ඇමරිකා එක්සත් ජනපදයේ දී ලෝක ප්‍රසිද්ධ Emmy සම්මානයක් දිනූ ශ්‍රී ලාංකිකයා

by The Sri COM, Randinu Jayarathne

ඇමරිකා එක්සත් ජනපදයේ දී ලෝක ප්‍රසිද්ධ Emmy සම්මානයක් දිනූ ශ්‍රී ලාංකිකයා

Share

🇱🇰| Sri Lankan-born film producer Jason Rajasinghe won Emmy award. 🏆🎬

ඇමරිකා එක්සත් ජනපදයේ දී ලෝක ප්‍රසිද්ධ Emmy සම්මානයක් දිනූ ශ්‍රී ලාංකිකයා.

ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන ශ්‍රී ලාංකික චිත්‍රපට නිෂ්පාදකයෙකු වන ජේසන් රාජසිංහ මහතා විසින් පසුගියදා පැවැති 65 වන වාර්ෂික Chicago/Midwest Emmy සම්මාන උළෙලේ දී, සිය පළමු Emmy සම්මානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා. එහි දී Lifestyle නම් කාණ්ඩය යටතේ ඔහු විසින් Discover Mediaworks නම් සමාගමට අනුබද්ධව වීඩියෝකරණයෙන් දායක වූ Uniquely Wisconsin නම් වාර්තාමය වැඩසටහනෙහි පළමුවන කතාසමයේ Farm to table pizzas: The little red barn නම් කතාංගය සඳහා ඔහුට මෙම සම්මානය පිරිනමන ලදී. 2010 වසරේ දී Prime TV ආයතනයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වශයෙන් ක්ෂේත්‍රයට පිවිසී වීඩියෝකරණය, චිත්‍රපට නිෂ්පාදනය වැනි ක්ෂේත්‍ර වලින් තම වෘත්තියේ ඉහළම ස්ථාන වලට ළඟා වී ඇති ඔහු එපමණකින් නොනැවතී 2011 වර්ෂයේ දී තම මවු රට වන ශ්‍රී ලංකාව තුළ IFILMSRILANKA නමින් ඔහුගේම චිත්‍රපට නිෂ්පාදන සමාගමක් නිර්මාණය කිරිමටද සමත් වී තිබෙනවා.

සම්මානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ ඔහුගේ මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට අපේම ශ්‍රී ලාංකිකයන් තුළ සැඟවී ඇති හැකියාවන් හඳුනා ගැනීමට සහ අපේම චිත්‍රපට කර්මාන්තය තුළ නවමු රැල්ලක් ඇති කිරීම සඳහා පෙළඹවීමක් ඇති කිරීමට උපකාරී වනු ඇති බවට ඔහු බලාපොරොත්තු වන බවත් ඇමරිකා එක්සත් ජනපදයේ ඔහුගේ විශ්මිත කණ්ඩායමේ සගයන් සමග එක් වීමට ලැබීම ඔහු ලද භාග්‍යයක් වන බවත් ය.

“I hope this win serves to inspire the youth of Sri Lanka to see the potential in our people and make waves in our own film industry. I am blessed to have been a part of this amazing team in the USA. I have learned to turn my passion into purpose, and for that I honour my WOWLife Church”

තවද ඔහු විසින් ඔහුගේ බිරිඳ වන හෝප් රාජසිංහ මහත්මිය සමග එක්ව එක්සත් ජනපදය තුළ RAD PRODUCTIONS USA නම් නවතම චිත්‍රපට නිෂ්පාදන සමාගමක් ආරම්භ කර ඇති අතර ඔවුන් විසින් ORIGIN නම් වාර්තාමය වැඩසටහනක් නිෂ්පාදන කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා. මිනිස් ශිෂ්ටාචාරයේ විවිධ රටවල අතීතයේ පටන් පැවති ආහාර රටාවන් හා ඒ හා සම්බන්ධ ඓතිහාසික කාරණා කෙරෙහි අවධානය යොමු කරමින් නිෂ්පාදනය වන එම වැඩසටහනේ අවසන් කොටස් සඳහා ශ්‍රී ලංකාව යොදා ගන්නා බවත් එම රූගත කිරීම් 2024 වර්ෂයේ දී සිදු කිරීමට නියමිතව ඇති බවත් ඔහු විසින් වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලාංකීය නම ජාත්‍යන්තරව බැබළුවාට ශ්‍රී කොම් කණඩායමෙන් ඔබට සුභ පැතුම්

ජේසන් රාජසිංහ Emmy සම්මානය සමඟ

✍️admin: රන්දිනු ජයරත්න