වාර්තාවක් තබමින් ජවාන් කෝටි 1000 පසු කරයි.

by Yashitha Bhashana

වාර්තාවක් තබමින් ජවාන් කෝටි 1000 පසු කරයි.

Share

🎬| Shah Rukh Khan’s Jawan breaks records, grosses ₹1,000 crore at the global box office

Jawan චිත්‍රපටය ආදායම ඉන්දියානු රුපියල් කෝටි 1000 සීමාව පසු කරනවාත් සමඟම ඉන්දියානු සිනමා ඉතිහාසයේ පිට පිට චිත්‍රපට 2ක ආදායම කෝටි 1000 සීමාව පසු කල චිත්‍රපට 2ක ප්‍රධාන චරිතයට දායක වෙමින් ෂාරුක් ඛාන් නව වාර්තාවක් පිහිටුවයි.

ඒ පසු ගිය ජනවාරි මස නිකුත් වූ Pathaan චිත්‍රපටය සහ පසු ගිය සැප්තැම්බර් 7 වනදා නිකුත් වූ Jawan යන චිත්‍රපට ද්විත්වයම ඉන්දීය රුපියල් කෝටි 1000 සීමාව පසු කිරීමත් සමඟයි. ඉ.රු.කෝටි 1000 සීමාව කල ඉන්දියානු චිත්‍රපට ඇත්තේ 6ක් පමණක් වන අතර එයින් චිත්‍රපට දෙකක්ම ෂාරුක් ඛාන් ප්‍රධාන චරිතයට දායක වීම විෂේශත්වයක්.

ඒත් අතරම දමිළ චිත්‍රපට අධ්‍යක්ශකවරයෙකුගේ චිත්‍රපටයක් කෝටි 1000 සීමාව පසු කිරිමේ වාර්තාව Atlee Kumar විසින් තමන් සතු කරගෙන තිබෙනවා.

වැඩිම අදායම් ලද සහ ඉ.රු කෝටී 1000 සීමාව පසු කල චිත්‍රපට ලැයිස්තුව.

1️⃣ Dangal (2016) Hindi: ₹2,024 කෝටි.
2️⃣ Baahubali 2: The Conclusion (2017) Telugu: ₹1,810 කෝටි
3️⃣ RRR (2022) Telugu: ₹1,258 කෝටි
4️⃣ K.G.F: Chapter 2 (2022) Kannada: ₹1,250 කෝටි
5️⃣ Pathaan (2023) Hindi: ₹1,050.3 කෝටි
6️⃣ Jawan (2023) Hindi: ₹1,005.39 කෝටි

ඒ වගේම රු. කෝටි 1000 සීමාව පසු කල චිත්‍රපට 2ක් නිර්මාණය කල එකම අධ්‍යක්ශකවරයා බවට S. S. Rajamouli පත්වීමද විෂේශත්වයක්.