🔐| Shah Rukh Khan’s security cover increased to Y+ category after he allegedly received death threats.
ජනප්‍රිය බොල්වුඩ් නළු ෂාරුක් ඛාන් හට මරණ තර්ජන එල්ල වී තිබෙන අතර මෙම තර්ජන එල්ල වීමත් සමඟ ඔහුගේ ආරක්ෂාව Y+ කාණ්ඩයට වැඩි කරන මෙන් මහාරාශ්ට ප්‍රාන්ත රජය නියෝග කර තිබෙනවා.
Indian Express විසින් වාර්තා කරන පරිදි මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත බුද්ධි දෙපාර්තමේන්තුව (SID) විසින් ෂාරුක් ඛාන්ට Y+ කාණ්ඩයේ ආරක්ෂාවක් ලබා දෙන ලෙස සියලුම පොලිස් කොමසාරිස් කාර්යාල, දිස්ත්‍රික් පොලිසිය සහ විශේෂ ආරක්ෂක ඒකක (SPUs) වෙත නියෝගයක් ලබා දීලා තිබෙනවා. තත්වය සමාලෝචනය කිරීම සඳහා පැවති රැස්වීමකින් අනතුරුව තීරණය කල නිල ප්‍රකාශයේ සඳහන් වී ඇත්තේ, “වහාම ක්‍රියාත්මක වන පරිදි ෂාරුක් ඛාන්ට ආරක්‍ෂක පරිවාර පරිමාණයක් සමඟ Y+ ලබා දෙන්න” යනුවෙනි.
වාර්තා වලට අනුව, ශාරුක්ට Y+ කාණ්ඩයේ ආරක්ෂාවක් සපයනු ලබන අතර එයට කමාන්ඩෝ භටයින් හය දෙනෙකු, පොලිස් නිලධාරීන් හතර දෙනෙකු සහ රථවාහන නිෂ්කාශන (Traffic clearance) වාහනයක් ඇතුළුව ආරක්ෂක නිලධාරීන් 11 දෙනෙකු ඇතුළත් කර තිබෙන අතර
ඔහුගේ නිවස වන මන්නත් සහ ඒ අවට ප්‍රදේශයටද පොලිසිය යොදවා තිබෙනවා.
(ඉන්දියානු ආරක්ෂක අංශවලින් තනි පුද්ගලයන් සඳහා ලබාදෙන ආරක්ශාවන් කොටස් 6 කට වෙන් කර තිබෙනවා ඒ SPG, Z+ (highest level), Z, Y+, Y සහ X. යනුවෙනි)
එම ආරක්ෂක නිලධාරීන් පිරිස MP5 වර්ගයේ සහ AK 47 වර්ගයේ තුවක්කු වලින් සන්නද්ධව සිටිනු ඇති බවත් මෙම පිරිසට අමතරව ෂාරුක් ඛාන්ගේ පුද්ගලික ආරක්ෂක භටයන්ද ඔහුට ආරක්ෂාව සපයනු ඇති බවත් මහාරාෂ්ට්‍ර පොලිසිය ප්‍රකාශ කර ඇත.
ෂාරුක් ඛාන්ට ආරක්ෂාව ලබා දීමට තීරණය කළ කමිටුව නැවත වරක් රැස්වී එම තීරණය සමාලෝචනය කරන තෙක් දිගටම ඔහුට ආරක්ෂාව ලැබෙනු ඇතැයිද පැවැසෙයි.
Pathaan සහ Jawan චිත්‍රපට ලැබූ සාර්ථකත්වයත් සමඟ දුරකතන ඇමතුම් මාර්ගයෙන් තමාට මරණීය තර්ජන එල්ල වන බව ෂාරුක් ඛාන් පසුගිය 5 වැනිදා ලිඛිතව මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජයට ඉදිරිපත් කල පැමිණිල්ලකට පසු මෙය ක්‍රියාත්මක විය.
ෂාරුක් ඛාන් හට මීට පෙර 2010 වසරේදීද “My Name Is Khan” චිත්‍රපටියෙන් පසුද මරණ තර්ජන එල්ල වී තිබුනා.