‍ශ්‍රී ලංකාවේ නිර්මාණය වන පළවෙනිම Anime කතා මාලාව 2024 දී නිකුත් කෙරේ.

by Srimal

‍ශ්‍රී ලංකාවේ නිර්මාණය වන පළවෙනිම Anime කතා මාලාව 2024 දී නිකුත් කෙරේ.

Share

🇱🇰| Sri Lanka’s first original anime Percival: Chapter I - The Rise of Bizzareous will release soon.

මේ තියෙන්නේ ලංකාවේ කෙනෙක් තනියම නිර්මාණ කරන ලංකාවේ පළවෙනිම Anime කාණ්ඩයට අයත් කතා මාලාව වෙන Percival Chapter I - The Rise of Bizzareous කියන Anime කතා මාලාව.

මේක නිර්මාණය කරන්නේ Oshada Kaveesha ඉතින් ඔහුට මෙ නිර්මාණය කරන්න වසර 2ක කාලයක් ගත වෙලා තියෙනවා වගේම දැන් මේ කතා මාලාවේ වැඩ බොහෝ දුරට මේ වෙද්දි අවසන් කරල තියෙනවලු. මේකේ කතාව, අධ්‍යක්ශනය හැමදේම ඔහු විසින් තනියම තමයි කරල තියෙන්නේ.

මෙය Action සහ Sci-Fi ගණයට අයත් වෙන වර්ෂ 2170 දී Apocalypse එකකට පසු ලෝකයක පිරිමි ළමයෙකු තම මියගිය දෙමව්පියන්ගේ මරණය වෙනුවෙන් පලිගැනීමේ සිදුවීම් වටා මෙම කතාව ගොඩ නැගෙන බවට ඔහු විසින් ප්‍රකාශ කල අතර මෙය විනාඩි 30 බැගින් ඇති කතාංග 10 කින් සමන්විත බවටද වාර්තා වෙනවා.

මේ කතාමාලාව The Andromedia Studios නම් ඔහුගේ නිල YouTube නාලිකාව තුලින් 2024 මුල නිකුත් කරන්න බලාපොරොත්තු වෙන බවට ඔහු විසින් ප්‍රකාශ කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්‍තර ඔහුගේ instagram ගිණුම හරහා දැනගන්න පුළුවන්. @oshadakaveeesha

ඉතින් ඔයාලත් මේ වගේ නිර්මාණ කරනවනම් අපිට එවන්න අපි ඒවට සහයෝගය ලබා දෙන්නම්

#SriCOM