🛺| Sri Lankan tech firm, Vega Innovation, has launched a new electric three-wheeler named Elektrateq 🇱🇰
වේගා මෝටර් රථය නිර්මාණය කල සමාගමෙන් Elektrateq නමින් විදුලි ත්‍රීවීල් රථයක් එළි දක්වයි.
Vega Innovations සමාගම විසින් Elektrateq නමින් සාර්ථක විදුලි ත්‍රිරෝද රථයක් එළිදක්වා තිබෙන අතර මෙය සාම්ප්‍රදායික ත්‍රීරෝද රථ වලට වඩා බහුකාර්ය උපයෝගීතාවයක් සහිත වන අතරදෛනික ගමන්, කුඩා ව්‍යාපාරික වාහනයක්, භාණ්ඩ ප්‍රවාහනය සඳහා හෝ කුලී රථයක් ලෙස භාවිත කළ හැකි ආකාරයට මෙය නිර්මාණය කර ඇති බවට වාර්තා වෙයි.
අනෙකුත් ශ්‍රී ලංකාවේ නිර්මාණය කරන වාහන මෙන් වෙනත් රටවල් වලින් අමතර කොටස් ගෙන්වා එකලස් කිරීමක් නොවන අතර මෙය සම්පූර්ණයෙන්ම දේශීයව නිෂ්පාදනය සහ වැඩිදියුණු කරන ලද්දකි. මෙම රථය පැයක් තුළ 80% බැටරි ධාරිතාවකට ළඟා විය හැකි කාර්යක්ශම ආරෝපණ පද්ධතියකින් සමන්විත වේ.
මෙහි මිළ ගනන් තවමත් තීරණය කර නොමැති අතර ඉදිරියේදී වෙළඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවට වාර්තා වෙයි.
ශ්‍රී කොම්