Sherlock Holmes Day එකලු නේද අද🕵️♂️
සාමාන්‍යයෙන් ඔය Day ගැන ලොකුවට මතක හිටින්නෑ. කලාතුරකින් මතක තියන් හිටියත් ඒකත් අමතක වෙනවා.
ඉතින් මේ ෂර්ලොක් හෝම්ස් දිනය කියල නම් කරල තියෙන්නේ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් මහත්මයගේ උපන් දිනය දවස හැම අවුරුද්දෙම මැයි 22 වනදා අන්තර්ජාතිල ෂර්ලොක් හෝම්ස් දිනය ලෙස නම් කරල තියෙනවා.
“මම සලකන්නෙ මිනිස් මොලය කුඩා හිස් ගබඩාවක් කියල එය පුරවන්න ඕනෑ ඔබ තෝරාගන්නා භාණ්ඩ වලින්. මෝඩයෙක් තමන්ට හම්බෙන හැම ලට්ට ලොට්ටයක්ම ඒකට දාගන්නවා.එතකොට ඔහුට අවශ්‍යම දැනුම ඇහිරෙනවා. නැතිනම් අනිත් දේවල් සමග පැටලෙනවා එතකොට අවශ්‍ය දේ අතට ගන්න අමාරුයි.හොඳ කාර්මිකයෙක් තමන් මොළයේ ගබඩාවට දා ගන්නා දේවල් ගැන හුඟක් ප්‍රවේසම් වෙනවා. මිනිහාට තමන්ගේ වැඩ වලට අවශ්‍ය උපකරණ හැරුණු විට වෙනත් දේවල් අවශ්‍ය නැති නිසා ඒවා ඉතාම නිවැරදි පිළිවෙළට තියා ගන්නවා. මේ කුඩා කාමරයේ බිත්ති ඇදෙන සුලුයි හෝ ඕනෑ තරම් ලොකු කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක වැරදියි. ඒ නිසා අපි අලුත් යමක් ඇතුළු කරද්දී අපි දැන ගෙන හිටි තවත් යමක් අමතක වෙනවා. ඒ නිසා ප්‍රයෝජනවත් කරුණු වැඩකට නැති දේවලින් වසා නොදැමීම වඩා වැදගත්.”
ෂර්ලිගෙයි වොට්සන් duo එකේ ආතල්ම සීන් එක😂
Anyway ෂර්ලි කියන්නෙ Most Famous Detective Fictional Character of all time කියන එක නං වැරදි නෑනෙ.
Greatest Detective Character එක කියන්න පුලුවන් හැබැයි ඉතින් ඒක වෙනස් වෙනවනෙ😌
Sherlock Holmes Day එක දවසෙ හැමෝම කතා කරන Sherlock Holmes කතා ගැන අපි කතා නොකර ඉන්නම්. ඒ වෙනුවට අපි Sherlock Holmes ගැන තව ටිකක් Explore කරන්න දේවල් ටිකක් කියන්නම්.
මේ දේවල් ගැන අපි කලිනුත් කතා කරල තියෙනවා. ඔයාලා Sherlock Holmes Character එකට ආසයිනම් Sherlock Holmes character එක පාදක කරගෙන නිර්මාණය වුනු පරිගණක ක්‍රීඩා කීපයක්ම තියෙනවා.
• Crimes and Punishment
• Devil's Daughter
• Chapter One
• The Awakened
ඉතින් ඔය කියන ගේම් ටික පුලුවන්නම් Try කරල බලන්න. The Awakened එකනම් Remake එකක් විදියට මේ අවුරුද්දෙ release වුන ගේම් එකක්. ඒක play කරල ඉවර වෙලා මං වැඩි විස්තර දාන්නම්. ඒත් එක්කම ඔයාලට ෂර්ලිව අලුත් විදියකට දකින්න තව Recommendation එකක් විදියට Manga එකක් පාදක කරගෙන නිර්මාණය වුනු Moriarty The Patriot කියන Anime series එකත් Try කරල බලන්න ගායිස්.
මේ Series එක ගැනත් අපි කලින් ඔයාලට පෝස්ට් එකකින් විස්තර කිව්වා.
ඒත් එක්කම ඉතින් Sherlock Holmes Day එක දවසෙ අනිත් Detective Stories ටිකකුත් try කරානං හොඳයි කියල මට හිතෙනවා.
Earle Stanley Gardner ගෙ පොත්, අගතා ක්‍රිස්ටිගෙ පොත් ටිකකුත් කියවන්න ගත්තනං සුපිරි 😌❤️
හැබැයි ඉතින් Hercules Poirot ගෙ character එකටනං එච්චර කැමැත්තක් නෑ මගේ. Hercules Poirot නැති පොත් ටිකනං සුපිරි. Hercules Poirot කතා ටිකෙත් සමහර ඒවා මරු.
ඔය ටිකත් එක්කම Lupin කතා ටිකත් Try කරානං Noiceee😌
ඔයාලා Lupin ගැන දන්නැත්නම් අනිවා Lupin පෝ සෙට් එක ගැනත් හොයල බලන්න. ඒකෙදිත් ඔයාට අපේ ෂර්ලිව හම්බෙනවා වගේම Arsene Lupin vs Sherlock Holmes කියල වෙනමම Book එකකුත් තියෙනවා ඔයාලා කියවන්න කැමතිනම්.
Lupin ගැන කතා කරපු නිසාම Lupin Novel Series එක පාදක කරගෙන නිර්මාණය වෙන Lupin Series එකෙත් 3වෙනි Season එක ඔක්තෝබර් මාසෙ නිකුත් වෙනවා කියල Netflix ලා දැනුම් දුන්නා. ඉතින් ඔය series එකත් ඔයාලට ආතල් එකේ enjoy කරන්න පුලුවන් series එකක්.
ඔය හැමදෙයක් ගැනම උඩින් පල්ලෙන් කතා කරගෙන ආව නිසා අපි ලියපු Sherlock Holmes කතාව ගැනත් මතක් කරන්නම් ඉතින් නේද🌚
ඒ ලිය ලිය හිටපු කතාව නවත්තලා නෑ වගේම සෑහෙන දවසකින් මුකුත් දාන්න බැරි උනෙ පොඩ්ඩක් විතර වැඩ වැඩි වුන නිසා ගායිස්. ඒ හින්ද වැඩ ටික බැලන්ස් කරගත්ත ගමන් ඉක්මනට ඒකත් continue කරන්නම්.
Sherlock Holmes Character එක දැන් සම්පූර්ණයෙන්ම Public Domain වෙලා තියෙන්නෙ ඉතින්. ඉස්සරහට Sherlock , Watson ට මොන මොනවා වෙයිද දන්නෑ ඉතින්. අපි බලන් ඉමු.
ලන්ඩන් වීදි වල සැරිසරද්දි පරිස්සමෙන් මිත්‍රයා !
මාරක අනතුරක් අතලඟ...
මතු සම්බන්ධයි.
✍️ බ්ලැක්පැන්තර් • ශ්‍රී කොම්