට බලාගන්න පුලුවන්. Sherlock Holmes ව inspire කරලා හදපු කෙනෙක්ට ඒ වගේ තැනක් ඇරෙන්න හොඳ තැනක් කොහෙන්ද. ඔයා NCIS series එක try කරන්න කැමැත්තෙන් ඉන්නවා නම් පළවෙනි episode එකෙන්ම Jethro ඔයාව series එකට ඇඳ බැඳලා තියා ගනීවි. ජනාධිපතිතුමාව ඝාතන තැතකින් බේර ගන්න Jethro වැඩ කරන විදිය දැක්කාම ඔයාට Benedict ගේ Sherlock ව සමහර විට මතක් වේවි.

Jethro, NCIS එකට බැඳෙන්න කලින් Marine එකේ Gunnery Sergeant (Gunny) කෙනෙක්. ඒ කියන්නේ Marines ලා train කිරීම හා ඔවුන්ව භාරව ඉන්න නිලධාරියෙක්. NCIS එකෙත් ඔහුට ලැබෙනවා team එකක්. Show එකේ මුල් seasons වල ඉන්න team එකේ මෙන්න මේ අයව අපිට බලාගන්න පුලුවන්. Team Supervisor විදියට Jethro Gibbs, Dr. Donald (Ducky) Medical Examiner (ME) විදියටත්, Forensic Specialist විදියට Abby වත් 😍 ඒ කාලේ කෙල්ලන්ගේ crush එකක් වුනු team එකේ දෙවැනියා වුනු DiNozzo ත්, කොල්ලන්ගෙ crush එකක් වුනු හිටපු US Secret Service (ජනාධිපති ආරක්ෂක) නිලධාරිනියක් වුනු Caitlin Todd ❤️ වත්, IT guy වුනු Timothy McGee වත් අපිට team එකේ බලාගන්න පුලුවන්. දැන් වෙනකොට show එකේ කවුරු කොහොම මොනවා වෙනවද කියලා මමවත් දන්නෙ නෑ 😂 කොහොමත් මේ වෙනකන්ම audience එක NCIS එක වටේ තියාගන්න Jethro ලොකු හේතුවක් වුනා කිව්වොත් හරි. Jethro ගේ guest appearance එකක් එනකන් අදටත් ගොඩක් රසිකයන් මග බලාගෙන ඉන්නවා.

Mark Harmon විසින් තමයි මේ Jethro Gibbs චරිතයට පණ පොවන්නේ ❤️ එහෙනම් ඉතින් අඩි 6 ක් විතර උස, කොකේන් වෙනුවට කැෆේන් පුරෝපු කෝපි, එකක් ඉවර වෙනකොට එකක් වතුර වගේ ගහන ☕ තමන්ට දීලා තියෙන protocol වලින් පිට පැනලා එහෙන් මෙහෙන් රිංගලා case විසඳන, නාහෙට අහන්නෙ නැති, මුරණ්ඩු, ආදර ජීවිතයක් හරියන්නෙ නැති 💔 කොටින්ම කිව්වොත් හතර පාරක් marry කරලා devorce වෙලා ඉන්න 😂 Watson වගේ ඉන්න DiNozzo ට කොයි වෙලාවෙත් ගුටි අනින, ඔහුගේම විදියට ගැටලු විසඳන NCIS වල ඉන්න Sherlock Holmes කෙනෙක් බලන්න ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් තවත් article එකකුන් හම්බවෙමු ❤️✌️

P.S. :- ඔයා NCIS main show එකට කැමතියි නම් NCIS වල spin-off වෙන NCIS: Los Angeles, NCIS: Hawai'i, NCIS: New Orleans shows තුනත් try කරන්න පුලුවන්.

✍️ Admin: විශ්ව ජයසංඛ • ශ්‍රී කොම්