ජනප්‍රිය ගායිකා ශකීරාගේ අඩි 21ක් උස ලෝකඩ පිළිරුවක් කොලොම්බියාවේ ඇගේ උපන් නගරයේ ඉදිකරයි

by The Sri COM

ජනප්‍රිය ගායිකා ශකීරාගේ අඩි 21ක් උස ලෝකඩ පිළිරුවක් කොලොම්බියාවේ ඇගේ උපන් නගරයේ ඉදිකරයි

Share

🗽| Shakira honored with 21-foot bronze statue in her hometown in Colombia.

ජනප්‍රිය ගායිකාවක් වන ෂකීරාගේ අඩි 21ක් උස ලෝකඩ පිළිරුවක් ඇයගේ උපන් නගරය වන කොලොම්බියාවේ බැරන්කිලා නගරයේදි පෙරේදා (28) දිනයේදී විවෘත කරන ලදී. තම රටේ ප්‍රසිද්ධියට ඇය දැක්වූ මෙහෙට එරට වැසියන් විසින් ස්තූතිය පුද කිරීමට මෙය නිර්මාණය කල බවටයි වාර්තා වන්නේ.

ඇයගේ “Hips Don’t Lie” සංගීත වීඩියෝවේ ඇති ඇයගේ ජනප්‍රිය ඉරියව්වට සමාන ලෙස මෙම ප්‍රතිමාව නිර්මාණය වී ඇත. එහි පාදමෙහි, ස්මාරකයේ ඇයගේ දායකත්වයට උපහාර දක්වන සමරු ඵලකයක් ඇත.

“සංයුක්ත හදවතක්, බොරු නොකියන උකුලක්, අසමසම දක්ෂතාවයක්, දරුවන්ගේ සහ මනුෂ්‍යත්වයේ යහපත උදෙසා ගමන් කරන ජනතාව සහ පාද චලනය කරන හඬක් (A heart that composes, hips that do not lie, an unmatched talent, a voice that moves masses and feet that march for the good of children and humanity)” යනුවෙන් එහි සඳහන් වේ.

මෙම ප්‍රතිමාව නිර්මාණය කර ඇත්තේ එරට ප්‍රවීන මූර්ති ශිල්පී යිනෝ මාකේස් සහ ඔහුගේ සිසුන් විසිනි. 30කට වැඩි පිරිසක් මෙම ප්‍රතිමාව සඳහා වැඩ කළ බවත් ඔවුන් එය මාස පහකින් නිම කළ බවත් මාකේස් කොලොම්බියානු රූපවාහිනී ජාලයක් වන RCN TV වෙත ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

මෙම ප්‍රතිමාව ෂකීරාට උපහාරයක් පමණක් නොව “බැරන්කිලා සහ කැරිබියන් හි සියලුම ගැහැණු ළමයින්ට සහ යෞවනයන්ට පණිවිඩයක්, ඔවුන්ට විශාල සිහින දැක එය සාක්ෂාත් කරගත හැකිය," බැරන්කිලා නගරාධිපති Jaime Pumarejo විසින් පිළිරුව විවෘත කිරීමේ උත්සවයට සම්බන්ද වි පවසා තිබෙන අතර එම උත්සවය සඳහා ඇගේ දෙමව්පියන්ටද ආරාධනා කර තිබෙනවා. පිළිරුව විවෘත කල දිනය ඇයගේ මවගේ උපන් දිනය වීමද විශේෂත්වයක්.

46 හැවිරිදි ශකීරා මේ පිළිබඳව සමාජ මාධ්‍ය සටහනක් තබමින් පැවසුවේ “මෙය මගේ කුඩා හදවතට ඕනෑවට වඩා වැඩියි (This is too much for my little heart)” යනුවෙනි.

Queen of Latin Music යන අන්වර්ත නාමයෙන් හඳුන්වන ෂකීරා හොඳම ලතින් පොප් ඇල්බමය (best Latin pop album) හිමි Grammy සම්මානය දෙවරක් සහ හොඳම ලතින් රොක්/විකල්ප ඇල්බමය (best Latin rock/alternative album) සඳහා ග්‍රැමී සම්මානයක් ඇතුළු සම්පූර්ණ Grammy සම්මාන 14ක් දිනාගනිමින් දෙවනියට වැඩිම Latin Grammy සම්මාන දිනාගත් කලාකාරිනිය වෙයි.

අඩි 21 උස ඉදිකල ඇගේ පිළිරුව