🕷🕸| Spider-Man: Across The Spider-Verse BANNED In UAE, Saudi Arabia Over Trans Flag.
සංක්‍රාන්ති ලිංගිකයන්ට සහය දැක්වෙන දර්ශන හේතුවෙන් Spider-Man: Across the Spider-Verse චිත්‍රපටය සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් කලාපයේ රටවල් රැසක තහනම් කරයි.
මාධ්‍ය පද්ධතිය තුළ ක්‍රියාත්මක වන අන්තර්ගත පාලනයන්ට පටහැනි කිසිදු චිත්‍රපටයකට තමන් අවසර හෝ බලපත්‍ර ලබා නොදෙන බව නිවේදනයක් නිකුත් කරමින් එම කලාපයේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය සඳහා වන සාමාන්‍ය කොමිෂන් සභාව විසින් ප්‍රකාශ කර ඇති බවට වාර්තා වෙයි.
තහනමට හේතුව අපැහැදිලි වුවත්, බොහෝ දෙනා අනුමාන කරන්නේ එය චිත්‍රපටයේ Gwen ගේ කාමරයේ “Protect Trans Kids” යනුවෙන් සටහන් කර ඇති නිසා බව සහ සමහර රසිකයින් විසින් Gwen ගේ චරිතය සංක්‍රාන්ති ලිංගිකයෙකු බව මත පළ කිරීම හේතුව බවයි.
මීට පෙරද අවස්තා කිහිපයකදී සමලිංගික, සංක්‍රාන්ති ලිංගික දර්ශන හේතුවෙන් Eternals, Doctor Strange: Multiverse of Madness චිත්‍රපට සහ Disney, Pixar සජීවීකරණ චිත්‍රපට කිහිපයක්ද එම කලාපයේ රටවල තහනමට ලක්ව තිබූ අතර සමහර චිත්‍රපට වල එම දර්ශන ඉවත් කර නැවත ප්‍රදර්ශනයට අවසර ගෙන තිබුනා.